IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මත්තලින් බුද්ධගයාවට

මත්තල සිට බුද්ධගයාවට සහනදායී ගුවන්ගමන් ගාස්තු යටතේ ගුවන් ගමන් අරඹන බව  මිහින් ලංකා ගුවන්සේවය කියයි.
එම ගුවන්සේවය මෑතකදී මිළදී ගත් මගීන් 178  කට ගමන් කළ හැකි ඒ320-200 ගුවන් යානාව මේ සඳහා යොදාගැනේ.
මාර්තු 24   කටුනායක සිට මත්තල හරහා බුද්ධගයාව වෙත මුල්ම ගුවන් ගමන පිටත්ව  යාමට නියමිතය.  එහි ආසන සියල්ලම වෙන්කර ඇති බව එම ගුවන්සේවය කියයි. බුද්ධගයාව වෙත ඊලග ගුවන්ගමන මාර්තු 31 දින පිටත්වීමට නියමිතය.
මිහින්ලංකා ගුවන්සේවය මත්තලට යන මුල්ම ගුවන්ගමන ලබන 18 වෙනිදා දහවල්  කටුනායකින් පිටත්ව ගොස් එදිනම සවස යලි කටුනායකට පැමිණීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ පලපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙකු වන   කපිතාන් පූජිත ජයකොඩි සහ කපිතාන් තේමිය අබේවික‍්‍රම එහි ගුවන්නියමුවෝ වෙති.
  

 



අදහස් (0)

මත්තලින් බුද්ධගයාවට

මහේෂ් Sunday, 17 March 2013 04:36 AM

පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

රවී Monday, 18 March 2013 09:49 PM

ගුවන් තොටුපල, නව ගුවන් ගමන් ඉතා හොදයි. හැබැයි ගුටිකන පැතිවලට, බොරු අන්තවාදීන් ඉන්න පැති වලට ගුවන් ගමන් ඕනෑ නැහැ. (නි)

:       0       0

මානෙල් Friday, 22 March 2013 02:16 PM

ශ්‍රී ලංකාවේ නිදහස සමග කඩිනම් සංවර්ධනයට අපෙනුත් සුභපැතුම්.(නදී)

:       0       0

මිහාර්ස් Wednesday, 27 March 2013 07:30 PM

අපිට මාර කරුමයක් පල දීලා තියෙන්නේ. සල්ලි දීලා ගියත් ගුටි කාගෙන තමයි එන්න වෙන්නේ.(නදී)

:       0       0

සෙනරත් Sunday, 17 March 2013 04:56 AM

තවම ලංකාවෙන් නේපාලයට ඍජු ගුවන් ගමන් නැහැනේ. (නි)

:       0       0

සිරිවර්දන Monday, 18 March 2013 01:09 PM

නියමයි. (දී)

:       0       0

ජගත් Tuesday, 19 March 2013 03:36 PM

ඉතාමත් හොද වැඩක් (දී)

:       0       0

ජයා Thursday, 21 March 2013 11:24 AM

හොද වැඩක් (දී)

:       0       0

තාරක Sunday, 17 March 2013 09:53 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

මුනිදාස Sunday, 17 March 2013 09:55 PM

අපිට දැන් බුදුන් උපන් දේශයට ගොස් වැද පුදා ගන්න පුළුවන් (දී)

:       0       0

ලහිරු Tuesday, 19 March 2013 03:46 PM

අපි ජීවිත කාලෙම ඉවසගෙන ඉදිමු. (නි)

:       0       0

ලක්මාලි Tuesday, 19 March 2013 11:20 AM

කවුරු මොන දේ කිවුවත් මේක හොද වැඩක්. (නි)

:       0       0

යොහාන් Sunday, 17 March 2013 07:30 AM

කලට වෙලාවට යයිද දන්නෙ නැහැ. බලමුකෝ. (නි)

:       0       0

පාලිත Saturday, 23 March 2013 10:11 PM

ලැජ්ජා නැතුව තව ඉන්දියාවට යනවද ගුටිකන්න? (නි)

:       0       0

දම්මි Tuesday, 19 March 2013 04:07 PM

ගුටිකාලා එන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 17 March 2013 02:55 PM

අප සියලු දෙනාගේම සුබ පැතුම්, ශ්‍රි ලංකාවේ නිදහසට සහ කඩිනම් සංවර්ධනයට!

