IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලයිසියම් කේම්බි‍්‍රඡ් සම්මාන දිනයි

කේම්බි‍්‍රඡ් විශ්ව විද්‍යාලයීය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ  විභාග සඳහා 2012 - 2013 වසර වල පෙනී සිටි ශ‍්‍රී ලංකාවේ සිසුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්විණි

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ සිසුහු තිදෙනෙක් ද කේම්බි‍්‍රජ් උසස් පෙළ විභාගයේ ලොව ඉහළම ලකුණු ලාභී සිසුන් ලෙස ඇගයීමට ලක් වුහ.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අසේල් ඉන්දුල පඩුවාවල කේම්බි‍්‍රජ් උසස් පෙළ පරිගණක විෂයයෙන්ද සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා, ගිණුම්කරණ විෂයයෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා විෂයෙන්ද සම්මාන ලැබුහ.

කේම්බි‍්‍රජ් උසස් පෙළ ප‍්‍රතිඵල මත ශ‍්‍රී ලංකාවේ ඉහළම ලකුණු ලාභි සිසුන් ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ කාවින්ද්‍යා තෙන්නකෝන් (ආර්ථික විද්‍යාව) පසිදු සංජුල පෙරේරා (භෞතික විද්‍යාව) අසේල ඉන්දුල පඩුවාවල (ගණිතය) තෙවින් උදාර වනසේකර (රසායන විද්‍යාව) බිනුරි සුලක්කනා ගුණරත්න (ජීව විද්‍යාව) පසිදු ප‍්‍රමෝදය පෙරේරා (ගණිතය) රුසිත් බිම්සර ගේ‍්‍රරු (ගණිතය) ද

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ෆයිසීල් අහමද් (භෞතික විද්‍යාව) සහ ඉශාරා උවයිස් (ව්‍යාපාර අධ්‍යනය) ද සම්මාන ලබා ගත්හ.

කේම්බි‍්‍රජ් සමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සිසුන් අතරින් නටාලි කාවින්දි රොද්‍රිගූ (මානව හා සමාජ විද්‍යාව) විදුශානි ජයංගා ධනවංශ (ගණිතය රසායන විද්‍යාව සහ පරිඝනක) තරුෂි අමායා සූරියආරච් (ජීව විද්‍යාව) දල රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ හසිනි වික‍්‍රමතුංග (සිංහල) ද වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ විනු විහාන් (භෞතික විද්‍යාව) සහ සදුනි සමන්තිලක (ඉංග‍්‍රීසි සාහිත්‍ය) ශ‍්‍රී ලංකාවේ ඉහලම ලකුණු ලාභීන් ලෙසද සම්මාන ලැබුහ.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් බුද්ධි මධුශංක රණසිංහ (සාමාන්‍ය පෙළ) ලෝක ඉතිහාසය (1917 - 1991) සඳහා ද  උසස් පෙළ විෂයය ධාරාවන් යටතේ සඳමිණි ඇතාකඩ ප‍්‍රංශ භාෂාව වෙනුවෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා හා නීතිය වෙනුවෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් කේම්බි‍ජ් විභාග සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුහ.

ඡායාරූපය    - (වමේ සිට දකුණට)

පළමු පෙළ   - අසේල ඉන්දුල , සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා,රීෂ්මා ඉමාරා උවයිස්, රුසිත් බිම්සර ගේ‍්‍රරු.

දෙවැනි පෙළ  - උදාර වනසේකර, බිනුරි සුලක්ඛනා, ෆාසිල් අහමද්, පසිදු සංජුල පෙරේරා, හසිනි  වික‍්‍රමතුංග, නටාලි කාවින්දි රොද්‍රිගු.

තෙවැනි පෙළ - තරුෂි අමායා සූරියආරච්චි, විදුශානි ජයංගා, සදුනි සමන්තිලක, විනු විහාන්, බුද්ධි මධුශංඛ රණසිංහ,  සදමිණි ඇතාකඩ.

