ලොව ප්රමුඛ Toyota සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota ලංකා සමාගම ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්රයේ නවමු වෙනසක් ඇති කරමින්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් පසුගියදා නව සබඳතාවකට එළැඹියේය.
මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයින්ට ඉතා කඩිනමින් හා පහසුවෙන් ඔවුන්ගේ රථවාහන ගැටළු විසඳා ගැනීම සඳහා පරිපූර්ණ රක්ෂණාවරණයක් ලබා දීමට TOYOTA සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්‍රියා කරන බව එම සමාගම් සඳහන් කරයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ එම අවස්ථාවට පාර්ශව ද්විත්වයම නියෝජනය කරමින් Toyota Lanka හි කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සහ ඛධඛක් ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 10 ට අඩු TOYOTA නවතම (Brand New) හෝ භාවිතා කළ (Reconditioned) රථ වාහනයක් හිමි ඕනෑම පාරිභෝගිකයකු මෙම සුවිශේෂී රක්ෂණ දීමනා සඳහා සුදුසුකම් ලබයි. Toyota රථවාහන පාරිභෝගිකයන් සඳහාම වෙන්වූ සුවිශේෂී රක්ෂණාවරණයක් වන මේ හරහා, ප්රතිලාභ රැසක් හිමි වේග මේ හරහා Toyota ලංකා විසින් සිදුකරන රථවාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී වාහනයේ අයිතිකරු විසින් කිසිඳු දායකත්වයක් ගෙවිය යුතු නොවන අතරල එම සියලුම දායකත්ව LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් රක්ෂණ හිමිකරුවන් වෙනුවෙන් සිදුකරනු ලබයි. මීට අමතරවල රුපියල් 250,000ට වැඩි (ශ්‍රම ගාස්තු) රථවාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් සඳහා සුවිශේෂී ගාස්තු රහිත සේවා ලෙස Wheel alignment,wheel balancing,interior cleaning,polishing,head lampadjusting සහ Vehicle Washing වැනි සේවා හිමිවේ.
රථවාහන අනතුරු සඳහා වූ කඩිනම් සහ පහසු ක්‍රියාවලියක් සඳහා මෙම රක්ෂණ විසඳුම ඉවහල් වන අතරල මේ හරහා පාරිභෝගිකයාට ඉතා සැහැල්ලුවෙන් සහ පහසුවෙන් සිය රථවාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකර ගත හැකිල සියයට සියයක් විශ්වාසනීය හා පරිපූර්ණ රක්ෂණාවරනයක වාසි අත්විඳිය හැකිය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
Toyota ලංකා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවක