IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අල්කාසිම්හි ආසාධිතයා ඇසුරු කළ 65 ක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍ර‍‍‍‍‍‍දේශ වල සැගවී සිටි 65 ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට අද(9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
 
මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිම සිදුවුයේ පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගැනුන ආසාධිතයා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පිරිසක් බව  කියයි.
 
අදාල පිරිස අල්කාසිම් සිටි කොරෝනා ආසාධිතයා සමිපව ඇසුරු කර ඇති බවත් ඒ බව අදාල ආසාදිතයා වසන් කර තිබු බවදපුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා කියයි.
 
අදාල අල් කාසිම් සිටි කොරෝනා ආසාධිතයා ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා ගොස් මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමිනි අයකු බවද කියයි.
 
මෙම ආසාධිතයා සෞඛ්‍ය අංශ සෝයා ගැනිමට ප්‍රථම මන්නාරම තාරා පුරම් ප්‍රදේශයේ අවමංගලයකට බස් රථයකින් මෙම පිරිසත් සමග ගමන් කර තිබු නමුත් මේ සියල්ල වසන් කර තිබියදි ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කල සෝදිසි මෙහෙයුමකින් 9 දින සවස වන විට අනාවර්ණය කර තිබුනී.
 
අදාල පිරිස පොලිස් හා යුධ හමුදාව එක්ව සෞඛ්‍ය අංශ මැදිහත් වි පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එමෙන් යුධ හමුදා ආරක්ෂාව යටතේ  පසුව බස් රථ හතරකින්  පුනානි බලා පිටත් කිරිමට කටයුතු කල බව පුත්තලම 143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසිය.



අදහස් (17)

අල්කාසිම්හි ආසාධිතයා ඇසුරු කළ 65 ක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට

lalithm Thursday, 09 April 2020 07:06 PM

මේ මිනිස්සු තමන්ගේම වර්ගයා විනාශ මුඛයට ඇද දමන්න තරම් ම්ලේච්චයෝ නම් මොවුන් යම් ආගමික භක්තිකයින් යයි කියන්නේ කොහොමද? මොවුන් රටට සහ ආර්ථිකයට කරන හානිය ඔවුන්ගෙන් අයකරන්න ක්‍රම වේදයක් සකසන්න. හිතාමතා කරුණු වසන් කරන අයවලුන් යලි සමාජයට පිවිසෙන්න ඉඩ දීම නොකල යුත්තක්...

:       511       3402

Ferna Thursday, 09 April 2020 09:30 PM

මොවුන් රෝගීන් වෙන්නත් පුළුවනි.

:       0       123

de silva Friday, 10 April 2020 02:19 AM

ලලිත් එම් මහතාගේ අදහස මම අනුමත කරන අතර , මොවුන්ගේ අරමුණ මට පැහැදිලි නැත , මුලින්ම තමන් වටේ සිටින අනුගාමිකයන් සහ හිතවතුන් ගේ ජිවිත අනතුරේ දමල ඊට පස්සේ සෙසු රටවැසියන්ගේ ජිවිතත් අනතුරේ දමන්නේ කුමටද ?

:       1       87

dilan Friday, 10 April 2020 02:45 AM

මේ මිනිස්සු ඉන්න රටවල හැමදාම ප්‍රශ්නම තමයි

:       1       160

Anura Friday, 10 April 2020 02:50 AM

මොවුන්ට PCR පරීක්ෂණය කරලා රෝගය තියනවද නැත්ද කියල හොයල බලන්න බැරිද ? එතකොට ප්‍රශ්නය ඉක්මනින් ම ඉවරකරලා දාන්න පුළුවන් නේ ?

:       1       38

Helen Friday, 10 April 2020 03:15 AM

මේ අයට කොහොමත් ලොකු ආකල්පමය සහ බුද්ධිමය ගැටලුවක් තියෙන බව මේ බෝඩ් ලෑල්ල සාක්ෂි. වෙනම මනෝ රාජ්‍යයක මොවුන් ජීවත් වන්නේ. ඒ නිසයි සාමාන්‍ය තර්ක බුද්ධියට ගෝචර නොවන දේ මොවුන් කරන්නේ....

:       0       119

රජින්ද Friday, 10 April 2020 03:36 AM

මේ මුග්ධයින්ව පිටුවහල් කරන්න බැරිද?

