ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අධිකාරියක් පිහිටුවන්නැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා (එට්කා) ගිවිසුම අස්සන් කිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු හතක් ගැන කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
ලෝක වෙළෙද සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගැට්ස් සම්මුතිය ද දේශීය වෘත්තිකයන්ට අවාසිසහගත යැයි කියන එම සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා අවධාරණය කරන්නේ එට්කා ගිවිසුම අස්සන් කිරීමට පෙර එහි වාසි අවාසි ගැන පුළුල් කතිකාවක් ආරම්භ කළ යුතු බවයි.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රට ගිවිසුමට ජාතික පිළිවෙතක් ඉල්ලයි
විජිත් Wednesday, 28 September 2016 02:35 PM
ඉතාම කාලෝචිත අදහසක්.ගිවිසුම් අත්සන් කලාට පසු.වැඩේ වරදුනහම.කෑවෝ කෑවෝ.කියන්නේ නැතිව, යමක් අත්සන් කරන්නට කලින් ඒ පිලිබඳ " උගත් " පුද්ගලයන්ගේ අදහස් විමසා ඒ අදහස් සියල්ලම " තින්ක් ටෑන්ක් " එකකට දමා සුදුසුම දෙය පිළිගැනීමයි බුද්ධිමත් ලෝකයේ ක්‍රමය. අපි දැනටමත් නරක ගිවිසුම් රැසක වේදනාකාරී අත්දැකීම් රැසක් ලබමින් ඉන්නේ. පොර්ට්සිටි, හෙජින්.වැනි දේවල්. අහකයිනෙ නයි අල්ලලා රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කෑවෝ කෑවෝ කීම අපේ රටේ දේශපාලුවන්ගේ හැටියක්. රටේ කෑල්ලක් ගියත් කමක් නැහැ. දැන්වත් මේ ක්‍රමය නැවැත්විය යුතුයි. විදේශයන් සමග අත්සන් කරන සෑම ගිවිසුමකටම එක පර්ශ්වියව ගිවිසුමෙන් ඉවත්වීමේ පුර්ණ නිදහස තිබිය යුතුයි. (අ)