IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල් මිල පහත වැටීමෙන් වගාකරුවන් අර්බුදයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
මාස කිහිපයක සිට පොල් මිල පහත වැටීමෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව වගාකරුවෝ පවසති.
 
පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක තුන අතරින් පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති මුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පොල් ගෙඩියක මිල රුපියල් 20ත් 25ත් අතර  මිලකට පහත වැටී ඇතැයි ඔවුහු කියති.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත පොල් වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පැවතුණද මාස කිහිපයක් පොල් මිල පහත වැටී තිබීම හේතුවෙන් තම වගාබිම් නඩත්තු කිරීම්ට අපහසු වී ඇති බවද ඔවුහු කියති.
 
ලෝකයේ පොල් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව ඉහළ තැනක් ගන්නා අතර, වසරකට ශ්‍රී ලාංකිකයකු පොල් ගෙඩි 87 ක් ආහාරයට ගන්නා බවත්, සමස්ත පරිභෝජනයට වසරකට පොල් ගෙඩි මිලියන 1887 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ.
 
පොල් කර්මාන්තය කඩා වැටීම ගැන අදහස් දක්වමින් සිටි පොල් වගාකරුවකු වන ආර්. එම්. කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි. 
 
 “මිනිස්සු පොල් වගාවක් නඩත්තු කරන්න එතරම් වියදමක් යන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන වියදම් එක්ක දවස් කුලියකට කම්කරුවෙකු ගත්තොත් වැඩට රුපියල් 1500  යනවා. පොහොර දමන්න, එළි පෙහෙළි කරන්න, අනිත් වියදම් ගත්තාම හරි අමාරුයි පොල් වගාව පවත්වාගෙන යන්න. අනිත් එක පුත්තලම දිස්ත්‍රික්කයට වසරේ මැයි මාසයෙන් පසු වර්ෂාව නැති නිසා වතුර දමන්නත් විශාල වියදමක් දරනවා. අඩුම තරමින් පොල් ගෙඩියකට රුපියල් 30 කින් එහා මිලක් තිබිය යුතුමයි. මෙය පාරිභෝගිකයාටත් දරා ගන්න පුළුවන්” යැයි ඔහු පැවසීය. 
 
 පොල් ව්‍යාපාරිකයකු වන අතුල කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“ අපි ලක්ෂ ගනණින් පොල්වලට මුදල් යට කරලා. මාස ගනණක් බලා ඉන්නවා ඒවා මුදල් කර ගන්න. නමුත් පසුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ පොල් මිල අස්ථාවර වුණා. මෙය බරපතල දෙයක්. මොකද මේ තරම් මිල අඩුවීමත් එක්ක ව්‍යාපාරිකයින්  ගැටලු රැසකට මුහුණ දෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල විනාශයි. මේ කර්මාන්තය අනාගතයේ බරපතල අර්බුදයකට ලක්වන එක වළක්වන්න බැහැ” යැයි ඔහු කීය. 
 
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ මහතාගෙන් කළ විමසිමේදී ඔහු මෙසේ කීය.
 
 “ මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල පොල් අස්වැන්නක් ලැබී තිබෙනවා. එයත් මේ පොල් මිල පහත වැටීමට බලපෑ එක් කරුණක්. ලංකාවේ සමස්ත පොල් පාරිභෝජනය වසරකට මිලියන 1887 ක් විතර වෙනවා. නමුත් පසුගිය වසර කිපයකදි 2016 වසරේදී මිලියන 3057 ක්, 2017 දි මිලියන 3100 ක් ඒ වාගේම 2018 දී මිලියන 2457ක් ලෙස පොල් පලදාවක් ලැබී තිබුණා. ඒ වාගේම 2018 අවසානයේ සිට  මේ වසරේ මුල් මාස 6ට ආසන්න වන විට  මිලියන 2850 ට ආසන්න පොල් අස්වැන්නක් ලැබිලා. මේ නිසා රට තුළ විශාල පොල් අතිරික්තයක් තිබෙන බවට අපිට වාර්තා වෙනවා. පොල් මිල පහත වැටීමට එය බලපා තිබෙන බවයි අපි අනුමාන කරන්නේ. 
 
ඒ වාගේම පිටි කළ පොල් කිරි කර්මාන්ත ආයතන 8ක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එයත් මේ මිලට බලපාන්න ඇති. මොකද ඇතැම් පිරිස් පිටි කළ පොල් කිරිවලට යොමුවෙලා. විදේශීය වෙළඳපොලට පොල් යවන්නත් අපි අවස්ථාව දුන්නා. ඒ නිසා පොල් මිල ඉදිරියෙදී යම් හොඳ මට්ටමකට එන්න පුළුවන්. පොල් මිල අඩුවෙන කොට වගාකරුවන් කර්මාන්ත කරුවන් කෑගසනවා වාගේම තමා පොල් මිල වැඩි වෙද්දි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නත් විවිධ දේවල් අපිට කරන්න සිද්ද වෙනවා” යැයි හෙතෙම පැවසීය.  



අදහස් (21)

පොල් මිල පහත වැටීමෙන් වගාකරුවන් අර්බුදයක

de silva Wednesday, 31 July 2019 01:40 PM

පසුගිය අවුරුදු කිහිපයේ පොල් මිල ඉහළ යනකොට ඔබතුමාලා ඔහොම කතා කරන්නේ නැහැ. එතකොට ලාභය හිමින් සීරුවේ බැංකුවට දමාගන්නවා. ඉස්සර බැංකුවේ දාගත්ත මුදල් එළියට අරන් වගාකටයුතු සඳහා වියදම් කරන්න. ඉහළ යන සෑම දෙයක්ම පහළ යන බව ඔබතුමාලා දන්නේ නැද්ද?

:       106       137

ravi Wednesday, 31 July 2019 02:19 PM

පොල්, ගණන් යනකොට පාරිභෝගිකයා අර්බුදයට ලක්වෙනවා.. පොල් ලාභ වෙනකොට.. පොල්වතුකාරයෝ අර්බුදයකට ලක්වෙනවා.. ඇයි පොල්වලට ස්ථාවර මිලක් නියම කරන්න බැරි?

:       13       49

විදානෙSunday, 04 August 2019 01:53 PM

පොල් මිල ඉහළ යන්නේ සැපයුම අඩු නිසායි... පොල්වලට ස්ථාවර මිලක් කෙසේවෙතත්, පාලන මිලක් ලබාදීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත් රැකගත යුතුයි.

:       0       4

Kumar Wednesday, 31 July 2019 04:27 PM

ලංකාවේ පොල්මිල වැටුණා. යන්නේ අධික ලාභයක් ලැබෙන්නේ නෑ කියන එකටද? කෘෂි නිෂ්පාදන සියල්ලක්ම ඔය වගේ තමයි. කලකදී ඵලදාව වැඩිවෙනවා.. සමහර වසරවල නිෂ්පාදනය අඩුවෙනවා. ලංකාවේ නිෂ්පාදිත ටින්වල ඇසුරු පොල්කිරි ඇමෙරිකාවේ අලෙවියට තිබෙනවා. අපි ආහාර පිසීමට ගන්නේ ලංකාවේ පොල්කිරි තමයි. ලංකාවෙන් පොල්කිරි වගේ දේ පිටරට යවනවා නම් පොල් මිල වැටෙන්නේ කොහොමද?

:       0       28

gmarala Wednesday, 31 July 2019 04:53 PM

ඒ කොහොම වුණත් කොළඹ පොල් ගෙඩියක් රුපියල් 45 ක් 50ක් වෙනවා. පොල්තෙල් මිල වුනත් එහෙම අඩුවෙලා නැහැ. පාරිභෝගිකයා මෙන්ම වගාකරුවත් රැකගත යුතුයි.

:       6       53

ලංකාපුත්‍ර Thursday, 01 August 2019 01:05 AM

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කියනවා අස්වැන්න වැඩි නිසා මිල බැස්සා කියල. තේ කොමසාරිස් කියනවා දළු වැඩිවෙලා මිල බැස්සා කියලා. තේ නිපදවන වෙනත් රටක කුමන්ත්‍රණයක් නිසා තේ මිල බැස්සා කියල ජනමාධ්‍ය වාර්ථා කරනවා ආරංචියක් තියෙනවා කුරුඳු මිළත් ඉතාම බැහැල කියලා. ප්‍රති අපනයනය නිසා ගම්මිරිස් මිල බැහැල තියෙනවා. තේ පොල් රබර් අපේ ප්‍රධාන ආදායම් මාර්ග වුනානම් කොහොම හිටීද. දැන්වත් මෙම අස්ථාවර ආදායම් මාර්ග වෙනුවට විකල්ප සැකසීමට කටයුතු කලොත් නරකද එසේ නොහැකිනම් මේවා නිමි භාණ්ඩ ලෙසට අපනයනය කිරීමට කටයුතු කලොත් නරකද

:       0       15

rama Thursday, 01 August 2019 03:48 AM

අනේ පොල් ගෙඩියටත් මිල සූත්‍රයක් දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයිනේ

:       0       0

dhananjaya Thursday, 01 August 2019 04:07 AM

අපේ ලංකාවේ මිනිස්සු ඇපල් ගෙඩියක් රුපියල් 30 ඉඳන් 100 විතර වෙනකම් අරන් කනවා. හැබැයි අපි පොල් ගෙඩියකට රුපියල් 30ක් ඉල්ලුවහම ඒක තමයි දරාගන්න බැරි. මේ වගේ වහල් මිනිස්සු ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන සංවර්ධනය කරගන්න බැරි. මේ රට ගොඩ ගන්න බැහැ.

:       10       48

KumarThursday, 01 August 2019 04:54 PM

වහල් කතාව පොල් වගාවට එකතු වුනෙ කියල මම දන්නේ නැහැ. අපි ඉන්න පැත්තේ නම් පොල්ගෙඩියක් ඩොලර් එකකට වැඩයි. ඇපල් හරිම ලාබයි.

