IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

වසර 21 ට පසු ගුවනින් සමුගනියි

ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි.

 එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.

වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.

මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.

මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.

කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.

3 4 5 6

 _DSC5007 _DSC5098 1

අදහස් (0)

වසර 21 ට පසු ගුවනින් සමුගනියි

චමල් Saturday, 09 January 2016 05:53 AM

සමහරු මෙලෝදෙයක් දන්නේ නැතුව ඔහේ අදහස් දානවා. මේ එකක්වත් අපිට අයිති යානා නෙමෙයි. (නි)

:       0       0

සුනිල් Thursday, 21 January 2016 07:15 AM

විජිත් මහත්මයාගේ විස්තරය අපි අගේ කරනවා. (බ)

:       0       0

රිචි බාලසුරිය Friday, 08 January 2016 09:49 AM

ලංකාව බදු ක්‍රමයට මෙම ගුවන් යානා අරන් , පසුගිය කාලයේ ඒවාට ගෙවිය යුතු වාරික බදු මුදල් කෝටි ගණන් ගෙව්වේ අපේ මහජන බදු මුදල් වලින්, , ගුවන් සමාගම මෙහෙයෙවන්න හිටපු සභාපති 8 වසර වත් පාස් නැති , පවුල් සාමාජිකයෙක් , ඔහු සමහරවිට ඔහුටම ගුවන් යානයක් ගන්නට මුදල් සොයා ගන්න ඇති (බ)

:       0       0

වජිර Friday, 08 January 2016 09:51 AM

රථවාහන සදහා තිබෙන අබලි රථගාලවල් වගේම ගුවන් යනා සදහාත් අක්කර දහස් ගනනක් වෙන්කළ ගුවන් තොටුපල් තියෙනවා. මේවායේ ප්‍රධානම ගුවන්තොටුපලවල් තියෙන්නේ ඇමරිකාවේ හා රැසියාවේ. ඇමරිකාවේ ඇරිසෝනා, කැලිෆෝනියා හා ටෙක්සාස් ප්‍රන්ත වල මෙවා දැක ගත හැකියි. ගුවන් සමාගම් කරන්නේ සමහර භාවිත කළ හැකි උපකරණ ඉවත් කරගෙන අදාල ගුවන්තොටුපලට යම් මිලක් ගෙවා එහි තැන්පත් කිරීමයි. (බ)

:       0       0

චන්දන Friday, 08 January 2016 02:21 AM

නන්දලාල් මහතා අසන ප්‍රශ්නයත් වැදගත්. මෙම ගුවන් යානාවලට දැන් මොකද කරන්නේ? අවුරුද 20 ක කාලයක් පාවිච්චි කළ නිසා ගුවන් ගමන් වලට යොදාගත හැකිවේද? (නි)

:       0       0

නිපුන Tuesday, 12 January 2016 01:44 PM

අපේ රටේ ගුවන් යානා හදන්න දන්න අය ඉන්නවා. ඒ අයට අවස්ථාවක් දෙන්න කව්රුත් නෑ. (ර)

:       0       0

දිනුෂා Tuesday, 12 January 2016 01:44 PM

මේ ගුවන් යානා කුලී පදනමින් ජාත්‍යන්තර සමාගම් වලින් ගත්තු ඒවා . ඒවා ඔවුන්ටම බාර දෙනවා . අලුතෙන් ගෙනාපු ඒවත් එහම තමයි. අපේම කියලා නැහැ .දිගු කාලින කුලී පදනමට ගන්න ඒවා. (ර)

:       0       0

රන්ජිත් Thursday, 07 January 2016 03:33 PM

මේ ළඟදි අපිට කිවුවා කට්ටියක් ශ්‍රී ලන්කන් එකට එක ගුවන් යානයක්වත් නැහැ කියලා. මේ මොකද්ද? අලුතින් ගත් එකද්ද? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 14 January 2016 06:14 AM

එමිරේට්ස් සමඟම පාලනය කළ කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක්. මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කළා නම් මීටවඩා සේවයක් ජනතාව ලැබෙනවා. මෙම නාස්තියෙන් වැඩි කොටසකට වගකියන්න ඕනෑ හිටපු නිලධාරීන්. (නි)

:       0       0

ද සිල්වා Thursday, 14 January 2016 06:18 AM

ඔය පම්පෝරි ගැහුවට හැම අවුරුද්දකම රුපියල් කොටි 1500- 2000 අතර මුදලක් මෙහි පාඩුව පියවීමට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙනවා , එමිරටෙස් සමගම පාලනය කල කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක් .මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කලානම් මෙයට වඩා සේවයක් ජනතාව ලැබෙනවා (කෞ)

:       0       0

චානක Tuesday, 26 January 2016 02:14 AM

විජිත් මහත්මයාගේ විස්තරය අපි අගය කරනවා. (නි)

