රජය සතු ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ටොන් 250000 ක් මිලට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී ටෙන්ඩර් පටිපාටියේ යහපත් ගුණාංග වලින් බැහැර වී යැයි ප්‍රශ්නයක් මතු වී ඇත.
සිංගප්පූරු සම්භවයක් ඇති සමාගමකට ලංසු ඉදිරිපත් කිරීමේ දී වාසි සැලසෙන අයුරින් ටෙන්ඩර් පටිපාටිය සිඳ බිඳ දැමී යැයි තතු දත් ආරංචි කියයි.
එම සමාගම නියමිත කාල සීමාවේ දී ටෙන්ඩර් අවශ්‍යතා ඉටු නොකළැයි දැනගන්නට ඇත. ලිට්රෝ ගෑස් ටෙන්ඩර භාර ගැනීම 2016 මැයි 27 වැනි දා ප.ව 3.00 ට අවසන් වීමට නියමිතව තිබිණි. ටෙන්ඩර පත් සමඟ ඇමරිකා ඩොලර් 1000000 ක(රුපියල් 145809791) ලංසු බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතුව තිබුනත් එම සමාගම ටෙන්ඩර් භාර ගැනීමේ අවසන් වේලාවට පෙර එම කොන්දේසිය සපුරා නොතිබූ බව කියති.
ටෙන්ඩර් භාර දිය යුතු අවසන් දිනය හා වේලාව ටෙන්ඩර් කැඳවුමින් 2016 අප්‍රේල් 24 වැනිදා සතිඅන්ත පුවත්පත් කිහිපයකම පළ කර ඇත. ඇමරිකා ඩොලර් 1000000 යේ ලංසු බැඳුම්කරය ඉදිරිපත් කිරීමේ දිනය පස්වරු 4.30 වන තුරු දීර්ඝ කළ බව ටෙන්ඩර් පත් විවෘත කළ දා ටෙන්ඩර මණ්ඩලයේ නිලධරයෙක් වාචික ප්‍රකාශයක් කළ බව ද දැනගන්නට ඇත. ඔහුගේ ඒ ප්‍රකාශය අනූව ටෙන්ඩර්පත් ලංසු බැඳුම්කර ඉදිරිපත් කිරීමේ කාලය ප.ව. 4.30 වන තුරු දික් කළ බව සිතා ගත හැකි යැයි කියති.
ලංසු බැඳුම්කර ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කළත් සිංගප්පුරු සමාගම හා තවත් ලංසුකරුවන් දෙදෙනකු මැයි 27 වැනි දා 4.30 න් අවසන් පැය වනතුරු ලංසු බැඳුම්කර ඉදිරිපත් කර නොතිබු බව ලිට්රෝ ආරංචි කියයි. ඉන්පසුව ලිට්රෝ ගෑස් නිලධරයකු එම සමාගම වෙනුවෙන් ටෙන්ඩර ලියවිලි සමඟ ලංසු බැඳුම්කර ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වෙයි. ලිට්රෝ ගෑස් සමාගමේ ද පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ද සාමාජිකයන් ඇතුළු නිලධරයන් කිහිප දෙනෙකුම ටෙන්ඩර් මණ්ඩලයේ සිටියත් ලංසු බැඳුම්කර පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ මෙම නිලධරයාට පමණක් බව ද සොයාගෙන ඇත. පිළිගත් ටෙන්ඩර් පටිපිටිය වනුයේ සියලු ලියවිලි සමඟ මූල්‍ය ගෙවීම් නියමිත කාල සීමාව ඇතුළත ඉදිරිපත් කිරීමට අපහසු වන ටෙන්ඩර කරුවන්ගේ ටෙන්ඩර අවලංගු වීමයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලිට්රෝ ටෙන්ඩරෙන් හත් පොළේ ගාගෙන
හෙට්ටිගේ Thursday, 09 June 2016 12:54 AM
අනේ මන්දා, ප්‍රශ්න නැතුවට ප්‍රශ්න (නි)