IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇට්ලස් SLIM සම්මාන දිනයි

ඇට්ලස්, අඛණ්ඩව 3 වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය පිළිගත් අතර, සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා යන මහත්ම මහත්මීන් සමග ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමේ සාමාජික පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

මීට අමතරව තරුණ පරපුරේ තේරීම අනුව වසරේ විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරට එක්වීමටද සමාගමට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. සමාගම වෙත මෙම ඇගයීම හිමිවීම තමන්ට මහත් සතුටක් හා ගෞරවයක්. “දිවයිනේ ප්‍රමුඛතම පාසල් සැපයුම් සන්නාමයක් ලෙස අප දශක 6 කට අධික කාලයක් තිස්සේ රටේ දරුවන්ට හොඳම දේ ලබාදුන්නා. වර්තමානය වනවිට අප හුදෙක් ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා අලෙවියෙන් ඔබ්බට ගොස්, විවිධාකාර අධ්‍යාපන උපකරණ, අන්තර්ගතයන් හා අත්දැකීම් ඔස්සේ සන්නාම ප්‍රතිඥාව ඉටුකරන ඉගෙනුම් සන්නාමයක් බවට පත්වී තිබෙනවා. අපගේ නිෂ්පාදනවලට සහ සමාජ සත්කාරයන්ට මූලික පදනම වන්නේ ‘ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම’ යන අරමුණයි. නිෂ්පාදන කටයුතු හා නවෝත්පාදනය සම්බන්ධ අපගේ දැක්ම ඔස්සේ අපගේ නිෂ්පාදන එකතුව, ඉගෙනුම විනෝදාත්මක හා ප්‍රායෝගික අත්දැකීමක් බවට පත්කරන සහ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් මහඟු‍ කාර්යභාරයක් ඉෂ්ට කරන මෙවලම් එකතුවක් බවට පත්වී තිබෙනවා. ඇට්ලස් සන්නාමය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වීමට මෙයත් එක් ප්‍රධාන හේතුවක්. Youth Choice සම්මාන කාණ්ඩයට අප නිර්දේශ වීම, මේ ජනප්‍රියත්වයට පැහැදිලි සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ඇට්ලස් SLIM සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 35 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1993 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 651 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 136 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site