 

 



අදහස් (0)

ලයිසියම් කේම්බි‍්‍රඡ් සම්මාන දිනයි

චන්ද්‍රරත්න Monday, 23 December 2013 10:00 AM

කවුරු වුනත් ලයිසියම් එක ගැන හරි දැනුමකින් අදහස් දක්වා නැහැ. මගේ දරුවන් දෙදෙනාම යන්නේ මේ පාසලට. ලයිසියම් කියන්නේ අනික් රජයේ පාසල් වලටත් පූර්වාදර්ශයක්. පෝය දවසට සිල් ගන්න රජයේ පාසලක් වත් තියෙනවද? ඒත් මගේ දරුවන් පෝයට මේ පාසලේ සිල් ගන්නවා. දහම් පාසැල් යනවා. හැම ආගමකම සංස්කෘතියකම දරුවන් එකට එකා වගේ ඉගෙන ගන්නවා. ඔවුන් එකිනෙකාට ගරු කරනවා. නවක වද, ගුරුවරුන්ට අපහාස, ගැරහුම් නැහැ. අපේ රටේ නැටුම්, පෙරදිග සංගීතය, සිංහල බස උගන්වනවා. මේ පාසලේ විනය ඉතා ඉහල මට්ටමක තිබෙනවා.මම නම් දකින්නේ ඒ හැම හොද ගුනාංගයක් එක්කම තමයි මේ දරුවන්ට ලෝක මට්ටමේ ජයක් හිමි වෙලා තිබෙන්නේ. ඒ දරුවන් අපේ රටේ අපේ කම දන්න දරුවන් ඔබට සුභ පතමි! (නදී)

:       0       0

රුවන් චාමර - මහරගම Friday, 20 December 2013 09:24 AM

හදවතින්ම සුබ පතමි.ඔබ ජාත්‍යන්තර පාසලක් නියෝජනය කළත් අපේම රටේ දරුවන් ලෙස සිරි ලක් මවට අභිමානයක් ගෙන එන්නට සමත් වී ඇත. (ස)

:       0       0

ශ්‍යාමලී Friday, 20 December 2013 09:47 AM

ජය වේවා ලියිසියම් මටවට. මව්නි ඔබට දීර්ඝායු පතමි. අපේ අනාගත දරුවන්ට යහපතක්ම වේවා.(දිල්)

:       0       0

සේන Wednesday, 01 January 2014 07:36 PM

ලයිසියම් එකේ විනය සහ අධ්‍යාපනය විශිෂ්ඨයි. (නදී)

:       0       0

සමන් Saturday, 21 December 2013 09:45 PM

හේමන්ත, ඔබ හිතන්නෙ මේ දරුවන්ට ලංකාවේ ඉතිහාසය ගැන ලයිසියම් එකේදී ඉගෙනගන්න ලැබුනෙ නැහැ කියලද? ඒක වැරදි වැටහීමක් මිත්‍රයා. ඉතිහාසය ඉගෙනගන්න ඒක විෂයයක් හැටියට ඉගෙනගන්න ඕනෙ නැහැ. හොඳ පැවරුමකින් දෙකකින් කරන්න පුළුවන්. ඒක මම මගේ දරුවන් ලැබූ අධ්‍යාපනය තුලින් දැකල තියෙනවා.(නදී)

:       0       0

නිමි Saturday, 28 December 2013 06:03 PM

අපේ දක්ෂ දරුවන්ට ගරහන්න එපා ලන්ඩන් මානෙල් ලංකාවෙන් පිටවෙලා පහේ ශිෂ්‍යත්වය වත් පාස් වෙන්න බැරි අය (අ)

:       0       0

ජීවන්ත Sunday, 12 January 2014 10:12 AM

ලංකාවේ අධ්‍යාපනයට හොද කාලයක් (දී)

:       0       0

තුසිත Wednesday, 25 December 2013 01:02 PM

පිටරටවල් වල ඉඳගෙන නොදන්නා කෙහෙම්මලකට කට දාන්නේ නැතුව හිටියා නම් මානෙල්ටත් නම්බුව පිටින් ඉන්න තිබුනා.(නදී)

:       0       0

ගයාන් Friday, 20 December 2013 11:40 AM

ශ්‍යාමලී, හරියට ලියන්න බැරි නම් අදහස් දක්වන්න එපා. (නදී)

:       0       0

සමන් Monday, 23 December 2013 11:17 AM

මානෙල්, මේ ලමයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙ පී එච් ඩී උපාධියට ඉගෙන ගන්න ලමයි නෙමෙයි. ඒ හින්ද මුලු ඉතිහාසයම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හොඳ පැවරුමකින් කරන්න පුලුවන් දේ අවුරුද්දක් පුරාම පන්ති පවත්වලත් කරන්න බැහැ. ලයිසියම් එක කඩයක් කියන ඔයා දන්නවද ඔයාගෙ ඔය මහ ලොකු එන්ගලන්තෙත් අධ්‍යාපනය විකුනනවා කියලා​(නදී).

