ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් මේ සතිය තුළදී ටෙන්ඩර් කැදවන බව රජය කියයි. ගුවන්තොටුපලේ මගීන් එක්කෝටි විසිලක්ෂයක් හැසිරවීමේ ඉලක්කය වෙත 2015 වසර වනවිට ළඟා වීමට බලාපොරොත්තු වන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසුරිය පවසයි. නව මගී පර්යන්තයක් ද අලූතින් ඉදිකැරේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කටුනායක ගුවන් තොටට තවත් පහසුකම්
නිත්‍යා Saturday, 12 January 2013 12:06 PM
මේ රට යන තරමට මෙතන සංවර්ධනය නොකර බෑනේ (ස)
සුනිල් පෙරේරා Sunday, 01 July 2012 07:15 AM
ඔකෙන් වැඩකට ගන්න වෙන්නෙ භාගයක් විතර තමයි.. කොහොම හරි කසිකබල් තාලෙට ගොඩනැගිලි ටිකක් හදයි.. පේනවානේ ඇතුලෙ හදල තියෙන ඒවාගෙ ප්‍රමිතිය.. ඇත්ත තිත්තයි...
සමරසූරිය Monday, 25 June 2012 05:59 PM
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
නිෂ් Tuesday, 26 June 2012 05:29 AM
ඒක තමා දැන් මදිවෙලා තියෙන්නේ
අමිල Tuesday, 26 June 2012 06:09 AM
අපිට ගම දාලා යන්න වෙයිද?
සිසිර Tuesday, 26 June 2012 08:52 AM
සමහරුන්ගේ වත්කමින් අපි තේරුම් ගත්තා ගොඩක් දේවල්.ඒ නිසා මේ දේවල් වලින් වැඩක් තියෙයි කියලා මම නම් හිතන්නේ නෑ
අචිනි Wednesday, 27 June 2012 12:02 PM
ගොඩනැගිලි හදනවට වැඩිය වැඩ කරන අයට නිවැරදි සහ නිතිමය පුහුණුවක් දීම වැදගත් කියලයි මම නම් කියන්නේ
මදූ Monday, 25 June 2012 08:17 PM
ගුවන්තොටුපලේ ඉන්න මිනිස් කාක්කෝ නැත්නම් කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන්....
තුආන් Thursday, 05 July 2012 10:40 AM
ආධාර වලින් 70% ඇමතිගේ සාක්කුවේ
අන්කල් Tuesday, 26 June 2012 10:21 AM
ඔය ගන්න ණය මුදල සම්පූර්ණයෙන් සංවර්ධනයට යොදවාවිද???
සපුමල් Wednesday, 27 June 2012 12:54 PM
හොද දෙයක්.ඒ වුණත් ලංකාවේ දුම්රිය ටිකට වෙලාවට එන්න රේල් පාරවල් ටිකක් හැදුවනම් වටිනවා
කින් බෙනට් Tuesday, 26 June 2012 11:08 PM
@ සමරසුරිය .... මහත්තයෝ මේ නිකන් පොලොව උඩ යන පරණ කොච්චි ටිකත් ගොඩ ගන්න බැරුව තව මොන උමන් දුම්රියක්ද ? තවම ලංකාවට උමන් දුම්රිය ඉක්මන් වැඩියි .. තවම ගැලපෙන්නේ නැ .. ඔබතුම කියන ඒවා අහල ඕව කරන්න ගියොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙනවා
කින් බෙනට් Tuesday, 26 June 2012 11:22 PM
පාලිත ඩුබායි සමග මම එකඟයි .. කතාව ඇත්ත .. අතේ තියන් ඔහේ ඉන්නවා නෙමෙයි ..පිටු පෙරල පෙරල හොරෙක්ද කියල හොයනවා ... රටට ඇතුල් වෙද්දී සුහදව පිළිගන්න ඉන්න කට්ටිය හැම කෙනා දිහාම බලන්නේ හොරු කියල හිතාගෙනයි ... මොනවා කරන්නද ඒ කට්ටියත් ඉතින් කොහොම හරි හොරෙක් අල්ලාගෙන උසස් වීමක් ගන්නනේ බලන් ඉන්නේ ..
පාලිත ඩුබායි Monday, 25 June 2012 09:14 PM
අලුත් පර්යන්තයක් කෙසේ වෙතත් ඔතන ඉන්න පරන ආගමන නිලධාරි ටික මාරුකරලා කාර්යයක්ෂම අය දාන්න. මොකද එලියට එන්න ගියාම පැය ගණන් රස්තියාදු කරනවා සීල් ගහන්න පොත ගත්තම අතේතියන් ඔහේ ඉන්නවා....
ද සිල්වා Wednesday, 27 June 2012 09:19 PM
ගුවන් තොටුපළට අමුතුවෙන් ණය ආධාර අවශ්‍ය නෑ.ඒක උපයන මුදලින් ඒක දියුණු කරන්න පුලුවන්
විහග Tuesday, 03 July 2012 07:00 PM
අපේ ලංකාවේ ගසා කෑමකින් තොරව මොන දේද හරියට කරලා තියෙන්නේ
විහග Tuesday, 03 July 2012 06:22 PM
හැම පැත්තෙන්ම සංවර්ධනය කියල ගසා කන එක තමයි කරන්නෙ.. අපේ ලංකාවෙ ගසා කෑම නැතිව මොන දෙයක්ද කහරියට කළේ...??
අසෝක Wednesday, 27 June 2012 03:24 AM
ලංකාවෙ ගුවන් තොටුපොල පෞද්ගලික කළ යුතුයි.. දැන් බලන්න ටෙලිකොම් එක කොච්චර දියුණුද කියලා, ඉස්සර ගම් දහයකට එක දුරකථනයයි.. දැන් බලන්නකෝ එක ගෙදර දුරකථන දෙක තුන තියෙනවා..