:       0       0

දිලාන් Thursday, 07 January 2016 03:54 PM

අනේ දැන් ඕක මට ලබාගන්න පුලුවන් නම්.... (නි)

:       0       0

අශෝක Friday, 08 January 2016 06:06 AM

වාස් ගුණවර්ධනට දැන් පණ නැත ඕක ගන්න රජා හිටියානම් (බ)

:       0       0

සංජීව Thursday, 07 January 2016 03:58 PM

දශක දෙකක් පුරා මෙම යානා නිසිලෙස නඩත්තු කළ කාර්ය මණ්ඩලය ගැන නොකියාම බැහැ. ඔවුන්ගේ දක්ෂ බව නිසයි මෙපමණ කලක් මෙම යානා හොඳින් පැවතුනේ. (නි)

:       0       0

ඉරෝෂ් Monday, 11 January 2016 10:33 AM

චමල් ඔය දන්නා දේ ගැන අපටත් දැන ගන්න කියනවද? (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 15 January 2016 02:56 PM

ශ්‍රී ලංකන් ඉංජිනේරුවන් සහ කාර්මිකයන්ට ලෝකයේ අනෙක් ගුවන් සමාගම් වල හොඳ පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකන් එකේ ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බවට ශ්‍රී ලාංකිකයන් අතර මතයක් තිබෙනවා. එම නිසා ශ්‍රී ලාංකිකයන් වෙනත් ගුවන් සමාගම් තෝරාගැනීමට පෙළඹෙනවා. මෙය පාඩු ලබන්නට මේකත් එක්තරා හේතුවක් (නි)

:       0       0

රවී Friday, 08 January 2016 04:09 AM

ඉරානය වැනි බටහිරින් සම්බාදක පැනවූ රටවල් මේ වගේ සේවයෙන් ඉවත් කරන ගුවන් යානා මිලදී ගන්නවා. මොකද ඒ රටවල් වලට කෙලින්ම ඒයර් බස් සමාගම යානා විකුනන්නේ නැති නිසා. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 07 January 2016 07:13 PM

විශ්‍රාම යැවූ මෙම ගුවන් යානා වලට දැන් මොනවද කරන්න යන්නේ? (නි)

:       0       0

වජිර Friday, 08 January 2016 07:57 AM

රථවාහන සදහා තිබෙන අබලි රථගාලවල් වගේම ගුවන් යානා සඳහාත් අක්කර දහස් ගණනක් වෙනකල් ගුවන් තොටුපල් තියෙනවා. මේවායේ ප්‍රධානම ගුවන්තොටුපලවල් තියෙන්නේ ඇමරිකාවේ හා රැසියාවේ. ඇමරිකාවේ ඇරිසෝනා, කැලිෆෝනියා හා ටෙක්සාස් ප්‍රන්ත වල මේවා දැක ගත හැකියි. ගුවන් සමාගම් කරන්නේ සමහර භාවිත කළ හැකි උපකරණ ඉවත් කරගෙන අදාල ගුවන්තොටුපලට යම් මිලක් ගෙවා එහි තැන්පත් කිරීමයි. (බ)

:       0       0

ගයාන් ප්‍රියන්ත Tuesday, 12 January 2016 04:14 PM

මම දන්න විදියට ලංකාව වගේ රටකට මේ විදියට ගුවන් යානා බද්දට ගන්න එක මිලදී ගන්නවට වඩා වාසියි (නි)

:       0       0

ගයාන් Tuesday, 12 January 2016 04:19 PM

අවුරුදු 21ක් කියලා කියන්නවත් බෑ.(හේ)

:       0       0

සාගල Tuesday, 12 January 2016 04:25 PM

මේ වගේ පුවත් පල වෙන එකත් ලොකු දෙයක්.(හේ)

:       0       0

අසේල Tuesday, 12 January 2016 04:19 PM

මාත් දවසක ඔය ගුවන් යානේ ගියා. ඒ ගැන සතුටුයි.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 12 January 2016 04:25 PM

තව දුවන්න පුළුවන්.(හේ)

:       0       0

ගයන් ප්‍රියන්ත Tuesday, 12 January 2016 04:19 PM

මන් දන්න විදියට ලංකාව වගේ රටකට මේ විදියට ගුවන් යානා බද්දට ගන්න එක මිලදී ගන්නවට වඩා වාසි.(හේ)

:       0       0

චමල් Monday, 11 January 2016 12:50 PM

ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එ්ක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යානාවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් (බ)

:       0       0

චමල් Monday, 11 January 2016 12:45 PM

ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යනවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් . (කෞ)

:       0       0

චමල් Monday, 11 January 2016 12:45 PM

ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යානවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් . (කෞ)

