IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංගම කෝටී 400 ක් ගිලී

ලංකා ගමනාගමන මණ්ඩලය 2012 - 2014 කාලය අතරතුරදී රුපියල් කෝටි 400 ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමෙන්තුවේදී පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

අලූතින් බස් රියැදුරන්,කොන්දොස්තරවරුන් හා කාර්මිකයින් පිරිසක් ලංගමට බදවාගත් බවද අමාත්‍යවරයා සදහන් කළේය.ඉදිරියේදී විශ්‍රාම ගැනීමට නියමිත සේවක පිරිසගේ නික්මයාමෙන් පසු ඇතිවන හිඩැස පිරැවීමට දැන් දැන්ම නව සේවකයින් බදවාගෙන තිබීම අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

දැනට ලංගමයේ 33293 ක සේවක පිරිසක් සිටින බව පැවසූ ඔහු තවත් සෙවකයින් බදවා ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය නැතැයි කීය.

සේවකයෙකු සදහා මසකට රුපියල් 86000 ක් පමණ වැය වන බවත් නමුත් ලංගමය ලබන ආදායම සැළකූ විට සේවකයෙකුට වෙන් කළ හැක්කේ 81000 ක් පමණ මුදලක් බවත් ඉතිරිය පියවන්නට යෑමේදී ලංගමට පාඩු මිස වාසියක් අත්නොවන බවත් ඔහු පැවසුවේය.

කලක් ලංගමයට අයත්ව තිබූ වෙරහැර,ඒකල,කහගොල්ල,කැප්පෙටිපොල වැඩපොළවල් විකුණා දැමීමට එවක සිටි එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබීම නිසා දැන් ලංගමයේ බස්රථ අලූත්වැඩියා කිරීම වෙනම වියදමක් දරා වෙනත් ස්ථාන වලින් සිදුකරගත යුතුවී ඇතැයිද ඔහු චෝදනා කළේය.

ගුවන්යානා වලට ලබාදෙන ඉන්ධන සහනාධාරය ලංගමය වෙත ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කළ යුතුව ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.අමතරව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බස් සේවාවන්ද හඳුන්වාදිය යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

ලංගම කෝටී 400 ක් ගිලී

ද සිල්වා Tuesday, 16 September 2014 05:58 AM

ලංගම පාඩු උනාට එ්කෙන් ජනතාවට සේවයක් සිදු වෙනවා , එ්ක නැත්නම් බස් ගැමුණුල අපිව ගස් යවලා. ශ්‍රී ලංකන් කෝටි 2880 පාඩු වෙනකොට, හෙමින් ලංකා එක් කොටි 200 පාඩු වෙනකොට , ඒවාට වඩා ජනතා සේවයක් ලංගමෙන් සිදු වෙනවා. හොඳ කළමනාකරණයක් යටතේ මේ පාඩුව අඩු කරගෙන හොඳ සේවයක් ලබාදිය හැකියි. නමුත් පසුගිය රජයන් සහ වර්තමාන රජය විසින් ලංගම ක්‍රමක් ක්‍රමයෙන් දේශපාලනීකරණය කිරීම නිසා පිරිහී ඇත. (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 16 September 2014 06:16 AM

ලංගම පාඩු වුණාට එකෙන් ජනතාවට සේවයක් සිදු වෙනවා , එ්ක නැත්නම් බස් ගැමුණුල අපිව ගස් යවල (අ)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 06:56 AM

මාටියා ගැහිලි, අමතර කොටස් මිලදී ගැනීම් වලදී ගහන කොමිස්. හොර අතිකාල, නවත් වන්න, නිකම් පුටු රත් කරන අය වැඩට දාන්න. අනිල් මුණසිංහ මහතාගේ කාලයේ මෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න. ලංගමය ගොඩ. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 21 September 2014 09:31 PM

ලංගම බස් වල මිනිසුන් ගෙනියන්නේ මුදල් නැතුවද? මේ සේවයම කරන අනිකුත් ආයතන ලාභ ලබනවා නම් මෙය පමණක් පාඩු ලබන්නේ කෙසේද? හේතු දක්වන්න ඕන නේද? ඉතාමත් ඉක්මනින් විසඳුමක් සොයාගත යුතුය. (නදී)

:       0       0

ජයසිංහ Saturday, 13 September 2014 12:17 AM

ලංගමය ගොඩගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ, දේශපාලන පත්වීම් දීම නැවත් විය යුතුයි. ඉන්පසු පුහුණු ශ්‍රමිකයන් බදවා ගතයුතුයි. [ඔතන පාඨමාලාවක් හදරා ඇති පුහුණු ශ්‍රමිකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා එන්ජිමක්වත් උසස් ප්‍රමිතියකින් ගොඩ දා ගන්න තේරුමක් තියෙන අය ඉන්නවද දන්නෙත් නැහැ ] අමතර කොටස් ගැනීමේදී ඇතිවෙන කොමිස් ගැහිලි නැවත් විය යුතුයි,හැම සේවකයෙකුගේම කැප කිරීමක් අවශ්‍යයි. [හොර අතිකාල ,කොන්දොස්තර වරුන්ගේ මාටියා ගැහිලි,නිකන් පුටු රත් කරන බලවතුන් වැඩට දැමීම හා කී නොකී බොහෝ දේවල් අවම කලොත් ලංගමය ගොඩ] නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි.(ස)

:       0       0

ජයසිංහ Saturday, 13 September 2014 12:14 AM

ලංගමය ගොඩගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ දේශපාලන පත්වීම් දීම නැවත් විය යුතුයි. ඉන්පසු පුහුණු ශ්‍රමිකයන් බදවා ගත යුතුයි. ඔතන පාඨමාලාවක් හදරා ඇති පුහුණු ශ්‍රමිකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා එන්ජිමක්වත් උසස් ප්‍රමිතියකින් ගොඩ දා ගන්න තේරුමක් තියෙන අය ඉන්නවද දන්නෙත් නැහැ. අමතර කොටස් ගැනීමේදී ඇතිවෙන කොමිස් ගැහිලි නැවත් විය යුතුයි. හැම සේවකයෙකුගේම කැප කිරීමක් අවශ්‍යයි. හොර අතිකාල ,කොන්දොස්තර වරුන්ගේ මාටියා ගැහිලි,නිකන් පුටු රත් කරන බලවතුන් වැඩට දැමීම හා කී නොකී බොහෝ දේවල් අවම කලොත් ලංගමය ගොඩ. අනිල් මුණසිංහ මහතාගේ කාලයේ මෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි. (නදී)

:       0       0

සෆර්ඩීන් Monday, 15 September 2014 04:43 AM

ඒ.ජා.ප යේ වැරදි කීම නිදහසට කරුණක් නොවේ. ආනයනය කරන රටවලින් බස් නොමිලයේ හෝ සහනදායි ක්‍රමයකට ලබා ගැනීම. අනවශ්‍ය වියදම් කපා හැර, පෙළපාලි බස් සඳහාද මුදල් අයකිරීම, දැනටමත් කොපමණ බස් ගණනක් උෟවට ගිහිල්ලද ? මේවා නාස්ති නතර කල යුතුය (නදී)

:       0       0

සනත් Saturday, 13 September 2014 01:47 AM

ඉන්දියාවේ බස් ගාස්තු අපේ රටත් එක්ක සංසන්දනය කරනකොට 5 ගුණයක් අඩුයි. එ්ත් ඔවුන් හොදින් ලාබ ලබනවා. මේක කොහොමද වෙන්නේ. අපේ රටේ පරිපාලනයේ විශාල දුර්වලකමක් තියෙනවා. ලෝක වෙළද පොලේ ඉන්දන මිල පහත වැටිලා තියෙන්නේ. ඒ නිසා බස් ගාස්තු අඩුකරන්න. මිනිස්සුන්ගේ නැති බැරිකම් ගෙන හිතන්න. එක එක කෙනාගේ වියදම්වලට බිලියන ගණන් සල්ලි වෙන්කර ගන්න එපා (නදී)

