IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මඩද? වැඩද?

මෙවර ජනාධිපතිවරණයේ නාමයෝජනාවලින් ඒ ඒ අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව කාටත් පැහැදිලිය. ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය පැවතුණේ පසුගිය සතියේය. ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව පැවැති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් සහතික කර ගැනීමට පොදුජන පෙරමුණට හැකි වූ අතර ඒ ජයග්‍රහණය ශ්‍රී ලනිපයත් සමඟ සම්බන්ධ කර බැලූ විට අතිවිශිෂ්ට එකක් බව ඉතාමත් පැහැදිලිය.

ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ සිංහල දිස්ත්‍රික්කවල ඡන්දදායකයන් අතරින් සියයට හැත්තෑවකට ආසන්න ගණනක් සිටින්නේ පොදුජන පෙරමුණ සහ  ශ්‍රී ලනිපය ඇතුළු  සන්ධානයට බවය. අනෙකුත් ප්‍රදේශවල තත්ත්වයත් මේ ප්‍රතිඵලයට සමානකමක් දැක්වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයගැනීමට විශාල ඉඩක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පැවසීම නිවැරැදි යයි මම සිතමි. ජනාධිපතිවරණයකට ආණ්ඩුව පැත්තේ අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්වීමේදී ඇත්තේ වාසියකට වඩා අවාසියක් බව ඇල්පිටියේ මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙන එක් විශේෂ කාරණයක්ය.

ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරක වැඩසටහන් දෙතුන් පැත්තෙන්ම මෝදුවෙමින් පැවතුණත් ඒ සමහර ප්‍රචාරක වැඩසටහන් තනිකරම පදනම් වන්නේ හුදු අපහාස හා මඩ ප්‍රචාර මත බව මාධ්‍ය දෙස බැලූ විට පෙනී යන ප්‍රධාන දෙයක්ය. සමහර කථිකයෝ උත්සාහ ගන්නේ 2015 ජනවාරිවාරිවරුන්ගේ නිර්මාණයන් වූ ‘අතේ රෝල්’ ලෙසින් ගොඩනඟා ගත් දේශපාලන අලංකාරික නැවත නැවතත් සමාජයට විසි කිරීමට මිස කිසිම ආකාරයක කරුණක් ඉදිරිපත් කිරීමට නොවේ. බොරු කියන සහ අපහාස කරන දේශපාලනයට මාධ්‍ය අවකාශයේ යම් තැනක් ලැබුණේ 2015 ජනාධිපතිවරණයේදී බව පැහැදිලි කාරණයක් වුවත් ඒ ආකාරයෙන්ම තවදුරටත් සමාජය රැවටීමේ ඉඩක් දැන් නැති බව මේ බොහෝ අය තවම දන්නේ නැත. එකම ආකාරයකට දෙපාරක් ගුවන් යානයක් ‘හයි ජැක්’ (පැහැර ගැනීම) කළ නොහැකිවාක් මෙන් එකම බොරුවෙන් දෙතුන් පාරක් ජනතාව රැවටිය නොහැකි බව මගේ අදහසය.

මේ සටහනින් මා බලාපොරොත්තු වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී සාකච්ඡා අවකාශයේ අවධානයට ගත යුතුයැයි මට සිතෙන කාරණා කීපයක් මතු කිරීමය. විශේෂයෙන්ම අපහාස හා මඩ ගැසීම්වලින් තොර දේශපාලන සාකච්ඡාවක් සඳහා කරුණුමය වශයෙන් සවිමත්වීම ඉතාමත් අවශ්‍ය කාරණයක් බව මගේ යෝජනාවය.

මේ  ජනාධිපතිවරණයේ  අවධානයට  ගත යුතු පළමු වැදගත් කාරණය ලෙසින් මා දකින්නේ ප්‍රධාන දේශපාලන ධාරාවේ සිටින අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන දේශපාලන බලවේග නිශ්චිතව තේරුම් ගැනීමය. මේ ජනාධිපතිවරණයේ සජිත් මහතා තරග කරන්නේ පවතින ආණ්ඩුවේ අපේක්ෂකයා වශයෙන් වන අතර ගෝඨාභය මහතා තරග කරන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ ජන බලවේගයේ අපේක්ෂකයා ලෙසින්ය. මේ බෙදීම නිවැරැදිව ස්ථාන ගත කර ගැනීමෙන් විසඳාගත හැකි ප්‍රශ්න රාශියක් ඇති බව මගේ මතයය.

