IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)


විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.


පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 554කි. 
පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරට ලැබුණු විදෙස් ප්‍රේෂණ හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස හතරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 9% කින් අඩු වී ඇත. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබී ඇති සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,171ක් වන අතර මේ වසරේදී ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,975කි.


මේ අතර මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700කට වැඩි ප්‍රමාණයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තවත් 23 දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.


නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මැද පෙරදිග සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට පිරිසක් නැවත මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 


තවත් 40,000ක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් 25,000කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්විය යුතුව සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි.  

 

 



අදහස් (24)

විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි

kamani Tuesday, 23 June 2020 11:36 AM

අපෝ තව අඩුවෙනවා.. ඒ මිනිස්සුන්ට කරපු නින්දා, අපහාස කෙනෙහිලිකම් වලට මුලින්ම රජයට විඳින්න වෙනවා. ඊටත් පස්සේ ආණ්ඩුවේ ගෝල බාලයින්ට විඳවන්න වෙනවා.

:       59       1338

milanTuesday, 23 June 2020 09:49 PM

එවන විනිමය අඩුවුනාට මෙකේ ඉන්න සමහර කයිවාරුකාරයන්ගේ පඩියවත් වත්කම් වත් අඩුවෙලා නැහැ. ඒවා වසරෙන් වසර වැඩි වෙනවා. රටපුරා ඉඩම්, රටපුරා ගෙවල්.

:       0       231

nalakaWednesday, 24 June 2020 12:57 AM

එවන විනිමය අඩුවුණාට කමක් නැහැ. මහා භාණ්ඩාගාරයෙන් ණයට හරි අරගෙන මේකෙ ඉන්න හෙන්චයියන්ට ලක්ෂ ගණන් පඩි ගෙවන්න. පවුල්පිටින් පිනට ගමන් යන්න රටේ සල්ලිවලින් දීමනා දෙන්න. රට සංචාර දෙන්න.

:       0       43

පෙරේරා Tuesday, 23 June 2020 11:40 AM

මේ දත්‍ත අනුව ආසන්න වශයෙන් මැදපෙරදිග රැකියා අහිමි වී ඇති ගණන 170,000 සිට 500,000 අතර ගණනක් විය හැකිය. මේ සියල්ලම තව මාස 3 කින් පස්සේ ලංකාවට ආපසු තත්වය බලාගත හැකියි. ආණ්ඩුව මේක දැනගෙන තමයි ඡන්දෙ තියන්න ෆුල් ට්‍රයිඑක දැම්මේ...

:       58       498

nirmal Tuesday, 23 June 2020 11:49 AM

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අහිංසක සල්ලි වලින් කකා ඔවුන්ට බැනපු විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිටින නිලධාරින්ගේ වේතන කපා හරින්න.

:       15       1901

rama Tuesday, 23 June 2020 12:00 PM

මැදපෙරදිග රටවලට එක ගුවන් යානයක් වත් ආවේ නැතිව පියාඹලාද දන්නේ නැහැ.. 8000ක් ලංකාවට ගියේ.... බොරු කියන තරම් මේ මිනිස්සු...

:       93       305

sunil Tuesday, 23 June 2020 12:11 PM

මේ අයගෙන් ලැබෙන ආදායම ගැන පමණක් හිතලා මදි... අද රටේ විදේශ ණය ගෙවන්නේ මේ අය එවන මුදලින්. මේ වසංගතයෙන් අසරණවී මව්රට බලා පැමිණීමට සිටින අයට ලංකාවට එන්නට උදව් කළ යුතුයි.

:       0       324

rathnayake Tuesday, 23 June 2020 12:20 PM

කෝටි ගණන් කිරි අම්මලාගේ දානේ දෙන්න, මැයි රැලි යන්න... සල්ලි වියදම් කරලා තිබුනේ දුක් විඳින අපේ සල්ලි වලින්... මේවා අපි කියන ඒවා නෙමෙයි ඇමතිලා කියපු කතා. එක්කෝ කෝ හොරුන්ට දඬුවම් දුන්නාද? දඬුවම් කෙසේවෙතත් එ්ක හොර නිලධාරියෙක්ගේ නමක්වත් පත්තරයකට දුන්නාද?

