
සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳපොළ තුළ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත.
නවතමVivya නිෂ්පාදන පරාසය තුළ ඩේ ක්‍රීම්, ෆෙෂල් සීරම්, ෆේස් වොෂ්, නයිට් ක්‍රීම් සහ ක්ලෙන්සර් ඇතුළත් වන අතර, මෙම සියලුම නිෂ්පාදන පාරම්පරික සහල්වල පෝෂණීය ගුණයන් සහ සම තෙත් සහිතව දීප්තිමත්ව තබාගැනීමට අවශ්‍ය මොයිස්චරයිසර් ගුණයන් සමගින් පැමිණේ.
දැනටමත් Vivya සන්නාමයේ නිෂ්පාදන මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයන් රැසකගේ සිත් ආකර්ෂණය කරගෙන තිබේ.
මෙම සුවිශේෂී නවෝත්පාදනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී මෙල් මහතා මෙසේ පැවසීය. ‘‘නූතන සමාජයේ අවශ්‍යතාව සඳහා ගැළපෙන, දේශීය සම්ප්‍රදායික සහලේ උරුමය රැගත් හේමාස් කන්සියුමර් හි නවතම හඳුන්වා දීම වන Vivya හා අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට සතුටක්. මේ පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට පමණක් උරුම වෙලා තිබුණු පාරම්පරික සම සුරැකුම් විසඳුම් සහ රූපලාවන්‍ය ක්‍රමවේදයන් ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙනයාමේ හැකියාව අපට ලැබිල තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ව්‍යාපාර සංවර්ධන සහ නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්රීනා යුසුෆාලි මහත්මිය මෙලෙස පැවසුවාය. ‘‘ශ්‍රී ලාංකේය කාන්තාවන් රැසක් බලාපොරොත්තු වන්නේ නිරෝගිමත්, පැහැපත් සහ දීප්තිමත් සමක්. එහෙත් මේ සඳහා වෙළඳපොළේ පවතින නිෂ්පාදනයන් ගෙන් 90% පමණම සම සුදු කිරීම, එසේත් නැත්නම් සමේ පැහැය වෙනස් කිරීම පිළිබඳ පමණක් අවධානය යොමුකර තියෙනවා. අපගේ නවෝත්පාදනයක් වන Vivya, විශිෂ්ට නිෂ්පාදනයක් වෙන්නේ, අප සෑම කාන්තාවකගේම සම හා සම්බන්ධ ගැටලු හොඳින් හඳුනා ගනිමින්, ඒවාට පිළියම් වශයෙන් පුළුල් නිෂ්පාදන පරාසයක් හඳුන්වා දීම හේතුවෙන්. සමේ වර්ණය, වයස වැනි සාධක පිළිබඳව නොතකමින්, අපගේ දේශීය සහල්වල සම පුබුදුවන ගුණයෙන් නිමවූ Golden Trice සාරය සපිරි Vivya සෑම යුවතියකටම තාරුණ්‍යයේ දීප්තිය රැගෙන එමින්, ඔවුන්ට නිරෝගී සමක් ලබා දෙන්න සූදානම්.
2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Vivya ගෝලීය වෙළදපොළට