මුලින්ම මේ බෙදීම මගින් පෙන්නා දෙනු ලබන ප්‍රධාන කාරණයක් වන්නේ 2015 සිට මේ දක්වා පවතින ආණ්ඩුවේ වගකීම භාර ගන්නා අපේක්ෂකයකු මේ තරගය තුළ නිසි ආකාරයෙන් ස්ථානගත කර ගැනීමය. ඒ කියන්නේ පසුගිය වසර 5 පමණ කාලය පුරාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන ගිය මේ ආණ්ඩුවේ ශේෂ පත්‍රයට (Balance Sheet) මේ ජනාධිපතිවරණයේදී වග කියන්නේ කවුරුන්ද යන කාරණය පැහැදිලි කර ගැනීමයි.

ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේම අනෙක් අයගේ පව්වලට කර ගහන තැනකට ඒ මහතා පත් කිරීමට බව සමහරුන් කියා තිබුණේ ඒ දවස්වලමය. ඒ කෙසේ වෙතත් දැන් තරග බිමේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඒ මහතාට ඡන්දය පාවිච්චි කිරීම මගින් මේ ආණ්ඩුවම ඉදිරියට ගෙන යා හැකි බව       අගමැතිතුමා කීප විටක් ප්‍රකාශ කර තිබූ බවත් අපගේ අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. අගමැතිතුමාගේ පැත්තෙන් ප්‍රකාශ නිකුත් කරන සමහරුන් කියන්නේ ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේම වත්මන් අගමැතිතුමාම ඒ තනතුරේම තබා ගැනීම සඳහා එකඟතාවද ලබා ගනිමින් බවයි. ඒ එකඟතාව පිළිබඳව වූ ප්‍රකාශය එජාපයේ පක්ෂ සම්මේලනයටද ඉදිරිපත් කළ බව අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මීට සති කීපයකට කලින්ය. අනෙක් අතට මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සභිකයන් බොහෝ විට සංවාදවලට හෝ පුවත්පත් සාකච්ඡාවලට පැමිණ කියන්නේ ඒ අයගේ ආණ්ඩුවේ ‘ඉතිරි ටික’ හොඳින් කරගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බවයි. ඒ අර්ථයෙන් බලන විට ආණ්ඩුවේ වසර පහක කෙරුවාව පිළිබඳව ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ පළමු අවස්ථාව මේ ජනාධිපතිවරණය යැයි සිතීමේ වැරැද්දක් නැත.

මේ කාරණය නිවැරැදිව ස්ථානගත කරගත්විට අපට හමුවෙන ඊළඟ වැදගත් කාරණය වන්නේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ දවස්වල කියන දේවල්වල තිබෙන අපැහැදිලි සහගත තත්ත්ව කීපයක් පිළිබඳවය.
ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ අපේක්ෂකත්වය දරන ගමන්ම තමන් ආණ්ඩුවට පත්වුවහොත් මෙසේ කරන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවලින් කියවෙන විට එය තේරුම් ගන්නේ කෙසේදැයි කාටවත් වැටහෙන්නේ නැති බව මගේ අදහසය. මෑත දිනක ඒ මහතා කතාවකදී කීවේ ‘නොවැම්බර් 16 වැනිදායින් පසුව පොදුජන ආණ්ඩුවක්’ හදන බවය. මේ දවස්වල එතුමා ඇමැතිවරයකු ලෙසින් සිටින වර්තමාන ආණ්ඩුව ‘පොදුජන’ ආණ්ඩුවක් නොවන්නේ ඇයිදැයි කියා හෝ එසේ නොවන ආණ්ඩුවක එතුමා සිටින්නේ ඇයිදැයි කියා හෝ ඔහු කොහේදිවත් පැහැදිලි කරන්නේ නැත. මේ කතා තුළින් පෙන්නුම් කරන්නේ එතුමා එකවිටම ආණ්ඩුවේ අපේක්ෂකයා වෙන්නට උත්සාහ දරන ගමන් ආණ්ඩුවට විරුද්ධ පිලක සිටිනවා වැනි අදහසක්ද සමාජගත කරන්නට උත්සාහ ගන්නා බවයි. මේ වැනි දෙගිඩියාවකට කියන්නේ දේශපාලන අවස්ථාවාදය කියා දැයි මා දන්නේ නැත. එහෙත් රටට පෙනී යන්නේ තමන්ගේ දේශපාලන ස්ථාවරය හරියටම ස්ථානගත කරගැනීමට නොහැකියාව හෝ එසේ ස්ථානගතවී ඇති තැන වසා පෙන්නීමේ වුවමනාව විසින් මේ අවුල ගොඩනඟන බවයි.