:       0       0

කීර්ති Sunday, 17 March 2013 07:52 AM

කොහොමත් පළපුරුදු අයම දාන එක හොදයි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 26 March 2013 02:38 AM

මට නම් තේරෙන්නේ නැත්තේ කටුනායකින් බුද්ධගයාවට යන්න මත්තල යන්නේ ඇයි. පරිංගියා කොට්ටේ ගියා වගේනේ.(නදී)

:       0       0

තිලක් Sunday, 17 March 2013 07:52 AM

අපි ඉවසලා බලාගෙන ඉදිමු. (නි)

:       0       0

ගලබඩ-ඉතාලි Friday, 29 March 2013 05:27 AM

සිල්වා, අනුර පැයෙන් බුද්ධගයා යන්න දවස් දෙක තුනත් වත් බලා ඉන්න වෙයි ගහක් උඩට නැගලා මෙයාලගේ ගුවන්යානයක් එනකම්.(නදී)

:       0       0

දහම් Tuesday, 19 March 2013 04:24 PM

සාධු..සාධු..සාධු..සාධු.. බොහොම පින් (දී)

:       0       0

නිත්‍යා Saturday, 23 March 2013 12:53 PM

දකුණේ අයට පහසුවක් (ස)

:       0       0

කුමාර Sunday, 24 March 2013 02:35 PM

අපේ වයසක ආච්චිලා සියලාට සුභ පුවතක් (දී)

:       0       0

කාලිංග Sunday, 17 March 2013 08:40 AM

බොහොම වටිනා වැඩක්, මොකද ඒ පැත්තේ කොච්චර ඇතිද කොළඹ එන්න බැරි මිනිස්සු (දී)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 04:42 PM

හම්බන්තොට ඉදන් කටුනායකට යන්න වාහනයකට පැය පහක් විතර ගතවෙනවා. රුපියල් 13000 ක් විතර වාහනයට වැයවෙනවා. අපිට හම්බන්තොට ඉදන් පැය තුනකින් වගේ බුද්ධ ගයාවට යන්න පුලුවන්.(නදී)

:       0       0

.ගුණපාල Saturday, 23 March 2013 11:26 PM

යන ඈයෝ පින් නම් කරගනීවි. හැබැයි පින පලදෙන්නේ ලබන ආත්මෙදි, කොටසක් මේ ආත්මෙ සැප විඳිනවා රටේ බහුතර ජනතාව මේව නිසා මේ ආත්මයේ දුක් විඳිනවා. (නි)

:       0       0

නදී Monday, 25 March 2013 12:25 AM

අනුර, රුහුණේ අය මැරීගෙන කලා කයිය.(නදී)

:       0       0

චාමර සෙනෙවිරත්න බෝවලවත්ත Monday, 18 March 2013 10:05 AM

ආසියාවේ ආශ්චර්යය.. අපිත් සාදු සාදු කියලා යමු බුද්ධගයාවේ. (නි)

:       0       0

විජේරත්න Thursday, 21 March 2013 02:18 AM

සුභවාදීව සිතන්න. (නි)

:       0       0

කරු Sunday, 17 March 2013 11:50 PM

ගිහින් ගුටිත් කාගෙන එන්න. පේනවනේ හාමුදුරුවන්ට ගහලා එලවන හැටි. (නි)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 01:00 AM

දැන් ලෝකේ මොන මොන රටවල් වලටද ගුවන් සේවා තියෙන්න (දී)

:       0       0

කැලුම් Friday, 22 March 2013 10:52 AM

කරු , දම්මි, තමිල්නාඩුවේ වගේ අය බුද්ධගයා වේ නැහැ .එහෙම ගහන්නේ නැහැ මම ඒ ගැන සහතික වෙනවා (ස)

:       0       0

නුවන් Sunday, 17 March 2013 11:51 PM

සංඝා, හදිසි අවස්ථාවන් කියක් එනවද සාමාන්‍යයෙන් වසරකට? නිකන් අනවශ්‍ය දේට එපා කියන්න බයවෙන්න එපා (නි)

:       0       0

මෝරලා Sunday, 17 March 2013 10:13 AM

ලෙස්සයිද?(නදී)

:       0       0

හේරත් Saturday, 16 March 2013 10:24 PM

පිනේ හැටි. (අ)

:       0       0

පිටිගල-මිලානෝ Tuesday, 26 March 2013 06:12 PM

ලංකාවේ පාලකයන්ට පුදුම ගුවන්යානා පදින පිස්සුවක්නේ තියෙන්නේ.(නදී)

:       0       0

පීරිස් Sunday, 24 March 2013 05:21 PM

නුවන්, දිලංක, තිලක් ඩුබායි, ලංකා, ගුණපාල, රටේ පිළිගත් නිදහස් මාධ්‍යයක් ඉදිරියේ තමන්ගෙ වාචාලකම රටටටම පෙන්නනවා කියන්නෙ විජාතිකයින්ට මව් බිම පාවා දීමේ ව්‍යාපාරයට ඔබද සහය දෙනවා කියන ඵකයි. (නි)

:       0       0

ඩැනියෙල් Friday, 22 March 2013 12:02 PM

අපි එපැයි ඉතින් පෙට්‍රල් වලිනුයි, බඩු මිළෙනුයි මේවට ගෙවන්න. (නි)

:       0       0

අනුර Saturday, 16 March 2013 11:47 PM

මෙහෙම දේවල් අහන්න ලැබීමත් වාසනාවක්! (නි)

:       0       0

ප්‍රියදර්ශනී Wednesday, 20 March 2013 06:50 PM

සහන ක්‍රමයට යන සැලසුමක් නැද්ද (දී)

:       0       0

අනුර Sunday, 24 March 2013 09:21 AM

පිටිගල, අපිට අම්පාර, මොනරාගල ඉදලා කටුනායක එන්න පැය 6-7 ක් යනවා. බුද්ධගයාවට පැය 1 යි. එතකොට?(නදී)

:       0       0

අනුර Sunday, 24 March 2013 09:18 AM

ගුණපාල, අසුබවාදී විදියට පමණත් මේ ගැක නොසිතන්න. ඉදිරි දරු පරම්පරාවට මෙය ඉතරු වේවි. දේශපාලනය පසෙකින් තබන්න. කකුලෙන් ඇදීම අපේ පරමිපරාගත පුරුද්දක්. එය අත හැරියොත් දියුණු වෙන්න පුලුවන්.(නදී)

:       0       0

සුජීව Sunday, 17 March 2013 12:09 AM

එතකොට අනිත් අය පළපුරුදු නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අනුර Sunday, 24 March 2013 09:32 AM

බොරු අන්තවාදීන් ඉන්නේ නැගෙනහිරද, බස්නාහිරද, මීගමුවෙද,  හලාවතද, නුවරද කියලා අපි නම් දන්නේ නැහැ. දකුනේ අපිටමයි ගහන්නේ. රුහුණේ වයඹයි අය මැරීගෙන සටන් නොකලා නම් ගෙයින් එලියට බහින්න වෙන්නේ නැහැ. උඩින් බෝම්බ දානකොට අනේ අපොයි කියන්නයි වෙන්නේ.(නදී)

:       0       0

දිලංක Monday, 18 March 2013 06:07 AM

රට ණය කර විනෝද වන අපුරු දර්ශන බලන්න චන්දය දුන් සැමට ආරාධනා. ගහකොළ, සතා සීපාවා විනාශකරලා ලංකාව කොන්ක්‍රීට් වනාන්තරයක් කරපුවාම සංචාරකයෝ එයිද ?(නදී)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 09:10 AM

සාදු සාදු සාදු (දී)

:       0       0

පාල Sunday, 24 March 2013 11:15 AM

හොද වැඩක්.(නදී)

:       0       0

ලංකා Monday, 18 March 2013 04:02 PM

මම නම් දකින්නේ මේ ගමන් වාරය දිගටම තිබ්බොත් අපේ ඒ ගුවන් යානයට මගීන් නගින එකක් නැහැ. මේ වගේ කෙටි දුර ගමනාන්ත කෙලින්ම යන්න පුලුවන්කම තියෙද්දී ඇයි මේ තවත් පැය දෙකක් පරක්කු වෙලා ඒ ගමන යන්නේ? මිනිස්සු ගුවනේ ඉන්න නෙමේ ගුවන් යානා භාවිතා කරන්නේ. ගමන් යන්න. ඉතින් මිනිස්සු කැමති වෙයිද මේකට?? අන්තිමට මිනිස්සු අර ඉන්දියන් ඒවාගේ යන්න ගනියි. හ්ම්... (නි)

:       0       0

ජයන්ත වික්‍රමසූරිය Sunday, 24 March 2013 07:11 PM

ලංකාව ආස්චර්යට යන ගමන බොරුවක් නෙමෙයි කියලා දැන්නම් පැහැදිලි වෙනවා. අනික් අය වගේ නෙමෙයි මහරජතුමා කිව්වොත් කරලා කමයි පෙන්නන්නේ. අපටත් කරදරයක් නැතිව ප්‍රංශයේ ඉදලා කටුනායක ඇවිත් විනාඩි 25 කින් මත්තලට යන්න පුළුවන්. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 17 March 2013 02:17 AM

දකුණේ අසරණ ආච්චි සියලාට හොද අවස්තාවක් (දී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 21 March 2013 09:43 AM

ඔය වැඩෙන් අපිට ලාභයක් ලැබෙයිද? (නි)

:       0       0

වරුණ Tuesday, 19 March 2013 02:53 PM

පින් සිද්දවෙන වැඩක් (දී)

:       0       0

තාරක Friday, 22 March 2013 01:53 PM

මත්තලින් තමිල්නාඩුවට රු 100 ටිකට් ගන්න කවුරුවත් නෙතිලු !(නදී)

:       0       0

සංඝා Sunday, 17 March 2013 01:14 PM

මේක හොද වැඩක්. හදිසි අවස්ථාවක ගොඩ බෑම සදහා අපිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වල් එකකට වඩා තිබිය යුතුයි. එවැනි අවස්ථාවක අපිට චෙන්නායි වගේ ලග තැනකට යන්න වෙනවා. දැන් අපිට බය නැහැ. (නදී)

:       0       0

කමල් Monday, 18 March 2013 07:46 AM

තෙරුවන් සරණයි සැමටම (දී)

:       0       0

තිලක් - ඩුබායි Monday, 18 March 2013 07:55 AM

දිලංක, ගහ කොළ සතා සීපාවට මේ තරම් විනාශයක් වුන කාලයක්නමි දැක්කේ නැහැ.(කදී)

:       0       0

උපාලි Wednesday, 20 March 2013 10:02 AM

මත්තල සිට කටුනායක හරහා බුද්ධගයාව වෙත යන්න පුලුවන් නම් ඉතා හොදයි. (නි)

:       0       0

පිටිගල Sunday, 17 March 2013 03:10 AM

ඉතින් වෙනදා වගේම කටුනායකෙන්ම ගියා නම් හොද නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1003 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site