සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය.
සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්රයත්න, නවෝත්පාදන සහ සාර්ථකත්වය වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් බව එම බැංකුව සඳහන් කරයි.
මෙහිදී #ResponsibleMe වැඩසටහනට විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන - ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign - CSR category) කාණ්ඩය සහ සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙළින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය.
‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්‍රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්‍ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම් සහ ක්‍රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022 සම්මාන උළෙලේදීද #ResponsibleMe වැඩසටහනට රිදී සම්මානයක් හිමිවීම විශේෂත්වයකි.
ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්‍ය හරහා සාම්ප්‍රදායික මතවාද නිර්භීතව ආමන්ත්‍රණය කරමින් ජනතාවගේ හදවත්වලට සමීපවීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.
595
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෙලාන් බැංකුවට SLIM DIGIS 2.2හිදී සම්මාන තුනක්