භානුක අමරසිංහ
සණස ජීවිත රක්ෂණ සමාගමේ රක්ෂණ මූල්‍ය ශක්තිමත් බව (ifs) සඳහා ලබාදී තිබූ BBB- ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළමින් ඍණාත්මක ඉදිරි දැක්මක් සහිතව BB ශ්‍රේණිය ලබා දෙන බව ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි. 2025 ජූලි 03 වැනිදා එම සමාගම වෙත මෙම BBB- ශ්‍රේණිය ලබා දී තිබුණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම මගින් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් සමාගමේ ප්‍රාග්ධනීකරණය වෙත් මෙන්ම අවදානම් දරාගැනීමේ ධාරිතාවද අඩු කිරීමට හේතුව වී තිබෙන බවත්, එසේම එම සමාගම මේ වනවිට සිය දළ ලිඛිත වාරික සම්බන්ධයෙන් මුහුණ දෙන පීඩනය සහ ලාබයේ අඩුවීම මෙම ශ්‍රේණිය ලබාදීමට හේතුව බව LRA වැඩිදුරටත් පවසයි.
මේ අතර සණස ජීවිත රක්ෂණ සමාගම මගින් නිකුත් කළ රුපියල් මිලියන 200 ක් වටිනා ණයකර නිකුතුව සඳහාද LRA මගින් ඍණාත්මක ඉදිරිදැක්මක් සහිතව BB ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd