IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටවල් පහක් සමඟ සංචාර ප්‍රවර්ධනයේ

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා කොරියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන බියුරෝව සැළැසුම් කර තිබේ.

වැඩසටහන් හි මුල් පියවර පසුගියදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ක්‍රියාවට නැංවිනි. එහිදී ශ්‍රී ලංකාවේ මන බදනා දසුන් වලින් සැරසූ කුලී රථ 300 ක ප්‍රමාණයක් ලන්ඩන් නගරයේ ධාවනයට එක් කැරිණි.

මෙම කුලී රථ වල පිටත සේම ඇතුළතද එවැනි දසුන් වලින් සරසා තිබුණි. ගමන අවසානයේ කුලී රථයෙන් ලබාදෙන බිල්පතෙහි පවා ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ස්ථානයන් පිළිඹද සටහන් හා ඡායාරූප අන්තර්ගතය.

මෙම ව්‍යාපෘතිය පුරා සති 12 ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර වන බර්මින්ග්හැම් හා මැන්චෙස්ටර් යන නගර වලටද මෙසේ විශේෂයෙන් සරසන ලද කුලී රථ හදුන්වාදීමට සැළසුම් කර ඇත.

කුලී රථ යනු විදෙස් රටවල පවා දිනපතාම නගර වල සැරිසරන්නක් වන හෙයින් එය යොදාගෙන වඩා ඵලදායී ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිවනු ඇතැයි හදුනාගත් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝව පවසයි.

මෙම ව්‍යාපෘතියෙන් කුලී රථ වල ගමන් කරන්නන් පමණක් නොව. පදිකයින් හා වෙනත් රථ වාහන වල ගමන් කරන්නන්ද ඉලක්ක කෙරේ.

ඉදිරියේදී පෙරකී අනෙක් රටවලද මේ හා සමාන සංචාරක ප්‍රවර්ධන වැඩටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අදහස් (0)

රටවල් පහක් සමඟ සංචාර ප්‍රවර්ධනයේ

අසෝකා Friday, 15 August 2014 08:51 AM

මම හිතන්නේ මිට කලින් රට සංවර්ධනය කලා නම් හොද නැද්ද? අනික යුරෝපයේ මේ වගේ ප්‍රචාරයකට කරන වියදම හොයන්න කොච්චර සංචාරකයෝ එන්න වෙයිද ලාබ ලබන්න නම්! (නදී)

:       0       0

මාටින් Thursday, 14 August 2014 10:00 AM

මේක හොදයිද කියල කියන්න පුළුවන් වෙන්නේ වියදමත් එක්ක දැම්මනම්. මොකද තව මිට වඩා හොද විකල්ප ඕන තරම් තියෙනවා. (දී)

:       0       0

මනුල Saturday, 16 August 2014 08:14 AM

ලංකාවේ හැදියාව සහ විනය අවංක කම ගැන සැලකිලිමත්වෙන්න මේ තුලින් ලෝකෙට දෙන්න ඕනි හරිම පණිවිඩේ සංචාරක ව්‍යාපාරය නිසා විවිද ජාතින් ලංකාවට එනවා ඒ ජතිගේ දහස් වලට ගරුකරන්න ඕනි !(දිල්)

:       0       0

මනුල Saturday, 16 August 2014 08:31 AM

ලංකාවේ හැදියාව සහ විනය අවංක කම ගැන සැලකිලිමත්වෙන්න. මේ තුලින් ලෝකෙට දෙන්න ඕනි හරිම පණිවිඩේ සංචාරක ව්‍යාපාරය නිසා විවිධ ජාතින් ලංකාවට එනවා ඒ ජාතින්ගේ දහස් වලට ගරුකරන්න ඕනි !!! මේ හැමදෙයක්ම ගොඩ නගන්න පුලුවන් ගෙදරින් සහ පාසල තුලින් දැන් රටේ විනය පිරිහිමකට ලක්වෙලා ..(අ)

:       0       0

සෑම් Wednesday, 13 August 2014 07:11 AM

රජින්ද, ඔබගේ අදහස හරි. පසුගිය දින කීපයේ පුවත්පත් බැලුවාම සංචාරකයන්ට කළ හොරකම්, මංකොල්ලකෑම්, අර ප්‍රංශ සංචාරිකාව ලොරියේ හැපුණු එක වගේ සිද්ධි කීයක් වුණාද?? (නි)

:       0       0

නුවන් Friday, 15 August 2014 10:55 AM

රට ආරක්ෂිතයි සහ රටේ නිතිය හොදට ක්‍රියාත්මක වන බව ආපසු යන සංචාරයකයින්ට හැගේ නම් එම සංචාරකයින්ම ලංකාව සංචාරයට සුදුසු ස්ථානයක් බවට ප්‍රවර්ධනය කරනවා. ලංකාවෙන් යනකොට ලංකාව එපා වෙන තැනට වැඩ නොකරන්න ලොකු, කුඩා, බලපුලුවම්කාරයින් සහ අයියලා සිතට ගත යුතුයි (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 18 August 2014 11:27 PM

පළමුව යුරෝපයෙන්, ඇමෙරිකාව, ජපානය වැනි රටවලින් එන සංචාරකයන්ට අලුතින් පැනවූ වීසා බාධක ඉවත්කර අර පැරණි ක්‍රමයට වීසා ලබාදෙන්න. හොඳට වියදම් කරන්නේ යුරෝපයෙන් සහ රුසියාවෙන් එන සංචාරකයන් පමණි. සංචාරකයන්ගේ ආරක්ෂාව ඇතුළු පහසුකම් ගැනත් අපි විසින් සිතිය යුතුය. (නි)

:       0       0

වසන්ත මුනිච් Friday, 15 August 2014 11:09 AM

අනේ මුනිච් නගරයටත් මේ වැඩ සටහන කරන්න. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 13 August 2014 03:22 PM

අපේ පැරණි සිංහලයෝ හරි අවංකයි. මුදල් වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. මේ දේශපාලනය ලංකාවට හඳුන්වා දුන් දවසේ සිට ඉහළ සිට පහළටම බොරු කියන පෝළිමේ. (නි)

:       0       0

නිහාල් Thursday, 14 August 2014 06:12 AM

අපේ මිනිස්සුත් එක්කනේ මේ වැඩ කරන්න බැරි (දී)

:       0       0

ලසන්ත Thursday, 14 August 2014 06:13 AM

ඉතා හොඳ ක්‍රියාවක් (දී)

:       0       0

ලුම්බිණි Thursday, 14 August 2014 06:14 AM

පිස්තෝල අතේ තියාගෙන දඟලන දේශපාලුවන්ගෙන් තමයි සංචාරකයන් බේරා ගතයුතු. (දී)

:       0       0

අමිල Wednesday, 13 August 2014 04:20 PM

පළමුව රටේ සදාචරය ගොඩනඟන්න ඕනෑ සංචාරකයෝ මෙහෙට ගෙන්නා ගන්න පෙර. රට ගැන විශ්වාසයක් තිබෙන්න ඕනෑ ! එහෙම නැත්නම් ලංකාව එකතැන පල්වෙනවා. (නි)

:       0       0

සමන් Wednesday, 13 August 2014 04:35 PM

කෝ මේ අධිරාජ්‍යවාදීන්ට බනින කට්ටිය? ශ්‍රී ලාංකිකයන් හැටියට ගොඩක් දේවල් තිබෙනවා ඉගෙනගන්න ලෝකයෙන් හා සමාජයෙන් (නි)

:       0       0

සඳරු Wednesday, 13 August 2014 03:46 AM

වැඩේ නම් හොඳයි. ලංකාව ගැන හොඳ නමක් ලෝකයට යනවා (නි)

:       0       0

ලක්සිත පැරිස් Wednesday, 13 August 2014 06:19 PM

හොඳ වැඩක් (නි)

:       0       0

වසන්ත Thursday, 14 August 2014 02:57 PM

හොඳ වැඩක්,ටයිම්ස් වගේ සඟරාවලත් බි බි සි වැනි රුපවාහිනි නාලිකාවලත් දැන්වීම් පල කරන්ඩ. ජෙර්මනිය, ප්‍රන්සය, ජපානය, කොරියාව, අරාබි රටවල් ඉලල්ල කලොත් රටට වැඩදායක වෙයි., වෙරල බද ප්‍රදෙස වල ආරක්ෂාව දැඩි කල යුතුයි (දී)

:       0       0

මිගාර Thursday, 14 August 2014 02:56 PM

කාලෙකින් හොඳ කතාවක් ඇහුවා (දී)

:       0       0

තුෂාර Thursday, 14 August 2014 02:58 PM

සංචාරකයින් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි ප්‍රථමයෙන් (දී)

:       0       0

නුශ්කි Thursday, 14 August 2014 02:58 PM

රටට සල්ලි එන ක්‍රමයක් (දී)

:       0       0

ලයනල් Thursday, 14 August 2014 02:56 PM

චීනයේ සහාය ලැබෙනවාද (දී)

:       0       0

බාසුර Thursday, 14 August 2014 02:56 PM

ලෝකේ රටවල් මොකද කියන්නේ (දී)

:       0       0

බිනර Thursday, 14 August 2014 02:58 PM

මේ සඳහා මිට වඩා ප්‍රචාරණයක් අවශ්‍යයි (දී)

:       0       0

සිරිසේන Thursday, 14 August 2014 02:58 PM

සන්තෝස වෙන්න ඕනේ අපේ ලංකාව දියුණු වෙනකොට (දී)

:       0       0

හසන්ති Thursday, 14 August 2014 02:58 PM

කවදා වෙනකල් කරයිද දන්නේ නැහැ (දී)

:       0       0

නිමාලි Thursday, 14 August 2014 02:57 PM

මේ කටයුත්තේදී විදේශයට සරිලන ව්‍යාපාර ලංකාවේ ඇති කරන්න ඕනේ (දී)

:       0       0

අසේල Thursday, 14 August 2014 02:58 PM

හොඳ වැඩක් (දී)

:       0       0

චතුරිකා Thursday, 14 August 2014 02:57 PM

මේ යටතේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් මොනවාද (දී)

:       0       0

නජිත් Thursday, 14 August 2014 02:59 PM

සංචාරකයෝ බයයි ලංකාවට එන්න (දී)

:       0       0

කුෂාන්ත Thursday, 14 August 2014 02:57 PM

මේ සම්භන්ධ සියලු පුවත් ඉදිරියටත් පල කරන්න (දී)

:       0       0

අජිත් Thursday, 14 August 2014 02:59 PM

ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)

:       0       0

ද සිල්වා Thursday, 21 August 2014 09:00 AM

දේශපාලකයන් විසින් ප්‍රසිද්ධියේ සංචාරකයන් මරා දමන සංචාරකයෝ අනතුරකට ලක් උනහම රුපියල් මිලියන ගණනක රෝහල් බිල් ඉදිරිපත කරන රටකට එන්න ගොඩක් සංචාරකයන් බියක් දක්වති (නදී)

:       0       0

අයේෂා Thursday, 14 August 2014 02:59 PM

සංචාරක ව්‍යාපාරය දියුණු නොකර රටක් දියුණු කරන්න බැහැ (දී)

:       0       0

සේන Thursday, 14 August 2014 02:57 PM

අගය කරනවා (දී)

:       0       0

වයලා Thursday, 14 August 2014 02:57 PM

අපේ රටේ මිනිස්සුන්ගේ හිත නිවලා ඉන්න ඕනේ මේවා කරන්න (දී)

:       0       0

සීනු Thursday, 14 August 2014 02:57 PM

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝක සංචාරක ව්‍යාපාරයට සමාන කරන්න බැහැ (දී)

:       0       0

නිම්මි Thursday, 14 August 2014 02:57 PM

අනෙකුත් රටවල් වල සංචාරක දැනුම අපේ රටේ සංචාරක ව්‍යාපාරයට යොදා ගන්න (දී)

:       0       0

අතුල Thursday, 14 August 2014 02:57 PM

සංචාරක ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)

:       0       0

සනත් Thursday, 14 August 2014 02:59 PM

ලෝකේ විශිෂ්ට තැනකට ලංකාව පත් වේවා (දී)

:       0       0

නජනජිත් Thursday, 14 August 2014 02:59 PM

මෙන්න මෙවානේ කරන්න ඕනේ (දී)

:       0       0

විශ්ව Thursday, 14 August 2014 02:57 PM

හොඳ වැඩක් (දී)

:       0       0

ගාමිණී-සිරිවර්දන Tuesday, 12 August 2014 04:02 PM

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් එම ආයතන නියෝජිතයින් අත්දැකීම් බහුල පිරිසක් බැවින් මේ අයගේ අදහස්,යෝජනා විමසා කඩිනම් පියවරක් ගැනීම සුදුසුයි.සංචාරකයින්ගේ ආරක්ෂාව ගැනද ප්‍රමුඛත්වය දියයුතුයි ! (නි)

:       0       0

ඉශාන් Thursday, 14 August 2014 08:59 AM

අපෙන් වෙන්න පුළුවන් සහාය අපි දෙනවා (දී)

:       0       0

ලක්මාල් Thursday, 14 August 2014 08:59 AM

රටක් සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රධානතම අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය කියන්නේ (දී)

:       0       0

හේමාල් Thursday, 14 August 2014 08:59 AM

ඉතා හොඳ වැඩපිළිවෙලක් (දී)

:       0       0

රජින්ද Wednesday, 13 August 2014 04:59 AM

සංචාරකයෝ මෙහෙට ගෙන්න ගන්න කලින්, මෙහි එන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කළයුතුයි නේද? (නි)

:       0       0

නයනජිත් Thursday, 14 August 2014 08:59 AM

සමාජය පිරිසිඳු නොකර මේවා කලාට වැඩක් නැහැ (දී)

:       0       0

නජිත් Thursday, 14 August 2014 08:58 AM

මගේ රටට යහපතක්ම වේවා (දී)

:       0       0

නිහාල් Thursday, 14 August 2014 09:00 AM

මේ ටැක්සි රට පුරාම යන්නේ නැහැ නගරයේ පමණි මේ දරන වියදමට පුළුවන් මුලුලොවටම හෝ රටටම පෙන්විය හැකි ක්‍රම තිබෙනවා වැඩි විස්තර ඕනේ නම් ලියන්න (දී)

:       0       0

කුමාරන් Thursday, 14 August 2014 03:35 PM

බොහෝ සංවර්ධිත රටවල ජනගහනය වයස්ගතවිම සැලකිල්ලට ගෙන ,වයස්ගත සංචාරකයන් ඉලක්ක කරගත් වැඩසටහන් ,සේවා තිබිය යුතුයි. (අ)

:       0       0

චිත්‍රා Thursday, 14 August 2014 02:38 AM

පළමුව සංචාරකයින්ගේ දැන් ඉදන්ම ආරක්ෂාව සහතික කරන්න. ඉබේම රටට යහපතක් ගෙනදේ . (නදී)

:       0       0

චිත්‍රා Thursday, 14 August 2014 02:39 AM

පළමුව සංචාරකයින්ගේ දැන් ඉදන්ම ආරක්ෂාව සහතික කරන්න. ඉබේම රටට යහපතක් ගෙනදේ. (නදී)

:       0       0

නන්ද Tuesday, 19 August 2014 08:29 AM

හොඳ වැඩක්. මේ සමාගම ශ්‍රී ලංකාව තුළ තිබෙන හෝටල් ගැන පළවෙන වෙබ් අඩවි පාලනය කළ යුතුයි. ඔහුන් පෙන්වන දර්ශනීය බව හෝ පිරිසිදු බව බොහෝවිට ඒ තුළ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 88 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 62 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site