හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය ප්‍රමුඛතම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘අපේක්ෂාවේ ගම්මානය’ (Hope Village) අරඹනු ලැබීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ කැන්දගස්මන්කඩ ගම්මානයේ පිහිටුවන මෙම ව්‍යාපෘතියට, ප්‍රජා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා මණ්ඩපයක් ඇතුළත් වන අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 60කට අධිකය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතාය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කළමනාකාරීත්වය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) සහ නිර්මල පදනමේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.
උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ චීන තානාපති චී. ජෙන්හොන් මහතා මෙසේ පැවසීය.
“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් විස්සකටත් වඩා පැරණි එකක්. දේශීය හා ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද එය ජාතීන් දෙකේ හදවත් තුළ ගැඹුරින් මුල්බැස තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව දුෂ්කර කාලවලදී එකිනෙකාට උපකාර කර ඇති අතර අනාගතයේදීත් චීනය එසේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, දරිද්‍රතාව පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට චීනය අපේක්ෂා කරනවා. අපේක්ෂාවේ ගම්මාන වැඩසටහන සාර්ථක ව්‍යාපෘතියක්. එමඟින් අන්‍යොන්‍ය සැබැඳියාව වැඩිදියුණු වී ගම්වාසීන්ගේ ජීවන රටාවද නඟාලනු ඇති.”
තානාපතිවරයා ගමේ ප්‍රජා මධ්‍යස්ථානයේ, ‘චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය‘ ලෙස නම් කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයට, මූලික තාක්ෂණ උපකරණ ප්රදානය කළේය.
ගම්මානයේ කුඩා ළමයින්ට සෙල්ලම් බඩුද පරිත්‍යාග කරන ලදී. ඒ අතර, HIPG සහ CICT කණ්ඩායම් විසින් ‘අපේක්ෂාවේ ගම්මාන’ සඳහා සිදු කළ අනුග්‍රහයට සමගාමීව, ප්‍රදේශයේ පන්සලටද මුදල් පරිත්‍යාගයක් පිරිනමන ලදී.
-සටහන- චමින්ද මුණසිංහ
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හම්බන්තොට වරාය ‘අපේක්ෂාවේ ව්‍යාපෘතිය’ අරඹයි