IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලංකාව විදේශ විනිමය උපයනවා මෙන්ම විදේශ විනිමය ඉතිරි කරන රටක් බවට පත්විය යුතුයි - කර්මාන්ත ඇමැති

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා Thimark Technocreations ඉංජිනේරු ආයතනය විසින් නිර්මාණය කරන ලද ‘‘ජල විදුලි බලාගාර ජල ගේට්ටුවල අවහිර වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂිත යන්ත්‍රය”‍ කෙන්යානු ඉංජිනේරුවන්ට බාරදුන් අවස්ථාව සහ ඇමැතිවරයා අතින් Thimark Technocreations ආයතනයේ සේවකයන්ට ඇගැයීම් සහතික පිරිනැමූ අවස්ථාව.  


Thimark Technocreations ඉංජිනේරු ආයතනය විසින් නිර්මාණය කරන ලද ”‍ ජල විදුලි බලාගාර ජල ගේට්ටුවල අවහිර වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂිත යන්ත්‍රය - KILGHARRAH 600”‍ හඳුන්වාදෙයි


අංජුල මහික වීරරත්න


ලංකාව විදේශ විනිමය උපයනවා මෙන්ම විදේශ විනිමය ඉතිරි කරන රටක් බවට පත්විය යුතු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 
ශ්‍රී ලංකාවේ ඉදිරි ඉලක්ක ජය ගැනීමට නම් නව නිෂ්පාදන ජාත්‍යන්තරකරණයට ගෙනයා යුතු බවද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරුන්ගේ නව නිපැයුම් බලගැන්වීමේ අරමුණින් Thimark Technocreations ඉංජිනේරු ආයතනය විසින් නිර්මාණය කරන ලද ”‍ ජල විදුලි බලාගාර ජල ගේට්ටුවල අවහිර වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂිත යන්ත්‍රය - KILGHARRAH 600”‍ හඳුන්වාදීමේ උත්සවය අමතමිනි.
මෙම යන්ත්‍රයේ පළමු ඇණවුම කෙන්යා සමස්ත ජනගහනයෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබාදෙන කෙන්යා රජයේ KenGen ආතනයේ (අර්ධ රාජ්‍ය) ජල විදුලි බලාගාරවල අවශ්‍යතා අනුව සකස් කර නිමවා බාර දෙනු ලැබිණි.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් KenGen ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ ඉංජිනේරු කණ්ඩායමට එම බාරදීම සිදු කෙරිණි.
කොළඹ Cinnamon Life හෝටලයේදී ඉකුත් සිකුරාදා (31)මෙම උත්සවය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීය.
මා දැනගත් හැටියට මේ ටෙන්ඩර් එකට ඉල්ලු‍ම්කරුවන් අතරේ ජර්මනියත් හිටියා. ජර්මනියත් තරග කරන ලද නිෂ්පාදනයකට ශ්‍රී ලංකාවේ බඩල්කුඹුරේ තරුණයෙක් ඉදිරිපත් වීමම ජයග්‍රහණයක්. අප රටේ නිෂ්පාදකයන්, තරුණයන් සිහින දකින්නන් බවට පත්විය යුතුයි.

ව්‍යවසායකත්ව සමාජ උන්මාදය ඇති වන්නට නම් අපේ අලු‍ත් පරම්පරාව සිහින දකින්නම ඕන. සිහින දකිනවා පමණක් නොව ඒ සිහින සැබෑ කරලීම වෙනුවෙන් සටන් වදින්නත් ඕන.අරගල කරන්න ඕන.
 ඒ ව්‍යවසායක සමාජය උන්මාදය නිර්මාණය කිරීම අපේ අනාගතය ජයග්‍රහණය කිරීමට අපට තිබෙන විශේෂම හැකියාව බව කිව යුතුයි.අප විදේශ විනිමය උපයනවා වගේම විදේශ විනිමය ඉතිරි කරන රටක් බවට පත්විය යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ලංකාව විදේශ විනිමය උපයනවා මෙන්ම විදේශ විනිමය ඉතිරි කරන රටක් බවට පත්විය යුතුයි - කර්මාන්ත ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site