ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළද ලාංඡන හා ඇසුරුම් සමගින් ප්‍රචාරණ වැඩසටහන් මාලාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.
සමාගමේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙම නව හඳුන්වා දීම් කළ බව එම සමාගම පවසයි.
”අප සමාගම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. අප ලාංඡන මෙසේ නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීම මගින් සංකේතවත් වන්නේ එයමයි. පාරිභෝගිකයන්ට සමීප වෙමින් ඔවුන්ට වැඩිවැඩියෙන් වටිනාකම් තිළිණ කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ නව වෙනස්කම් සමගින් සමාගමේ ඉදිරි දශකයේ වර්ධනය සඳහා ප්‍රවේශයක් ලබාගැනීම අපගේ පරමාර්ථයයි.”යැයි ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා කියයි.
1995 වසරේදී ආරම්භ වූ ලාෆස් සමාගම 4,000 කට අධික කාර්ය මණ්ඩලයකින් සතු වෙයි.
“ද්‍රව පෙට්‍රෝලියම් වායු දහනය වන දැල්ලේ රටාවෙන් නිම කර ඇති එය ශ්‍රී ලංකාවේ හැඩය ද නිරූපණය කරනවා.නිල් දැල්ල මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායුවල පිරිසිදු සහ කාර්යක්ෂම දහනය නිරූපණය කරනවා. ලිහිසි තෙල් සඳහා වන නව ලාංඡනය තෙල් බිඳක ස්වාභාවික හැඩය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා.එය ද ශ්‍රී ලංකාවේ හැඩය නිරූපණය කරනවා “
මෙම සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස සිනමා නිළි පූජා උමාශංකර් මහත්මිය පත්කර ඇතැයි එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි. බංග්ලාදේශයේ ද ව්‍යාපාර ආරම්භ කර ඇති ලාෆ්ස් සමාගම ඉදිරියේදී කලාපයේ වෙනත් රටවලටද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව එම සමාගම කියයි. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ආනයන/අපනයන පර්යන්තයක් ස්ථාපිත කිරීමට ආයෝජනය කර ඇති බව ද එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි.
”ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට මෙරට මෙන්ම විදේශයන්හිද නව රැකියා අවස්ථා රැසක් ලබා දීමට අප සමාගමට හැකි වෙනු ඇත” යැයි ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්යක්ෂ තිලක් ද සිල්වා මහතා පවසයි.
“මෙරට පරිසරයේ පවතින උෂ්ණත්වය හා දුහුවිලි මෙන්ම මාර්ග වල තත්ත්වයන්ටද වඩාත් හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට අප සැලසුම් කරනවා.“යැයි ලාෆ්ස් සමාගම ප්‍රකාශ කරයි.
-042
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලාෆ්ස් ගෑස් - ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්
upali Saturday, 18 March 2017 08:19 AM
ආඩම්බරයි අපිට. දේශීය ආයෝජකයින් දිරි ගැන්විය යුතුයි. බදු සහන ලබා දිය යුත්තේ විදේශක ව්‍යාපාරිකයින්ට නොව ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයින්ටයි.