මේ සාකච්ඡාවට සම්බන්ධව මීළඟට වැදගත් වන කාරණය ලෙසින් මා දකින්නේ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙසින් මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථානගත වන්නේ (ස්ථාන ගත විය යුත්තේ) කුමන ස්ථානයකද යන කාරණයය. ගෝඨාභය මහතාගේ දේශපාලන ආගමනය අලුත්ම පක්ෂයකින් සිදුවුණත්, ඒ මහතා මීට පෙර කිසිම ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක නොසිටි නමුත් ඒ මහතාගේ දේශපාලනය සමඟ 2005 සිට 2015 දක්වා ආණ්ඩුවේ දේශපාලනය සම්බන්ධ වන බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. එම කාලය තුළ සිදුවූ ප්‍රධානතම දේශපාලන සිදුවීම වූ යුද්ධය ජයග්‍රහණය කිරීම සහ රටේ සංවර්ධන ක්‍රියාමාර්ගවලට ඍජුව සම්බන්ධවීම යන කාරණා මෙහිදී ඉතාමත් කේන්ද්‍රීය බව මගේ අදහසයි. ඒ අර්ථයෙන් ගත්විට 2015 සිට විපක්ෂයේ දේශපාලනය කරන ප්‍රධාන බලවේගයේ අපේක්ෂකයා වශයෙන් ආණ්ඩුවේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක ඍජුවම තමන්ගේ දේශපාලනය පිහිටුවීම ඉතාමත් වැදගත් කාරණයක්ය. වෙනත් ලෙසකින් පැවසුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන පදනම නියෝජනය කළ යුත්තේ 2015 ආණ්ඩුවේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තේ බවයි. ඒ කියන්නේ ඒ මහතා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එජාපයේ දේශපාලනයට සහ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව බවයි. එජාපයේ දේශපාලනය පසුගිය වසර පහකට ආසන්න කාලයක් පුරාවට ගෙන ආ දේශපාලන ගමන් මාර්ගය හා දේශපාලන උපාය මාර්ගවලට සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගැනීම ගෝඨාභය මහතාගේ පැත්තෙන් අනිවාර්ය කාරණයක් වන්නේ ඒ නිසාය. එජාපයේ ආර්ථික වැඩපිළිවෙළ - එජාපයේ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ එජාපයේ විදේශ පිළිවෙත වැනි අංශ කීපයකින්ම ගෝඨාභය මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා වෙතින් වෙනස් විය යුතු බව මගේ මතයය.

දැන් මේ ප්‍රධාන ස්ථානගතවීම් දෙක මත පිහිටමින් සිදුකරන පළල් දේශපාලන සංවාදයක් හරහා සිදු කරන ප්‍රතිපත්ති සංවාදයක් මේ ජනාධිපතිවරණ  දේශපාලනයේ පදනම බවට පත්විය යුතු බව මගේ අදහසයි. එසේ නොවෙමින් හුදු පැරණි කතාවලින් වැසී ගිය මඩ ගොහොරුවක් බවට මේ දේශපාලන තත්ත්වය හරවා ගැනීම මගින් සිදුවන්නේ මීළඟ දේශපාලන වෙනස පිළිබඳව සමාජයේ සිදුවිය යුතු සාකච්ඡාව අප තුළින් ගිලිහී යාමය. එසේම රටේ ජනතාවගේ ඡන්ද බලය උරගා බැලීම ඒ අයගේ අවධානයට යොමු කළ යුතු බොහෝ මාතෘකා මගහැරී යාමය.