:       124       1095

samee Tuesday, 23 June 2020 12:23 PM

කියන තරමක් කියන්නේ බොරු. ප්‍රශ්නයක් ආවොත් ගත්තේ ඒජන්සිකාරයින්ගේ පැත්ත. මේ අය පඩි ලබන්නේ පෙට්‍රල් ගහන්නේ පිටරට සවාරි යන්නේ අහිංසක අම්මලා, අක්කලා පිටරට ගිහින් එවන සල්ලිවලින් කියලා මතක නැති අය...

:       1       337

RaveendraTuesday, 23 June 2020 01:39 PM

ඔබ නිවැරදිය ඔතන ඉන්නේ වැඩිපුරම පින්ගුත්තර හැත්තකි..

:       0       127

mawan Tuesday, 23 June 2020 12:24 PM

නම ඇහෙනකොට අප්පිරියා තැනක්. දේහපාලන වන්දි භට්ටයින් කරනම් ගහනවා.

:       0       304

RaveendraTuesday, 23 June 2020 01:37 PM

සහතික ඇත්ත... දියවන්නාව අසීලාචාර ආයතන වලින් එකක්...

:       1       135

sena Tuesday, 23 June 2020 12:40 PM

කුවේට්වලින් ආපු 500කට ආසන්න කණ්ඩායමට හැර වෙන මොන මැද පෙරදිග රටෙන්ද ලංකාවට කට්ටිය අරන් ගියේ?

:       2       131

SIHAB Tuesday, 23 June 2020 12:59 PM

දැන් රටවිරුවෝ රට බෝම්බ වෙලා...

:       36       248

Achini Tuesday, 23 June 2020 01:32 PM

මොන බොරුද 8000 ගත්තා කියන්නේ.., මැද පෙරදිගින් අරන් තියෙන්නේ 1100යි..

:       0       261

සනත් ඉතාලිය Tuesday, 23 June 2020 02:14 PM

මැද පෙරදිග අය වගේද අප්පා.., කොස් ඇටෙත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන ඇම්රිකාවෙ ඕස්ට්‍රේලියාවේ එන්ගලන්තේ කට්ටිය එයාලා හා ලොකු ලොක්කන්ගේ දරුවො මේ රටට සතයක්වත් එවන්නේ නැති රටේ විදේශ විනිමයත් පිටරටට පූජාකරන කට්ටියනෙ හැමදාම ගෙනාවේ. අදට දවස් 100ක් වෙනවා ලංකාවෙන් ඉතාලියට එක ෆ්ලයිට් එකක් ආවේ නැහැ. දැන් නම් නාවට කමක් නැහැ.. ලංකාවට වඩා හොඳට ඉතාලිය මේ රටේ ඉන්න හැමෝවම බලාගත්තා..

:       3       322

සනත් ඉතාලිය Tuesday, 23 June 2020 02:18 PM

ප්‍රීති ප්‍රීති පුරෝහිත ප්‍රීති... ප්‍රන්ත රාජ්‍යයේ කතිර යුද්දෙට බඩුම තමයි...

:       0       84

WCA Tuesday, 23 June 2020 02:53 PM

මෙතන දේශපාලනය නැතිව පොඩි ගැටළුවක් කියන්නම් ලංකාවට සල්ලි එවන්නේ ගොඩක් වෙලාවට වෙස්ටර්න් යූනියන් හරහා... මේකෙදී මෙයාලා සල්ලි එවනවට සර්විස් චාර්ච් එකක් ගන්නවා රු 5000-8000 වගේම එක්ස්චේන්ජ් රේට්ස් එක විදියට ගන්නේ දැනට තියෙන ගානට වැඩිය රු 15 අඩුවෙන් ඒ කියන්නේ එක්ස්චේන්ජ් රේට්ස් එක 1$=185 නම් මේගොල්ලෝ ගන්නේ 165-168 ට මේක ලංකාවට සල්ලි මගදී හොරකම් කරන මගඩියක්... මේක ගැන බලධාරීන්ගේ ඇස් යොමුවේවා..

:       1       104

Hiranthi Tuesday, 23 June 2020 03:43 PM

මෙහෙ ඉන්න ගොඩක් ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය පඩිගන්න කට්ටියගේ ලංකාව බැංකු ගැන කිසිම විශ්වාසයක් නෑ. මීළඟට රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ... නමුත් තියෙන මුදල් ලංකාවට එවලා අපි ජීවත් වෙන්නේ කොහොමද? ඊට වැඩියෙන් විශ්වාසයි.. තියෙන සල්ලි ටික මෙහෙ තියාගෙන ඉඳලා අපි එන දවසක අරන් එන්නං අපි වැඩ කරගන්න. මෙහෙ ඉන්න අහිංසක අයට එක ගුවන් යානයක් එව්වේ නෑ.. මෙහෙ ඉන්න සෙනඟට යන්න. දෙශපාලනයේ අයට හෙන ගහනවා...

:       0       318

rohana kumara Tuesday, 23 June 2020 07:17 PM

ඇයි ඉන්න හමුදාපති ඉඳල සේරම බැන්නා නේද විදේශ ගතව ඉන්න අයට. පිටරට ඉන්න අය කොරෝනා බෝ කරනවා ගන්න එපා ඒ අයව රට ඇතුලට කියලා.

:       1       27

kalana Tuesday, 23 June 2020 10:20 PM

ලංකාවේ පුරවැසියන් ගන්න බැහැ. කොහෙද යන අයව අරන් නිකන් බෙහෙතුත් කරනවා. මොන මෝඩයින් ඉන්න රටක්ද? ෂේප් එකේ ඔක්කොම කරගන්නවා.. ඕකම තමයි හම්බයෝ ගේම් එක ගහන්නේ..., ළමයි හදනවා නිකන්, ලෙඩට බෙහෙත් දෙනවා නිකන්, උගන්නනවා නිකන්, අපි බෝම්බ කනවා නිකන්. නිකන් අයාලේ යනවා...

:       140       148

jahaitha UAE Wednesday, 24 June 2020 03:51 AM

රැකියා අහිමි වුන බව ඇත්ත නමුත් සියල්ලෝම රජයේ බැංකුවලට මුදල් එවන්නේ නැහැ.

:       1       4

සේන Wednesday, 24 June 2020 05:58 AM

මැද පෙරදිග වැඩකරන ජනතාව මතක් වෙන්නේ රටට සල්ලි එන එක ගණන් හදනකොට විතරයි. විදේශ සේවා කියලා එකක් අටවාගෙන මැද පෙරදිගට එන මිනිසුන්ව මිරිකලා සල්ලි ගසා කනවා. එතැනදි මැදපෙරදිග මිනිසුන්ට සලකන්නේ වහලුන්ට වගේ... ගුවන්තොටුපළේ කාන්තාවන් දාලා මැදපෙරදිග යන මිනිසුන් විදේශසේවා එකට සල්ලි ගෙව්වද කියලා බල බල දැඩි අපහසුතාවයකට පත් කරනවා. තානාපති නිලධාරින් මැදපෙරදිගට එන්නේ සැපවිඳලා හම්බ කරගෙන යන්න... දන්නෝ දනිති.

:       0       326

Binkunndaa Wednesday, 24 June 2020 07:53 PM

විදේශ සේවාවලට සත පහක් වත් දෙන්න එපා... ඒ අය පට්ට හොරු. අපිට කිසිම වැඩක් නැහැ. සල්ලි ගන්නවා විතරයි.

:       0       158

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3107 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3989 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4609 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6986 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4135 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site