IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රට සඟරාවෙන් ලංකාවට ලොකු තැනක්

ෆෝබ්ස් සගරාව මෙවර කලාපයෙන් පළ කර ඇති ලොව සංචාරය කිරීමට අනගිතම වන රටවල් 10 අතරට ශී‍්‍ර ලංකාවටද ඇතුළත්ව තිබේ.

අඩු මුදලකට තරු පහේ පහසුකම් ලබාදෙන ශී‍්‍ර ලංකාවේ හෝටල්, අලි ඇතුන්, දිවියන්, වළසුන්ගෙන් වනෝද්‍යාන, කුරුලූ ලෝලීන්ට පාරාදීසයක් බදු වන කුමන, ආදී දේ රැසක් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නකුට අත්විඳ ගත හැකියැයි එහි සඳහන්ය.

ශී‍්‍ර ලංකාව තරම් විවිධ අත්දැකීම් රාශියක් ලබාදෙන අන් කිසිඳු රටක් නැතැයි එහි විශේෂ කොට දක්වා තිබේ.

අයිස්ලන්තය, මොරොක්කෝව, වියට්නාමය, ඇමරිකාව, ටැස්මේනියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ලැයිස්තුවේ ඇති අනෙක් රටවල් වේ.



අදහස් (0)

රට සඟරාවෙන් ලංකාවට ලොකු තැනක්

කෙවින් Wednesday, 03 December 2014 03:23 AM

ශ්‍රීලාල්, අඩු මුදල කියන්නේ වෙනත් සංචාරක රටවල් සමඟ සසඳලායි. මාලදිවයින වගේ රට වල එක දවසකට තරු පහේ හෝටලයක වියදම ලංකා රුපියල්,ලක්ෂ එක,ලක්ෂ දෙක, ලක්ෂ තුනක් පමණ අඩුම තරමින් වෙනවා. වෙනත් සංචාරක රටවලත් එහෙම තමයි. අවාසනාවකට අපේ රටේ මිනිසුන් අපේ රටේ සම්පත් වලින් වැඩක් ගන්න දන්නේ නැහැ. තමන් ගැන විතරම තමා හිතන්නේ. ලංකාව ගොඩක් ලස්සන රටක්. ඒක අපේ මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

කීර්ති Friday, 05 December 2014 05:53 PM

හැමෝම තමන්ගේ වාසිය ගැන බැලුවත් රට බේරාගත් නායකයා ජයගන්නවා නියතයි (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 09 December 2014 07:15 AM

ඉක්මනට ඇවිල්ල බලාගන්න. තව ටික දවසකින් ඔක්කොම රජවරු වෙන නිසා මුකුත් ඉතුරු වේවිද කියන්න බැහැ. ගස් කපනවා. වැව් වැහෙන්න හෝටල් ගනහව. අධිවේගෙන් වැඩ. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 09 December 2014 07:20 AM

ඉක්මනට ඇවිල්ල බලාගනිල්ලා තව ටික දවසකින් ඔක්කොම රජවරු වෙන නිසා මොකුත් ඉතුරුවෙවිද කියා කියන්න බැහැ. ගස් කපනවා, වැව් වැහෙන්න හෝටල් ගහනවා. අධිවේගෙන් වැඩ. (නදී)

:       0       0

ටොම් Wednesday, 10 December 2014 01:23 AM

වාසනාවන්! (නි)

:       0       0

ලංකා Wednesday, 03 December 2014 08:32 AM

අපේ රට මොනතරම් වාසනාවන්ත රටක්ද? එහෙත් මේ අලංකාර පරිසරය නසන අපේ මිනිස්සු මොනතරම් පව්කාරයෝද ?මේ වැලි කතරේ ලස්සන පරිසරයක් ගොඩනඟන්න මොනතරම් මෙහෙ මිනිස්සු මහන්සි වෙනවද? අපට නිකන් ලැබුන දේ අගයක් නැතුව විනාශ කරනවා.අනාගත ලංකාව කෙබඳු වේද?පරිසරය රකින්න මොනම යහපත් වැඩපිළිවෙලක්වත් තවම අපේ රටේ නැහැ (නි)

:       0       0

ශිරන්ති Thursday, 04 December 2014 05:10 AM

අපිට ඕනේ සිංගප්පුරුවක් අමෙරිකාවක් වෙන්න නෙමෙයි .අපේ කම රැකුණු හොද දියුණු ශ්‍රී ලංකාවක් වෙන්නයි (නදී)