:       24       266

Namuni Friday, 10 April 2020 05:58 AM

ලෝකෙටම එකම සරණ විද්‍යාව සහ තාක්ෂණය බව ඔප්පු වෙලා තියෙද්දිත් මානව පරිනාමයටත් නිගා දෙමින් හැසිරෙන ⁣සහ පාර භෞතික විශ්වාසයන්ගේ වහලුන් සේ ජීවත් වන මානව පරිනාමයේ ඓතිහාසික අත්වැරද්දක් වන මොවුන්ට අනුකම්පා කරන්න.

:       2       166

බිනර ඒ ගුණසේකර Friday, 10 April 2020 06:08 AM

මේ බොහෝ උදවිය ඉන්දුනීසියානු ආගමික උත්සවයකට සහබාගී වූ බවට සදහන් අය. ඉන්දුනීසියානු ජකාර්තා වැනි නවීන නගර ඉතා ඉහළ මට්ටමේ ආගමික අන්තගාමි නොවූ පිරිස් ජීවත්වන අතර ඉන්දුනීසියානු දූපත් සමුහයේ සමහර දූපත් ඉතා දරුණු ලෙස ශරියා නීතිය ක්‍රියාත්මක වන ආගමික අන්තවාදි අදහස් පතුරුවන ස්ථාන. මේ අයගේ ආගමික උත්සවය ගමනාත්තයන් වෙන්නේ මේ දූපත්. අපේ ශ්‍රීලංකන් ගුවන් සේවයත් මේ ආගමික කල්ලිවලට ආවඩන පිළිවෙතක් තමා ඉන්දුනීසියානු ගමනාත්තයන් වල දක්වන්නේ. කරුණාකර ත්‍රස්ත විමර්ශනය කරන උදවිය මේ ඉන්දුනීසියානු ආගමික ගමනාත්තයන් ගැන සොයා බලන්න. හැම ත්‍රස්තවාදීයාම එන්නේ මැදපෙරදිගින් නෙවේ. විවිධ මුහුනුවරින් පැමිණිය හැකිය. විශේෂයෙන් on arrival වීසා ක්‍රමවේදයත් මෙයට කෙලින්ම බලපානවා. ඉන්දුනීසියානු ගුවන් තොටුපළ හරිම විවෘත නිදහස් ස්ථානයක්. ඔවුන් අපේ රටෙන් යන අයගෙන් ආවේ කුමකටද කියා නිකමටවත් අහන්නේ නෑ.

:       0       170

AsankaFriday, 10 April 2020 07:39 AM

සහතික ඇත්ත.

:       0       74

පිටිගල මිලානෝ Friday, 10 April 2020 10:04 AM

අන්තවාදය කාගේ හෝ බලවතෙකුගේ වුවමනාවට සිරියාවේ සිට දකුණු චීන මුහුද දෙසට ව්‍යාප්ත වෙමින් පවතිනවා. නුදුරු අනාගතයේම අපිට පාරේ බැහැලා යන්න බැරිවෙයි බෝම්බ බියට.

:       37       6

rasika Friday, 10 April 2020 06:47 AM

පාඩම් කියාදී තිබෙන පිළිවෙලට තමා අනුගමනය.

:       0       58

පිටිගල මිලානෝ Friday, 10 April 2020 07:23 AM

මේ ජන කොටස නිරෝධායනය කරන්න ඕනේ උතුරු කොරියාවේ ක්‍රමයට.

:       237       252

Nalaka Friday, 10 April 2020 09:41 AM

අල් කාසීම් වගේ අරාබි නම් දාගන්න යන්න එහෙට. මේක ලංකාව.

:       103       52

සෙනෙවිරත්න Saturday, 11 April 2020 08:05 AM

වේවැල් පාරවල් දෙක බැගින් දීලා බස් එකට නංවන්න තිබුනේ. මේ නොපෙනන දෙවියන් අදහන මොඩයන්ට...

:       50       108

ඇසළ Saturday, 11 April 2020 11:09 AM

ඉන්දුනීසියාව කියන්නේ ක්‍රි .පු, 600 ගණන් වල තිබ්බ බෞද්ධ රටක්. ලෝකයේ තියන විශාලම වෙහෙර වහන්සේ බෝබදුර් තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මැද. නමුත් දැන් ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න රට වෙලා. අරාබි කාරයෝ ඒ රට ආක්‍රමණය කරලා ඉවරයි.

:       1       7

SamanSunday, 12 April 2020 11:52 AM

අපිටත් එහෙම වෙයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site