:       0       0

lankaputhaSaturday, 03 August 2019 12:55 PM

අැපල් ගෙඩියක් හැමදාම කන්නේ නෑ. ඔක්කොමලා කන්නෙත් නැහැ...

:       0       6

de silva berlin Thursday, 01 August 2019 05:31 AM

ලංකාවේ පරිභෝජනයට පොල් ගෙඩි වර්ෂයකට මිලියන 1887ක් පමණ අවශ්‍ය බව මෙම පුවතේ සඳහන් වනවා. 2016 වර්ෂයේදී මිලියන 3057, 2017 වර්ෂයේදී මිලියන 3100, 2018 වසරේ මිලියන 2800ක් ලැබී ඇති බව සඳහන් වෙනවා. එම දත්ත අනුව වසරකට පොල්ගෙඩි මිලියන 1000කට වැඩි අතිරික්තයක් රටේ තිබිල තියෙනවා. නමුත් පහුගිය කාලේ පොල්ගෙඩියක් රුපියල් 100කට වැඩි මිලකට අලෙවි වුණා. මෙම පොල් හිඟය මහාපරිමාණ පොල් ව්‍යාපාරිකයන් කළ මවාපෑමක්ද?

:       0       59

wedage Thursday, 01 August 2019 09:36 AM

ඇයි අනේ ඩේසිකේටඩ් කොකනට් හදල පිටරට යවන්නකෝ

:       0       26

de silva Thursday, 01 August 2019 10:50 AM

පොල්ගෙඩියක සිල්ලර මිල සාමාන්‍යයෙන් රුපියල් 20-30 අතර තිබෙන්න ඕනේ නැත්නම් කොහොමද ? දිනකට රුපියල් 1000 -1500 උපයන මනුස්සයෙක් පවුලක් නඩත්තු කරන්නේ ?

:       8       7

lalithm Friday, 02 August 2019 03:14 AM

පොල් වගා බොහොමයක් සුළු පරිමාණ ඒවා. එදිනෙදා ජීවිතයට අවශ්‍ය මුදල හොයා ගන්න ඒවා. සමහර අය කියලා තියෙනවා වගේ අධික ලාභ ගන්න බැරි වගාවක්. අනික පොල්තෙල් වෙනුවට මහා පරිමාණයෙන් පාම් තෙල් සහ කෝන් තෙල් පිටරටින් ගෙන්නනවා. එ්ක තමයි පොල් මිල අඩුවෙන ප්‍රධානම හේතුව...

:       0       4

Sugath Friday, 02 August 2019 04:17 AM

පොල් සහ ඇපල් සංසන්දනය කරන මිනිස්සුත් අපේ රටෙත් ඉන්නවා. ඇපල් කන්නේ ඒවාට මුදල් ගෙවන්න පුළුවන් කට්ටිය... හැබැයි පොල් ඕනෑම කෙනෙකුට ඕනේ... ඉතින් ඇපල් කන කට්ට්ය මෙතනට සම්බන්ධ කරන්න එපා. ආර්ථික න්‍යාය අනුව මිල තීරණය වන්නේ ඉල්ලුම, සැපයුම අනුවයි. ඒක නිසා ආණ්ඩුවට දොස් කියකියා ඉන්නේ නැතුව වෙන ක්‍රමයක් ගැන සිතන්න පොල්වලට සාධාරණ මිලක් ලබා ගන්න.

:       1       0

rohana Friday, 02 August 2019 04:37 PM

වැඩිවුණාම මිනිස්සු කෑ ගහනවා. අඩුවුණාම වගාකරුවන් කෑ ගහනවා. දැන් මොකක්ද කරන්න ඕනෑ...

:       0       0

gamage Friday, 02 August 2019 04:48 PM

දැන් පොල් වැඩි නිසානේ ගණන් අඩු වෙන්නේ. පොල් ගස් කැපුවා නම් හරි නේද?

:       16       30

Kumara Sunday, 04 August 2019 05:55 AM

මැටි නිලධාරීන් ඉන්නකන් මේ රටේ කිසිම දෙයක් කරන්න බැහැ. කලමනාකරණය ගැන මුන් අහලාවත් නැහැ. වැඩි ලාභයක් ගන්න එක ගැන මුන් දන්නෙත් නැහැ.

:       0       0

rama Monday, 05 August 2019 03:49 AM

එකම විසඳුම මිල සුත්‍රයක් ගෙන ඒම.

:       0       0

vipula Monday, 05 August 2019 05:35 AM

සියලුම හෝටල් පොල් ගන්නේ සම්බෝලේ හදන්න විතරයි. අනෙක් සියලුම දේවල් වලට ගන්නේ පිටිකළ පොල් කිරි. මෙම පැකට් ආනයනය සීමා කරන්න ඕනේ.

:       0       0

samrapaala Wednesday, 07 August 2019 05:37 AM

අපි නම් එලොව පොල් පෙනිලා ඉන්නේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 605 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 122 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 134 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 133 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site