(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා වන ‘සන් මැච් සමාගමේ’ ‘සූර්යා’ සන්නාම තානාපතිනිය ලෙස ප්‍රවීණ සහ සම්මානලාභී රංග ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය ගිවිසුම්ගත වූවාය.
ලී නිමැයුමෙන් පැවැති ගිනිකූරු ඉටි ආලේපිත ගිනිකූරක් බවට පත්කරමින් ශ්‍රී ලාංකිකයන්ට වැඩි ආරක්ෂාවක් සැපයූ ‘සූර්යා’ ගිනිපෙට්ටි මේ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත්ව ඇති අතර ‘සන් මැච් සමාගම’ මේ වන විට ශරීරයට හිතරක සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කුරූ හා විවිධ ප්රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම් නිෂ්පාදනය කර ජනතා ආකාර්ශනය දිනාගෙන තිබේ.
එම සමාගම ඉදිරියේදී සුවඳ කුරූවලට සමගාමී නිෂ්පාදන කීපයක් ද වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබේ.
යශෝධා විමලධර්ම මෙනවියට ‘සූර්යා’ සන්නාම තානාපති තනතුර නිල වශයෙන් ප්‍රදානයේ කිරීමේ උත්සවය ‘සන් මැච් සමාගමේ’ සභාපති සූරි රාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹදී පැවැත්විණි.
එහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ගෞරි රාජන් මහත්මිය පැවසුවේ යශෝධා විමලධර්ම සහ ‘සන් මැච් සමාගම’ අතර නව සංකලනයත් සමඟ තව දුරටත් විශ්වාසනීයත්වයෙන් පාරිභෝගික ජනතාව අතරට ළඟා වන බවයි.
යශෝධා විමලධර්ම මෙනවිය පැවසුවේ බුදුන්ට පහන් දැක්වීමේදී එසේත් නැත්නම් ක්‍රිස්තියානු ආගමේදී ඉදිපන්දම් දැක්වීමේදී ‘සූර්යා’ සන්නාම ගිනි දැල්වීමට එහා ගිය ආධ්යාත්මක සහනයක් ලබාදෙන බවත් වසර 37 ක රංගන ජීවිතයේදී රසිකයන්ට හොඳ දේවල් දුන් තමන් සූරියා නිෂ්පාදනවල ගුණත්වය පිළිබඳව අවදානය යොමුකර සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කිරීමට අදහස් කළ බවත්ය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සූර්යා’ සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම
කමනි Thursday, 23 March 2023 03:29 PM
Brand Ambassador කියන වචනයට 'සන්නාම තානාපති'. කවුරු හදපු නමක්ද මන්දා! තානාපතිලා ඉන්නේ රට රටවල්වලග
Senaka Thursday, 23 March 2023 10:35 PM
අතීතය මතක් වුනා. දූදරුවෝ කාලේ සිහිවුනා. ඇයගේ රංගන හැකියාව අති විශිෂ්ඨයි. බොලඳ ප්‍රේම නාට්‍ය වලට සහ වත්මන් රංගන ශිල්පිනියන්ට ඇයගෙන් උගත හැකි දේ බොහොමයි.
RathneFriday, 24 March 2023 03:57 PM
අනිවාර්යෙන්. සුන්දරම කාලයක් ඒ. දැන් ඇයගේ රංගන දායකත්වය දකින්න අඩුයි. අපි රූපවාහිනියෙන් ඈත් වෙලා නිසාද මන්දා.
Norma Friday, 24 March 2023 09:57 AM
පහුගිය අවුරුද්දේ අපි මේවා භාවිත කිරීමෙන් ඉවත් වුනා . හරිම සවුත්තුයි මේව.