IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සිංගප්පූරුවේ විදෙස් ශ්‍රමිකයන් 20,000ක් නිරෝධායනයට

සිංගප්පූරුවේ සිටින විදේශීය ශ්‍රමිකයන් 20 000කට ඔවුන්ගේ නේවාසිකාගාර වලම රැඳී දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස එරට රජය නියෝග කර ඇත.

කම්කරු නේවාසිකාගාර වල කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

කම්කරුවන් 13 000ක් සිටින නේවාසිකාගාරයකින් රෝගීන් 63ක් ද කම්කරුවන් 6 800ක් සිටින නේවාසිකාගාරයකින් රෝගීන් 28ක් ද වාර්තා වී ඇත.

කම්කරුවන්ට තම කාමර වලින් පිටතට යෑම තහනම් කර ඇති අතර දිනකට දෙවරක් ඔවුන්ගේ උෂ්ණත්වය මැන වාර්තා කළ යුතුය.

ඔවුන්ගේ ආහාර කාමර වලටම ලැබෙන අතර උෂ්ණත්වමාන සහ මුහුණු ආවරණ ඇතුළු සනීපාරක්ෂක උපකරණ ද ලබා දී ඇත.

කෙසේවුවද පුන්ගොල් නේවාසිකාගාරයේ කම්කරුවන් පිරිසක් ස්ට්‍රේට්ස් ටයිමිස් පුවත්පතට පවසා ඇත්තේ ඔවුන්ගේ මධ්‍යස්ථානයේ කැරපොත්තන්ගෙන් පිරී ඉතිරී ගිය වැසිකිළි හා ආහාර සඳහා දිගු පෝලිම් ඇති බවයි.
මෙම නේවාසිකාගාර වල කම්කරුවන් අවම පහසුකම් යටතේ ජීවත් වන අතර එක් කාමරයක කම්කරුවන් 12ක් පමණ සිටින බවට වාර්තා වී ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසයි.
 
සිංගප්පූරුවේ විදේශීය ශ්‍රමිකයන් 284 000ක් පමණ ඉදිකිරීම් වැඩබිම් වල සේවය කරති.
මොවුන් බොහොමයක් ඉන්දියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඇතුළු දකුනු ආසියානු රටවලින් පැමිණි අය වේ.

සිංගප්පූරුව, කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්දව  ලොව පුරා ප්‍රශංසාවට ලක්වුවද මේ වනවිට රටපුරා රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

සිංගප්පූරු රජය පවසන්නේ කම්කරු නේවාසිකාගාර වලින් හමුවන රෝගීන් සංඛ්‍යාව ද ඉහල යමින් පවතින බවයි.
කම්කරුවන් ආරක්ෂාකාරීව තබා ගැනීමටත් ප්‍රජාව වෙත රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව රජය වැඩිදුරටත් පවසයි.

සිංගප්පූරුවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 1 309ක් සහ මරණ 06ක් වාර්තා වී තිබේ.

පාසැල් සහ අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර මේ සතියේ වසා දැමීමට සැලසුම් කර ඇති අතර ජනතාවට නිවෙස් වල රැඳී සිටීමට උපදෙස් දී ඇත.
රටපුරා අගුලු දැමීමේ ක්‍රියාවලිය හෙට(07) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සිංගප්පූරුවේ විදෙස් ශ්‍රමිකයන් 20,000ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1137 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2769 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 716 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site