:       0       0

විරාජ් Tuesday, 16 September 2014 09:17 AM

මේවාට අපිත් වග කියන්න ඕනේ (දී)

:       0       0

නික්කා Tuesday, 16 September 2014 09:18 AM

ලෝකෙට කට ඇරලා කියන්නත් ලැජ්ජයි කවුරු උනත් කමක් නැහැ දඩුවම් දෙන්න (දී)

:       0       0

සාලිය Tuesday, 16 September 2014 09:18 AM

ඕවා සාමාන්‍ය දේවල් මහත්තයෝ (දී)

:       0       0

මිනෝලි Tuesday, 16 September 2014 09:14 AM

අනේ අපි මොනවා කරන්නද (දී)

:       0       0

ලක්මාල් Tuesday, 16 September 2014 09:14 AM

මේ සල්ලි වලින් බස් ගත්තානම් අද ලංකාවේ ප්‍රවාහන සේවය කොතනද (දී)

:       0       0

නවින් Tuesday, 16 September 2014 09:14 AM

එජාපයටම චෝදනා කරලා වැඩක් නැහැ මහත්තයෝ (දී)

:       0       0

හර්ෂ Tuesday, 16 September 2014 09:14 AM

මට මොකුත් ඇහුනේ නැහැ (දී)

:       0       0

දයාල් Tuesday, 16 September 2014 09:14 AM

බය නැතුව කොහොමද මේ වන්චා කරන්නේ (දී)

:       0       0

දිනිත් Tuesday, 16 September 2014 09:15 AM

මෙහෙම දෙයක් වර්තමානයේ සිදු නොවේවා (දී)

:       0       0

සීනු Tuesday, 16 September 2014 09:15 AM

වැරදි කරුවන්ට දඩුවම් දෙන්න (දී)

:       0       0

ඉශාන් Tuesday, 16 September 2014 09:15 AM

නැවත මෙවන් තත්වයක් ඇති නොවේවා (දී)

:       0       0

චමින්ද Tuesday, 16 September 2014 09:15 AM

අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...?(නදී)

:       0       0

විදුර Tuesday, 16 September 2014 09:15 AM

මේ විනාශ වෙන්නේ අපි කන පාන් ගෙඩියෙන් ගහන බදු මුදල් (දී)

:       0       0

නුවන් Tuesday, 16 September 2014 09:15 AM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

ලලිත් Tuesday, 16 September 2014 09:18 AM

ලංකාව තුන් වන ලෝකයේ රටක් වෙන්නේ මෙන්න මෙවැඩ නිසා (දී)

:       0       0

ජීවන්ත Tuesday, 16 September 2014 09:18 AM

චම්මින්ද සෑම් නැහැ (දී)

:       0       0

හංසිනි Tuesday, 16 September 2014 09:15 AM

මේ එක ආයතනයක් විතරයි තව කොයි තරම් ඇතිද (දී)

:       0       0

දමින්ද Tuesday, 16 September 2014 09:18 AM

පාඩු ලබන ආයතනයක් නේද (දී)

:       0       0

කුසල් Tuesday, 16 September 2014 09:15 AM

අනේ මෙහෙම රටක් (දී)

:       0       0

කෞශල්‍යා Tuesday, 16 September 2014 09:18 AM

මේවාට වග කිව යුත්තේ කවුද (දී)

:       0       0

නලිනි Tuesday, 16 September 2014 09:15 AM

කෝටි 400 කියන්නේ කජු ඇටද කොස් ඇටද (දී)

:       0       0

මිගාර Tuesday, 16 September 2014 09:18 AM

මේවා ගෙවන්න වෙනවා කවදා හෝ (දී)