:       0       0

ගාමිණී Wednesday, 03 December 2014 06:36 AM

මේන සංචාරක ව්‍යාපාරයට හොඳ සවියක් (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 03 December 2014 06:36 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

කුමාරි Wednesday, 03 December 2014 06:37 AM

සතුටුයි අපිට! (නි)

:       0       0

කුමාර් Wednesday, 03 December 2014 06:37 AM

මේක ලංකාවට වාසනාවක්! (නි)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 06:38 AM

මෙවන් දේවල් දෙස කුහකත්වයෙන් නොබලන්න (නි)

:       0       0

නිමල් Wednesday, 03 December 2014 06:38 AM

අපිට නම් සතුටුයි (නි)

:       0       0

ගුණසේකර Wednesday, 03 December 2014 06:38 AM

ලංකාවේ අඩු මුදලට තරු පහේ හෝටල් පමණක් නෙමෙයි, තව බොහෝ දේවල් ලබාගන්න පුලුවන් (නි)

:       0       0

ගුණේ Wednesday, 03 December 2014 06:38 AM

ලංකාවේ දේශපාලනයට පමණක් හොඳ අපකීර්තිමත් "සුපිරි දේශ මණ්ඩල සඟරාවේ" අංක එකට තෝරලා ඇති. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 02 December 2014 09:26 PM

අඩු මුදලට තරු පහේ හෝටල් ලංකාවේ? කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

සුසන්ත Monday, 08 December 2014 04:08 AM

මේවා යුද්ධය නැතිකිරීමේ ප්‍රතිඵල. ඒ ගෞරවය යුද්ධය අවසන්කළ සියල්ලන්ටම තියෙනවා.ඒ වගේම දැන් ඒ ගෞරවය රැකගන්න බලන්න.මේ රටේ ආයෙත් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඔය සියළු දේ ඉවරයි. අපි හිතන්න ඕනෑ රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවරකම, ආර්ථික සංවර්ධනය ආදී දේ ගැන (නි)

:       0       0

සසංක Monday, 08 December 2014 04:23 AM

මේවා යුද්දය නැති කිරීමේ ප්‍රතිපල. එ්කේ ගෞරවය යුද්දය කරලා ඉවරකරපු හෙමෝටම තියනවා. ඒ වගේම දැන් එ්ක රැකගන්න බලන්න. මේ රටේ අායෙත් අවුලක් ඇති උනොත් ඔය සේරම ඉවරයි. අපි හිතන්න ඕනෑ හොරකම් ගැන නෙමෙයි. රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවර කම, ආර්ථික සංවර්දනය. (නදී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Thursday, 04 December 2014 10:20 AM

මගේ පඩිය 25000 තරු පහේ හොටලෙකට යන්න අවූරුදු 2 ක් වත් ඉතුරු කරන්න ඕනේ. (ර)

:       0       0

උදිත මදුමල් පෙරේරා Thursday, 04 December 2014 10:21 AM

මගේ පඩිය 25000 යි. තරු පහේ හොටලේකට යන්න අවූරුදු 2 ක් වත් ඉතුරු කරන්න ඕනේ (නදී)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:47 AM

ප්‍රභාකරන් හිටියනම් මෙහෙම වෙයිද .නදී රටට කුහක වෙන්න එපා.පඩි අඩු හොරට වැඩ කරන නිසා. වැවේ හැදුවේ රජ වරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (අ)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:47 AM

නදී රටට කුහක වෙන්න එපා. පඩි අඩු හොරට වැඩ කරන නිසා. (ර)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:47 AM

ප්‍රබාකරන් හිටියා නම් මෙහෙම වෙයිද කියන අයටයි මේ කියන්නේ. රටට කුහක වෙන්න එපා. පඩි අඩු හොරට වැඩ කරන නිසා. වැව් හැදුවේ රජ වරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (නදී)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:47 AM

රටට කුහක වෙන්න එපා.වැව් හැදුවේ රජවරු මිස පොදු අපේක්ෂකයෝ නොවේ (නි)

:       0       0

සරත් Wednesday, 03 December 2014 08:30 PM

ලංකාවෙන් පිටවුණාම තමයි ලංකාවේ අගය තේරෙන්නේ. අපි යුරෝපයේ හීතලේ කරුවලේ මොන දුකක්ද විඳින්නේ. සුද්දන්ට දුන්නා නම් ලංකාවේ එක අවුරුද්දෙන් සිංගප්පූරුවක් කරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 49 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1621 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site