ගෝලීය කොරෝනා වසංගතයෙන් වසර පුරා පැන නැගී ඇති දැඩි අභියෝග මධ්‍යයේ වුව ද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සිය විශිෂ්ටතම මූල්‍ය වර්ෂය වාර්තා කර ඇතැයි එම සමාගම කියයි. එමෙන්ම බදු ගෙවීමට පෙර ලාභයේ සියයට34 ක වර්ධනයක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම අත්කරගෙන තිබෙන අතර එම ලාභය පසුගිය වසරේ දී රු. බිලියන 2.67කි. බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරට වඩා සියයට43 කින් ඉහළ ගොස් තිබෙන අතර එම ලාභය රු. බිලියන 2.2 කි.
2020/21 මූල්‍ය වර්ෂය තුළ කාලෝචිත ලෙස සමාගම මගින් 60,000 ක ණය පමා සහන කාලයක් ලබා දී තිබීම නිසාත් මෙවැනි අර්බුදකාරී වතාවරණයක් හමුවේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යපාර හා ක්ෂුද්‍ර ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසාත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම ඉමහත් පාරිභෝගික ප්‍රසාදයට ලක්ව ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC), රථ වාහන මූල්‍ය, කෘෂි මූල්‍ය, පෞද්ගලික ණය, රන් ණය සහ ෆැක්ටරින් ඇතුළු සේවා රැසකින් සමන්විත වේ. ක්‍රෙඩිට් කාඩ් සේවාව සක්‍රීය කිරීමත්, සමඟ මූල්‍ය සේවා නුදුරු අනාගතයේ දී වැඩි දියුණු වනු ඇති අතර ipay වැනි ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මගින් ඩිජිටල් බැංකු මෙහෙයුම් වැඩි දියුණු කිරීමට ද කටයුතු දියත් කරයි. CLCහි සාර්ථකත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් නවතම ශාඛා 10 ක් ඉදිරි මූල්‍ය වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිතය.
සමාගමේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් CLC අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. ‘‘අර්බුදකාරී වසරක් මධ්‍යයේ වුවද ඉහළම ලාභයක් අත්පත් කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි. තවද මෙම අර්බුදකාරී වාතාවරණය, අහිතකර ලෙස බලපෑ අපගේ ගනුදෙනුකාර භවතුන්ට සහයවීම ද මෙවැනි විශිෂ්ටත්වයක් ලබා ගැනීම සඳහා හේතුවක් විය. සමාගම් ප්‍රාග්ධන පදනම රු. බිලියන 21 ක් වන අතර එය අවම නියාමන අනුපාතය වන සියයට6.5ට සාපේක්ෂව සියට22.25 ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක්. අප වඩාත් උත්සහ කරන්නේ තිරසාර ආකාරයකින් ලාභයේ වර්ධනයක් ලබා ගැනීමටය. ”
2020/21 දී සිදුකරන ලද කැපී පෙනෙන කාර්යසාධනයෙන්, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) ලෙස තම අනන්‍යතාවය ශක්තිමත් කරගත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම මගින් LOLCසමූහයේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.
LMDවඩාත් කීර්තිමත් වෙළෙඳ සන්නාම 50 අතරට CLC ඇතුළත් වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ සමාගමක් ලෙස ද ලැයිස්තු ගත කර ඇත. CLCයනු ICRA Lanka ලිමිටඩ් විසින් SL (A) ස්ථාවර ශ්‍රේණිගත මූල්‍ය සමාගමකි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ඉහළ ලාභයක් වාර්තා කරයි