මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සඳහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා වනිතා ඒකකය හරහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රික් ICU ඇඳන් 10ක් පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය.
අප්ෆීල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී, ආරක්ෂක අංශ ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම පරිත්‍යාගය බාර දෙන ලදී. මෙම අවස්ථාවට අප්ෆීල්ඩ් සමාගමේ නිලධාරීන් සහ NOCPCO හි නිලධාරීහු සහභාගී වූහ. මෙම පරිත්‍යාගය හරහා මෙරට ජාතික රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා ICU ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමෙහිලා රජය දරන වෑයමට සහය වීම, අප්ෆීල්ඩ් ලංකා සමාගමේ අරමුණයි.
කොරෝනා රෝගය පැතිරීම ආරම්භ වුණ දින සිට අප්ෆීල්ඩ් ලංකා සමාගම මෙම තත්ත්වය පාලනය කිරීමට මෙන්ම වසංගතය නිසා පීඩාවට පත් ජනතාවට සහාය වීමට වැඩසටහන් රැසක් දියත් කරන ලදී.
පසුගිය වසරේ රට වසා තිබු කාලයේ කොරෝනා නිරෝධායන රෝගීන්ට මෙන්ම ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා අප්ෆීල්ඩ් ලංකා සමාගම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ඇස්ට්‍රා සහ ෆ්ලෝරා කිලෝග්‍රෑම් 5000කට වැඩි ගණනක් පරිත්‍යාග කරමින් හමුදාවට සහ රජය නිලධාරීන් සහාය දක්වන ලදී.
කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව විශේෂයෙන් ශ්‍රී ලාංකික මව්වරුන්ට සහායවීම සඳහා ඇස්ට්‍රා, සමෘද්ධි ව්‍යාපෘතිය සමග එක්ව ඇස්ට්‍රා වනිතා දිරිය’ වැඩසටහන දියත් කරමින් කාන්තාවන්ට බේකරි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහාය වන ලදී. මේ වනවිට මෙම වැඩසටහන හරහා බස්නාහිර පළාතේ කාන්තාවන් 750කට වැඩි සංඛ්‍යාවකට සහතිකපත් පිරිනැමූ අතර 2023 වර්ෂය අවසාන වනවිට ගෘහස්ථ බේකරි නිෂ්පාදකයන් 14,000ක් බිහි කිරීමට බලාපොරොත්තු වේ.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අප්ෆීල්ඩ් ලංකා සමගම ICU ඇඳන් 10ක් පරිත්‍යාග කරයි