:       0       0

චන්දන Tuesday, 16 September 2014 09:18 AM

කොටි 400 තිබුනානම් ලංකාව පිට රටවලින් අරන් තියෙන ණය ගෙවන්න තිබ්බා (දී)

:       0       0

සනත් Tuesday, 16 September 2014 09:18 AM

කොහොමද ඉතින් රටක් දියුණු කරන්නේ (දී)

:       0       0

නලින් Tuesday, 16 September 2014 09:15 AM

හැබෑට කෝ මේ සෑම් මහත්තයා (දී)

:       0       0

චමින්ද Tuesday, 16 September 2014 09:15 AM

අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...? (දී)

:       0       0

චමින්ද Tuesday, 16 September 2014 09:18 AM

අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...?(නදී)

:       0       0

රොෂාන් ද සිල්වා Sunday, 14 September 2014 12:24 PM

ජනපතිගේ උපන් දිනේට විතරක් බස් රථයක් අලුත්වැඩියා කරන සේවකයෝ පිරිසක් ලංගමයේ ඉන්නේ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 06:30 AM

ඒ.ජා.ප යේ වැරදි කීම නිදහසට කරුණක් නොවේ.සෑම ඩිපොවකම පාවිච්චියට ගත නොහැකි පරණ බස් යකඩ වලට හෝ විකුණා මුදල් කර ගැනීම.පරිත්‍යාග ශීලී හා ආනයනය කරන රටවලින් බස් නොමිලයේ හෝ ,සහනදායි ක්‍රමයකට ලබා ගැනීම.අනවශ්‍ය වියදම් කපා හැර,පෙළපාලි බස් සඳහාද මුදල් අයකිරීම ,ලාභ පෙන්වන ඩිපෝ වලට දිරි දීමනා.පාඩුව මකා ගැනීමට කඩිනම් පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්. (අ)

:       0       0

ධනුෂ්ක Wednesday, 17 September 2014 09:05 AM

මට මටක හැටියට ඩලස් ඇමති තුමා ඉන්න කාලේ මේක ලාභ ලැබුවා. (ස)

:       0       0

සුගුනවති Sunday, 14 September 2014 05:33 PM

අර මහත්තයා තමන්ගේ කී දෙනෙක් වැඩට දැම්මද ? (නදී)

:       0       0

කමිදු Tuesday, 16 September 2014 12:28 PM

සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නැ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ද රහස්. (දිල්)

:       0       0

කමිදු Tuesday, 16 September 2014 12:24 PM

සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නෑ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ධ රහස්. (ස)

:       0       0

කුමුදු Tuesday, 16 September 2014 12:28 PM

සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නැ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ද රහස්. (නදී)

:       0       0

විපුල Wednesday, 17 September 2014 02:59 AM

මේකත් පුද්ගලික කරණය කරන්න (දී)

:       0       0

නලිනි Wednesday, 17 September 2014 02:56 AM

සේවකයින්ට අසාධාරණයක් කරන්න එපා (දී)

:       0       0

කුෂාන්ත Wednesday, 17 September 2014 02:59 AM

ජයවේවා ජයවේවා (දී)

:       0       0

සිනු Wednesday, 17 September 2014 02:56 AM

කමක් නැහැ මට මොකුත් ඇහුනේ නැහැ ඔන්න (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 September 2014 03:21 AM

පුද්ගලික බස් ගාස්තුවත් ලංගම බස් ගාස්තුවත් අතර සුළු වෙනසයි තියෙන්නේ. පුද්ගලික බස් ව්‍යාපාරය දියුණු වෙන්නත්,ලංගම පාඩුවෙන්නත් ලොකු හේතුවක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ව්‍යාපාරික කටයුතු පාරම්පරිකවම දන්නා දක්ෂ ඇමතිවරයෙකුට මේ පාඩු ගැන පාර්ලිමේන්තුවේ කිය කියා ඉන්න එක ගැලපෙන්නේ නැහැ.ඔබතුමා කියන පාඩුව පියවන්නෙත් ජනතාවගේ කෑම බීමවලින් පවා අයකරන බදු මුදල්වලින්නේ . ඒක නිසා ඔබතුමා ඔය පාඩුව පියවා ගන්න තමන්ගේ දැනුම ප්‍රයෝජනයට නොගන්නේ ඇයිද කියලයි මට නම් අහන්න වෙන්නේ. (අ)