මඩින් නොව ගොඩින් දේශපාලනය කළ යුතු යැයි කියන්නේ මේ තත්ත්වය පරාජයට පත්කරමින් කරුණුමය වූ දේශපාලනයක් ගොඩනැගීම සඳහාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්



අදහස් (18)

මඩද? වැඩද?

Rasika Pradeep Thursday, 17 October 2019 08:48 AM

ඉතා හොඳ විග්‍රහයක් ආචාර්යතුමා කරලා තියෙන්නේ. මෙතැනදී අවසාන ප්‍රතිඵලය තීරණය කරන වඩාත්ම වැදගත් සාධකය වෙන්නේ එක එක අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිමය දැක්ම සහ එය සමාජගත කරන ආකාරයයි. සමාජීය විශ්වාසනීයත්වය දිනාගැනීමේදී ඔවුනොවුන්ගේ අතීත දේශපාලන භාවිතය වැදගත් සාධකයක් වෙයි. සජිත්ගේ සමහර පරස්පර විරෝධී ප්‍රකාශයන් සහ ඔහු වටා එකතු වී සිටින අන්තවාදී දේශපාලන නායකයන් නිසා පවතින තත්වයන්ට අනුව ගෝඨාභය මේ සටනේ ගොඩක් පෙරමුණේ සිටින්නේ... රනිල් සහ සජිත් කියන දේශපාලන සාධක දෙකම එකක් බව දැන් මිනිස්සුන්ට පැහැදිලියි.

:       194       809

රජින්ද Thursday, 17 October 2019 08:52 AM

ගෝඨා, දෙමළ සංධානයට ශ්‍රී ලංකාද්වීපය වහල්කමට ගැනීමට ඉඩ නොතබන බවක් පෙනී යන අතර එය 'බුද්ධිමත්' තරුණ සහ උත්තම සිංහලයින්ගේ ප්‍රබෝධයටත් ඒ හේතුවෙන් එම සිංහලයින්ගේ සිත් තුළ තමන්ගේ වර්ගයා වෙනුවෙන් ඉදිරිපත්වන මෙම නායකයාට මේ මොහොතේ රාජ්‍ය බාරදීමට තවත් වටිනා හේතුවක් එක්වනු ඇත...

:       178       815

max Thursday, 17 October 2019 12:32 PM

සජිත් ප්‍රේමදාස මහතා මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයෙක් නොවෙයි කියලා ඡන්දදායක අපට පෙන්වන්නයි ඔහු උත්සාහ කරන්නේ... එ්ක හරියන්නේ නැහැ ඇමැතිතුමා. ජිනීවා පාවාදෙද්දී, හම්බන්තොට විකුණද්දී, මත්තල වී දාද්දි, මහ බැංකුව කොල්ල කද්දී, ආර්ථිකය විනාශ කරද්දී, රණවිරුවන්, හාමුදුරුවන් හිරේ දාද්දී, සහරාන් ඇවිත් ඔලුවටම දීලා යද්දී වැනි අට අනුවක් ද්‍රෝහී ක්‍රියා මේ රටට එරෙහිව මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරද්දී මෙතුමා හිටියේ කොහෙද කියලා සාධාරණව හිතන්න පුළුවන් ඡන්ද දායකයා දන්නවා.

:       229       641

Rasika PradeepThursday, 17 October 2019 01:07 PM

මේ දන්නැති හින්දයි අහන්නේ, ඇත්තටම කොහෙද හිටියේ. ඇඳ යටද?

