IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියල ස්ථාවර වන ලකුණු

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 132කට ස්ථාවර අගයකට පත්වෙතියි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග කියයි. ශ්‍රී ලංකා රුපියල ඊට වඩා වැඩි අගයක රඳවා ගැනීමේ බලාපොරොත්තුව අතහැර දැමූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. මහා බැංකුව පසුගිය පෙබරවාරි මුල සිට රුපියල පාවීමට හැරියේය. ඒ සමගම ක‍්‍රමයෙන් ඉහළ ගිය රුපියලේ අගය, ඛනිජ තෙල් ආනයනයේදී දැරීමට සිදුවන පිරිවැයෙහි වෙනසක් සිදු නොවුණහොත් මෙම ස්ථාවර අගයෙහිම රැදී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.



අදහස් (0)

රුපියල ස්ථාවර වන ලකුණු

ජගත් Thursday, 31 May 2012 02:03 PM

මෙහෙම ගියොත් රටක් ඉතුරුවෙයිද මන්දා...

:       0       0

පොඩි කබ්රාල් Thursday, 31 May 2012 01:39 PM

අපි වගේ ආනයනය මත පදනම් වූ ආර්ථිකයක් සහිත රටක මුදල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය කිරීමෙන් වෙන්නේ තව දුරටත් ආනයන සදහා ගෙවිය යුතු ඩොලර් අගය තව දුරටත් ඉහල යාම. මොකද අපේ භාණ්ඩ හා සේවා වෙළදාම වර්ධනය කරන්නේ නැතිව මේව කියන එකේ තේරුමක් නෑ.

:       0       0

සන්ජීව Thursday, 31 May 2012 02:25 PM

අවප්‍රමාණය වෙන්න ඕනි උපරිමයම වෙලානේ තියෙන්නේ

:       0       0

සුනන්ද Thursday, 31 May 2012 02:28 PM

125 රුපියල ස්ථාවර වන බච කිච්චා නේද? අනෙක් අනාචැකි වගේම හරි.

:       0       0

මියුරු Saturday, 02 June 2012 07:32 PM

රුපියල අවප්‍රමාණයවීමට ප්‍රධාන හේතුව ජේ.වී.පී.එක කරන උද්ඝෝෂණ.

:       0       0

අහිංසක Thursday, 31 May 2012 03:21 PM

අනේ බොහොම හොඳ දෙයක්. සීඝ්‍රයෙන් රට දියුණු වෙනවා නියතයි.

:       0       0

පැට්රික් Thursday, 31 May 2012 03:37 PM

මහ බැංකුවට unp එක දැම්ම නම් හරි

:       0       0

සනත් Saturday, 02 June 2012 08:18 AM

හරියට අපි ‍හරි කර ගත්ත ‍ඵකක් වගේනෙ.

:       0       0

ලසිත් Saturday, 02 June 2012 09:18 AM

ඩොලර් එක ඉහලයන එකට බැනල කමෙන්ට්ස් දාන අය වැඩි හරියක් රතු අයියල මල්ලිල තමයි . කව්රු කොහොම කිව්වත් අතිගරු ජනාධිපතිතුමාගෙ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට කිරියෙන් පැණියෙන් උතුරන එක ෂුවර්.

:       0       0

ඩී Thursday, 31 May 2012 05:00 PM

රට ඉවරායි...

:       0       0

සන්ජීව Thursday, 31 May 2012 05:23 PM

දැන් රුපියලට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි

:       0       0

බන්ගලියා Thursday, 31 May 2012 05:27 PM

ඩොලරය හයිඩ්‍රජන් පිරවූ සේ ඉහළ යයි. මහ බැංකුව බලා සිටී

:       0       0

බන්දුල Sunday, 03 June 2012 08:36 AM

ඹව ඔක්කොම බොරු. රටඅන්තිමට වැටිල මාධ්‍යයෙන් තමයි රට ගෙනියන්නෙ. අපි ඉතින් උගත් බුද්දිමත් ඡන්දදායකයින් නේ. ඒකනිසා ප්‍රශ්නයක් නැහැ

:       0       0

බූඩි Sunday, 03 June 2012 11:44 AM

සමරණායක ඔබ ලග ඩොලර් ඇති නම් ඒවා රුපියල් කල යුතුයි, එනිසා ඔබ රුපියල් මිලදී ගෙන එය ලංකාවට එවිය යුතුයි. රුපියල් හී විකුණුම් මිලත් ඩොලර් ගැනුම් මිලත් අදාල වෙන්න ඕනේ. මිට අමතරව කොමිස්/ අන්තර් බැංකු ප්‍රතිශත (1-3%) අදාල වෙන්න පුලුවන්

:       0       0

සමරණායක USA Thursday, 31 May 2012 10:07 PM

කව්රු හරි කියනවද ඩොලර් එකට රුපියල් 130 දෙන තැනක්, මම USA ඉන්නේ, ලංකාවට සල්ලි එවන්න ගියාම ඩොලර් එකක් රුපියල් 127 වඩා ගෙවන තැනක් හොයාගන්න බැහැ. ගැනුම් මිල විකුණුම් මිල කාටද අදාළ වෙන්නෙ?

:       0       0

සමන් Thursday, 31 May 2012 11:36 AM

ඔය මහබැංකුව කියන ඒව අහන් ඉන්නේ අපි සෑහෙන කල් ඉඳලයි....ඉහල ගියත් මොකක් හරි කියලා ෂේප් වෙනවා..අපි නිකම් බලන් ඉන්නවා..

:       0       0

රොහාන් Thursday, 31 May 2012 11:00 AM

ආසියාවේ ආශ්චර්‍ය ......ලංකාවේ රුපියල .............!!!

:       0       0

ජයන්ත Thursday, 31 May 2012 12:08 PM

මහබැංකුව හරියට අපේ කාලගුණ දෙපාර්ථමේන්තුව වගේ .කියන දේ නෙවෙයි වෙන්නේ..වෙනදේ නෙවෙයි කියන්නේ .

:       0       0

Thursday, 31 May 2012 11:50 AM

රට දියුණු වෙයි...

:       0       0

ලසාන් Thursday, 31 May 2012 12:59 PM

මහ බැංකුව පසු ගිය මාස කිහිපය තුල සිදු කල දේවල් නිසා තමා අද රුපියල මෙතරම් පහල ගියේ. අද තෙල් මිල අඩු කිරීමට බැරි වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. අද මහ බැංකුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ වැරදි බ‍ව ප්‍රායෝගික නොවන බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1698 1

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 638 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 130 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site