ඩයලොග්, MAS, හේමාස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා PwC ශ්‍රී ලංකා එක්ව රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත් පවුල් සහ ප්‍රජාව වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ CBL සමූහය එක්වීම පසුගියදා සිදුවිය.
එහි බෙදාහැරීමේ සහකරු සර්වෝදය හා විගණන සහකරු PwC ශ්‍රී ලංකා ඇතුළු සම අදහස් ඇති හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ඩයලොග්, MAS, හේමාස් සහ CBL අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතුරින් පවුල් 100,000කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට සියලුම දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදාහැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රකෘතිමත් සැලැස්මකින් තිරසාර ප්රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ.
CBL සමූහයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින්,
“සෙනෙහස, ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා විශ්වසනීය බව යන මූලික හර අගයන් මත CBL ගොඩනගා ඇති අතර සෙනෙහස යන හර අගය සඳහා CBL හි විශේෂ ස්ථානයක් හිමිවන බව පැවසුවාය. මෙම ක්‍රියාන්විතයට හවුල්වීමට ලැබීම පිළිබඳ අප සතුටු වන අතර මෙම කාලෝචිත ප්රයත්තනයේ කොටස්කරුවකු වීමට අපට ආරාධනා කිරීම පිළිබඳ ඩයලොග් ආයතනයට ස්තූතිවන්ත වන බවත් වගකිවයුතු ආයතන ලෙස ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාවත් තුළ ක්‍රියාකාරීව නියැලීමේ යුතුකමක් අප සතුවන අතර, මෙම අවස්ථාවේදී අවශ්‍යතා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අපට උපකාර කළ හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා’’ යනුවෙන් ඒ මහත්මිය සඳහන් කළාය.
-සටහන- චමින්ද මුණසිංහ
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන CBL එක්වෙයි