:       207       401

chanduThursday, 24 October 2019 11:24 AM

යාලේ දිවියන් බලන්න යනවනේ... මිනිහට කොහෙද රට ගැන බලන්න වෙලාවක්...

:       56       18

Kamal Friday, 18 October 2019 07:14 AM

මේ රටේ සිහි බුද්ධියක් තියන කිසිම කෙනෙකුට බෑ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් මනාපය දෙන්න...

:       325       219

dayan Friday, 18 October 2019 10:59 AM

පහුගිය අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට අගාධයට ගෙනගිය පක්ෂ වල අයට මේ තරම් කඩේ යන්නේ මොකද? මේ අපේක්ෂකයන්ට තියෙන හැකියාවන් මොනවද මේ රට ඉදිරියට ගෙනියන්න. යුද්ධ කලාට ගෙවල් හැදුවට රටක් සමෘධිය කරා ගෙනයන්න මේ අයට තියෙන හැකියාව සහ ඉදිරි දැක්ම මොකක්ද බලලා ඡන්දෙ දෙන්න. පස්සේ එම අයට දොස් කියල වැඩක් නැහැ.

:       196       294

Edwin Sunday, 20 October 2019 05:06 PM

සජිත්ට සහජයෙන් ලැබුණු ප්‍රායෝගික විඥාණයක් තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනය ලැබූ අතළොස්සක් වූ දේශපාලකයින්ගෙන් දෘශ්‍යමාන නොවූ එමෙන්ම ඔහුගේ පියාට පමණක් උරුමව පැවති විශේෂ කුසලතාවයක් බව ඔහුගේ ජයග්‍රහණයට පෙර මෙසේ ලියා තබමි. ඔහුගේ ජය මෙරට දුගී දුප්පත් මිනිසාගේ ජයග්‍රහණයයි. රටේ, ජනතාවගේ සහ මුළු මහත් රටේම ජයග්‍රහණයයි.

:       280       312

ChandiSunday, 20 October 2019 06:26 PM

හීනෙන් තමයි!!

:       131       114

ශිරෝMonday, 21 October 2019 07:32 AM

සජිත්ට සහජයෙන් ලැබුණු ප්‍රායෝගික විඥාණයක් කෙසේද යත් මේ රටේ ජනතාව යම්තාක්දුරට ගොනාට ඇන්දවීමේ හැකියාවක් ඔහුට ඇත. ඔහු බොහෝවිට අමතන්නේ දේශපාලනය පිළිබදව සබුද්ධික නොවූ ජනමනසටය. අනවශ්‍ය විශේෂණ පද අනවශ්‍ය ප්‍රමාණයට යොදමින් ඔහු කරන කතා හුදෙක් කයිවාරු පමණක් වන අතර එම කතාවලට පැහැදිළි පදනමක් නොමැත. අනෙක් සියලුම දෙයට අමතරව දේශපාලන සාක්ෂරතාවයෙන්ද ජනතාව තුන්වන ලෝකයේ තබන තාක්කල් ඔහු වටාද පිරිසක් සිටිනු ඇත. දුගී දුප්පත් ජනතාව වැඩිවනතාක් ඔහුට හොඳ ඉල්ලුමක් ඇත. දුප්පතුන්ට ඔහුගෙන් මාලු මිස බිලී පිත්තක් කිසිදිනක නොලැබෙනු ඇත. වැඩවලට වඩා දස ගුණයකින් ශෝ එක ඔහුට අවශ්‍යමය.

:       165       349

EdwinMonday, 21 October 2019 10:23 AM

ශිරෝ ඔබේ අදහස් අගය කරමි. සජිත්ට සහජයෙන්ම ප්‍රායෝගික මෙන්ම ජන විඥාණයක්ද ඇති බැවින් ඔහු තුළ ජනතාව ආකර්ෂණය කරගැනීමේ දක්ෂතාවය සාපේක්ෂව නොඅඩුව පවතී. කෙසේවුවද ජයග්‍රහණය සැමරීම සඳහා නොවැ 17 දින අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමි.