:       0       0

චන්දික Tuesday, 07 January 2014 09:52 AM

කරුණාකර ද්විතියික පාසල් 1000 සංවර්දනය කරන්න. මේ ළමයිනුත් ළමයිනුත් ලැයිසියම් ගියේ හොඳ පාසලැක් හොයා ගන්න බැරි උන හින්දනේ.(නදී)

:       0       0

මානෙල් ලන්ඩන් Sunday, 22 December 2013 06:44 AM

එක පැවරුමකින් දෙකකින් ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්? කාටද මේ කියන්නේ? එහෙනම් එංගලන්තේ ඉතිහාසයත් එහෙම උගන්වන්න පුළුවන්නේ විෂයක් විදිහට උගන්වන්නේ නැතිව. මේ කඩ වල උගන්වන්නේ සුද්දගේ ඉතිහාසේ පමණයි. ඇඟ බේරා ගන්න මොකක් හරි බොරුවක් කරලා අපේ ටිකකුත් උගන්වනවා. එංගලන්තේ විශ්ව විද්‍යාල වලට එනවා ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත සිංහල බෞද්ධ පවුල් වල ළමයි. වඳ බැහැපු කෙහෙල් ගස් වගේ. ඔය ඇතිනේ? (අ)

:       0       0

ශාන්ති- බණ්ඩාරවල Saturday, 04 January 2014 05:49 AM

අපේ දක්ෂයන්ට හෘදයාංගම සුබ පැතුම්! (නදී)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි (කේම්බ්‍රිජ් සරසවිය) Sunday, 29 December 2013 09:05 PM

අපේ හෘදයාංගම සුබ පැතුම්! (නදී)

:       0       0

දමින්ද Tuesday, 07 January 2014 11:23 AM

ලංකාවේ අධ්‍යාපනයට උරදෙන විශිෂ්ට අධ්‍යාපන ආයතනයක් (දී)

:       0       0

සගන් Thursday, 26 December 2013 03:57 PM

ජය වේවා(දිල්)

:       0       0

හේමන්ත Friday, 20 December 2013 03:49 PM

එතකොට මේ ළමයිනට ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න වෙන්නේ ලන්ඩන් ගිහින් වෙන්න ඇති. (අ)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 20 December 2013 04:05 PM

ඔබට සුභ පතමි, ඔබ අපේය කියන්න පුළුවන් පාසලකින් ජයග්‍රහණය කලානම් ගොඩාක් සතුටු වෙමි (අ)

:       0       0

ආචාර්ය දයන්ත ගුණසේකර Wednesday, 01 January 2014 01:16 PM

කේම්බ්‍රිජ්, එඩෙක්සෙල් ලකුනු දෙන හැටි දෙකටම හිනායනවා. (නදී)

:       0       0

මාලා Thursday, 13 February 2014 02:40 PM

ශ්‍රී ලංකාව වාසනාවන්තයි.(නදී)

:       0       0

මානෙල් ලන්ඩන් Wednesday, 25 December 2013 07:28 AM

සමන්, ඔයා කොහොම කිව්වත් ඔය ළමයි හැමෝම අන්තිමට එන්නේ එංගලන්තෙටනේ. ඒ අය අපිට හමු උනහම ලබපු අත්දැකීම්, දැකපු, අහපු අත්දැකීම් වලුනුයි මම කිව්වේ. නැතුව ඔය ලයිසියම් තියෙන තැනවත් මම දන්නේ නැහැ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 08 January 2014 05:32 AM

මගේ ළමයත් යන්නේ ඒ ඉස්කෝලෙට, සුභපැතුම් (දී)

:       0       0

ධම්මිකා ප්‍රියානි Monday, 23 December 2013 09:09 PM

ජය වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1840 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 640 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 131 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site