IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


2025 ඉලක්කය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 10 ක ආදායමක්

වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවත් 2025 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවැසීය.

ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් සංචාරක කර්මාන්තයට අවශ්‍ය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැම පියවරකින්ම කඩිනම් ප්‍රතිඵල අත්කර ගත යුතු බව ද කීවේය.

රට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් කී බව හෙතෙම එම තීරණවල ප්‍රතිඵල රටට සහ ජනතාවට හිමි කරදීමට නිලධාරීන් කැපවෙනු ඇතැයි ද කීය.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු කීවේය.

ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි යැයි කී ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්ක ගත වැඩපිළිවෙළක් සැලැසුම් කරන්නැයි ද මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි නිලධාරීන් සමඟ පුළුල්ව සාකච්ඡා කළේය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

“මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කරන්න ඕනෑ. ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතුයි.  සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක් ද අවශ්‍ය කර තිබෙනවා.  

දේශීය ආයුර්වේද ක්‍රම සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබෙනවා. මුහුදු රළ ක්‍රීඩා, ශ්‍රී ලංකාවේ තේ ඇතුළු මෙරටට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ෂණය දිනා ගත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍යයි.  

සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතුයි. සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ද විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලංකන් ඇතුළු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙස වැඩිදියුණු කළ යුතුයි. ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය එක් කරමින් සියලු ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. එය ඉතාම වැදගත්.

ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගන්න පුළුවන්. යුරෝපා රටවල් ඉලක්ක කොට ඝෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා.

සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය පිළිබද උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරිමේ හැකියාවක් ද තිබෙනවා.

සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.  

ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීතිරීතිවල වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ද තිබෙනවා. අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කළ යුතුයි”.

කාර්මික අපනයන සහ අයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය, සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.  

055

 



අදහස් (9)

2025 ඉලක්කය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 10 ක ආදායමක්

Nanda Monday, 13 January 2020 03:58 PM

මිලියන ද බිලියනද?

:       10       24

වජිර Thursday, 16 January 2020 03:01 AM

2025 ඩොලර් මිලියන් 10 ක් කියන්නේ පිස්සු කතාවක්. දැනටත් ඊට වඩා ආදායමක් තියනවා.

:       0       0

GAMA Tuesday, 14 January 2020 02:19 AM

ගාල්ල මගේ ප්‍රියතම සංචාරක නගරයක් නමුත් ගාල්ල කොතරම් සුන්දර උනත් එහි නගරය ඉතා මාර්ග තද බදයක් ඇති අපිළිවෙලට ඇති නගරයක් , ෂොපින් මෝල් එකක් වත් නැහැ ,නමුත් ලංකාවට එන ගොඩක් පිටරැටියන් එන නගරයක් , මම ගාල්ලේ දේශපලකයෙක්නම් මම ගාල්ල හදනවා.

:       12       59

NissankaTuesday, 14 January 2020 07:50 AM

මේ සංචාරකයන් බොහොමයක ප්‍රිය කරන්නේ නිදහසේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් රට පුරා ඇවිදින්න. එවැනි අවස්ථාවල ඔවුන් බොහෝවිට ත්‍රිවිල් රියදුරන්ගේ හා කූට වෙළදුන්ගේ ගසාකෑමට ලක් වෙනවා. ඔවුන් මෙවැනි අවස්ථා වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරිනවා. මෙය අපේ රට අපකීර්තියට පත්වීමට හේතු වී තිබෙනවා.

:       8       136

buddy Tuesday, 14 January 2020 03:17 AM

10 බිලියන වියයුතුයි.

:       7       34

JalliTuesday, 14 January 2020 04:20 AM

ඒකනෙ මාත් බැලුවේ

:       6       5

Chandana Tuesday, 14 January 2020 04:01 AM

මිලියනද, බිලියනද?

:       12       17

මෝ Tuesday, 14 January 2020 10:48 AM

මෙය බිලියන 10ක් විය යුතුයි කියා සිතමි.

:       0       0

Jayantha Wednesday, 15 January 2020 04:14 AM

රුපියල් නෙවෙයි ඩොලර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1750 1

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 639 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 130 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site