:       121       155

ඉනෝකාMonday, 04 November 2019 07:13 AM

මොලේ අඩු අයගේ කයිවාරුව කොහොමත් වැඩියි.

:       0       0

chandiTuesday, 22 October 2019 04:49 PM

මොන බොරුද හලෝ, සජිත් කතා කරනකොට ගෙවල්වල ටී.වී., රේඩියෝ වල ශබ්දය, අඩු කරනවා ස්පීකර් , පැලෙයි කියන බයට.

:       141       116

lelwala Monday, 21 October 2019 12:00 AM

බඩ ගැන නොසිතා රට ගැන සිතන්න කාලය එළඹී ඇත.

:       65       56

චන්දා Monday, 21 October 2019 07:16 AM

ලංකාවේ මිනිස්සුන්ව පසුගිය වාරයේ ඡන්දෙට පෙර යහපාලනේ රසකර ජනතාව ඇන්දුවේ එකීමෙකී මාධ්‍ය කාරයෝ එවුන් වැඩිදෙනෙක් කතෝලික හෝ ක්‍රිස්තියානි අදහන්නන්...

:       25       23

parakkrama Monday, 21 October 2019 07:42 AM

පසුගිය පාලන සමයේ යම් ක්‍රියාකාරකම් හේතුකරගෙන අපේ රට හිරවූ ණය කන්දරාවෙන් තාම ගොඩ ගියේ නැති නිසා ඉතා අමාරුවෙන් රටත්, ආර්ථිකයත් නඩත්තු කරගෙන ගිය බව යමෙකු නොපිළිගන්නේ නම් එය උගුරට හොරා බෙහෙත් කෑමක් බව පෙනේ. මේ තත්ත්වය යටතේ ඊට පිළියම් ලෙස පිළිගත හැකි ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලක් ඉදිරිපත් වන්නේ නම් යෙහෙකි. බලයට පැමිණීමට මෙතරම් වලිකන්නේ හුදෙක් රට ගැන ඇති අවංක චේතනාවෙන්ද, නැතිනම් තමතමන් වැටී ඇති මඩ ගොහොරුවෙන් ගොඩවිත් සැනසුම් සුසුම් හෙලීමටද, නැතිනම් පරණ පුරුදු ක්‍රීඩාවේ යෙදීමටද යන්න ගැන, මනාපය ප්‍රකාශ කිරීමට පෙර, අපත් ගැත්තන් නොවී, රට ගැන සිතා, ඒ පැත්තත් මේ පැත්තත් ගසාගන්නා මඩවල පැහැය, ගඳ සුවඳ පසෙක ලා, සැලකිල්ලෙන් විමසා බලා තීරණය කිරීම හොඳයි.

:       35       11

lalithm Monday, 21 October 2019 08:58 AM

ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ට පැයක දෙකක රූපවාහිනී විවාදයකට එන්න කිව්වා නම් ඔය ඔක්කොම කතාවල ඇත්ත බලාගන්න තිබුණා...

:       1       22

රවී Tuesday, 22 October 2019 09:47 AM

අපේ මිනිස්සු හැමදාමත් හොයන්නේ කයිවාරුකාරයන්ය. සමහරු කයිවාරු අසා හුරේ දැමීමටද සැදී පැහැදී බලා සිටී. වැඩකාරයාගේ කයිවාරු අඩුය. වැඩ වැඩිය. කයිවාරුකාරයාගේ වැඩ අඩුය. කතා වැඩිය. ලෝකයේ දියුණු රටවල නායකයෝ කතාවේ අති දක්ෂයෝ නොවෙති. ඔවුහු වාද විවාද නොකතරති. වැඩ කර පෙන්වති. එක්තරා ඡන්ද අපේක්ෂකයෙකුද හොද කයිවාරුකාරයෙකි. වැඩ වල කිසිම කොලිටියක් නැත. කතාවේද ගන්නට දෙයක් නැත. ඔහුගේ කතා අසනවිට නාට්‍යක් බලනවා වැනිය.

:       155       124

ඔබේ අදහස් එවන්න

කොලම

අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 7 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 155 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 300 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 94 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 291 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 893 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site