:       0       0

ශාන් Wednesday, 17 September 2014 02:59 AM

දවසින් දවස ගාස්තු ඉහල යන්නේ මේ (දී)

:       0       0

සමර Wednesday, 17 September 2014 02:56 AM

මේවා දෙවියන්ටවත් පෙන්නේ නැද්ද (දී)

:       0       0

කලන Wednesday, 17 September 2014 02:59 AM

අනේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ (දී)

:       0       0

චානක Wednesday, 17 September 2014 02:56 AM

කොටි 400 කියන්නේ සෙල්ලන්ද (දී)

:       0       0

කුෂාන්ත Wednesday, 17 September 2014 02:56 AM

අපේ බදු මුදල් ඔය පිල්ලි යන්නේ (දී)

:       0       0

මිනිපෙ Friday, 12 September 2014 04:06 PM

මේ මණ්ඩලයේ සේවකයෝ වැඩියි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)

:       0       0

මිලින්ද Wednesday, 17 September 2014 02:59 AM

මේවාට නිසි පියවර ගන්න (දී)

:       0       0

මිනිපෙ Friday, 12 September 2014 04:09 PM

මේ මණ්ඩලයේ සේවකයෝ වැඩයි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)

:       0       0

කල්ප Wednesday, 17 September 2014 02:59 AM

ඉතින් පාඩු ලබනවාලු අහිංසක අපි තමයි මේවාට වන්දි ගෙවන්නේ අන්තිමේ (දී)

:       0       0

මිනිපෙ Friday, 12 September 2014 04:07 PM

මේ මණ්ඩලයේ සේවකයෝ වැඩයි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)

:       0       0

චවික Wednesday, 17 September 2014 02:59 AM

ඉතින් කොහෙද රටක් ගොඩ ගන්නේ (දී)

:       0       0

මිගාර Wednesday, 17 September 2014 02:59 AM

කියන්නත් ලැජ්ජයි (දී)

:       0       0

චාමර Wednesday, 17 September 2014 02:59 AM

දුෂණ වංචා ටික නතර කලානම් ඔය ටික බේරා ගන්න තිබ්බා (දී)

:       0       0

චාමික Wednesday, 17 September 2014 02:56 AM

හත්වලාමේ සේවකයෙක්ට 86000 ක් මාසෙකට වැය වෙනවනම් කොහොමද ලාබ ලබන්නේ? ප්‍රයිවෙට් බස් වල සේවකයෝන්ට මේකෙන් බාගයක්වත් වැය වෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ පඩි දීලද ? නැත්තම් මොනවා කොරලද ? (දී)

:       0       0

චාමික Wednesday, 17 September 2014 02:56 AM

සේවකයෙක්ට මෙච්චර ගාණක් මාසෙකට වැයවෙනවා නම් කොහොමද ලාබ ලබන්නේ? පුද්ගලික බස් වල සේවකයින්ට මේකෙන් බාගයක්වත් වැයවෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ වැටුප් දීලද ? නැත්නම් මොනවා කරලද ? (නි)

:       0       0

චාමික Wednesday, 17 September 2014 02:59 AM

හත්වලාමේ සේවකයෙක්ට 86000 ක් මාසෙකට වැය වෙනවා නම් කොහොමද ලාබ ලබන්නේ? ප්‍රයිවෙට් බස් වල සේවකයන්ට මේකෙන් බාගයක්වත් වැය වෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ පඩි දීලද ? නැත්තම් මොනවා කොරලද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1984 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 647 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site