:       0       0

ලක්මාල් Wednesday, 20 January 2016 10:55 AM

දුකයි (බ)

:       0       0

ගුණවර්ධන Tuesday, 12 January 2016 05:12 PM

බටහිර තාක්ෂණය ඉතා වේගවත් නිසා ඒ රටවල් වැඩකටයුතු දිගටම කරගෙන යනවා. අපිට ගොඩාක් අඩුපාඩු තිබෙනවා. නමුත් අපේ ඉන්ජින්නේරුවන් ඉතාම දක්ෂ පිරිසක්. ඒ නිසා සුබ අනාගතයකට මේ අයට සුබ පතනවා. (නි)

:       0       0

අමාලි Friday, 08 January 2016 08:43 AM

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලයට මාගේ ප්‍රනාමය. (ර)

:       0       0

හේමාල් Tuesday, 19 January 2016 03:51 AM

මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කළා නම් මීට වඩා සේවයක් ජනතාව ලැබෙනවා. එමිරේට්ස් සමඟම පාලනය කළ කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක්.මෙම නාස්තියෙන් වැඩි කොටසකට වගකියන්න ඕනෑ හිටපු නිලධාරීන්. (කෞ)

:       0       0

කුමාර් Friday, 08 January 2016 08:43 AM

ඕවා ගන්නේ ලීස් එකට ඒවා අයෙත් ඒ කොම්පැණි වලටම දීලා දානවා. දැන් එකේ කාලය ඉවරයි. (ර)

:       0       0

මුතු-කටුනායක Friday, 15 January 2016 12:46 AM

සිල්වා හරි. ඔය පම්පෝරි ගැහුවට ඒ ගැන දන්නෝ දනිති. කලින් හිටපු ලොක්කෝ නාස්ති කළ මහජන මුදල් වලින් එක යානයක් හරි අපිටම කියලා ගන්න තිබුනා (නි)

:       0       0

විජිත් Friday, 08 January 2016 09:01 AM

නන්දලාල්, මේ ගුවන් යානා අපිට අයිති ඒවා නොවෙයි. නිශ්චිත කාලයකට වෙනත් සමාගමකින් එසේත් නැතිනම් මවු සමාගමෙන් " බද්ධට " ගත් ඒවා. කිහිපයක් මිලදී ගත් ඒවායි. බදු කාලය අවසන් වුනහම.අ පි තීරණය කරන්න ඕන තවදුරටත් මෙයාවම තියාගන්නවාද එහෙම නැතිනම් මෙයාගේ ලඟදි ඉපදුන සහෝදරයාව බද්ධට හරි මිලදිලාම හරි ගන්නවාද කියලා. මොකද අලුත් සහෝදරයා, හැමදාම අලුත්වන තාක්ෂණයෙන් සපිරුණ කෙනෙක් නිසයි. මේ යානා දශක දෙකක් කිසිම උපද්‍රවයක් නැතිව උපරිම සේවය ලබා දුන්නේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින අතිදක්ෂ ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ කැපවීම මතයි. මේ ගුවන් යානා කලින් කලට එක එක පරීක්ෂණයන්ට යොමුකරනවා. ඒ නිසා උපද්‍රව අඩුවෙනවා. මම කීව පරීක්ෂණ වල වැදගත්ම එක තමයි " ඩී චෙක් " එක කියා හඳුන්වන්නේ. දැනට අවුරුදු 25 ක විතර ඉඳලා අපේ රටේම සිදුකරනවා. ඊට කලින් එය සිදුකලේ සින්ගප්පුරුවෙයි. ඒ නිසා විශාල මුදලක් සිංගප්පුරුවට ඇදී ගියා. මේ" ඩී චෙක් " එකේදී ගුවන්යානයේ " බඳ " අලුතෙන්ම සවිකරනවා. සමහර විට යොදාගන්න " රිවට් "ඇන වල බරෙහි වෙනසක් නිසා "ඩී චෙක් " එකෙන් පසු යානයේ බරෙහි ඉතාමත්ම සුළු වැඩිවීමක් පෙන්වුවහොත්... ගුවන් යානයේ එක අසුනක් අයින් කරනවා. මෙයින් ඔබට තේරෙනවානේද අපි රටේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සේවය කරන ඉංජිනේරු ශිල්පීන්ගේ හැකියාව සහ දක්ෂතාවය. ඇත්තටම මේ ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුමයි. (ර)

:       0       0

රාජිත Friday, 08 January 2016 01:40 AM

නන්දලාල්, සමහරවිට මේවා වෙනත් කුඩා ගුවන් සමාගමක් ගන්නවා ඇති. (නි)

:       0       0

සුනිල් Thursday, 21 January 2016 07:21 AM

විජිත් මහත්මයාගේ විස්තරය අපි අගය කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක

සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 62 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 51 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site