IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මොබිටෙල් අභියෝග මැදින් පෙරමුණට

ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් දැඩි තරගකාරී ස්වභාවය හමුවේ  සිය ආදායම් වැඩි කරගනිමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටියි. 2012 පළමු මාස නවයේදී මොබිටෙල් ආයතනය පෙර වසරට සාපේක්ෂව සිය ආදායම රුපියල් කෝටි 1820 දක්වා 14%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, මොබිටෙල් ග්‍රාහක පිරිස මෙන්ම මොබිටෙල් පිලිබද පාරිභෝගික අත්දැකීම් ඉහළයාම මෙම ආදායමේ වර්ධනයට හේතුවන බවත් එහි ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා පවසයි. අභියෝග සහිත වටපිටාවක වුවද පොළී ගෙවුම්, බදු ගෙවුම්, අවප්‍රමාණය වීම්, හිලව් කිරීම් ආදියට පෙර ආදායම සහ පොළී ගෙවුම්, බදු ගෙවුම්, ආදියට පෙර ආදායම ආදී  ලාභ පෙන්නුම් කෙරෙන දර්ශක පිළිවෙළින් 20% සහ 30% කින් ඉහළ ගොස් ඇතැයි ඔහු කියයි. ලලිත් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘2012 ප්‍රථම කාර්තු තුනේ අපගේ ප්‍රගතිය ඉතාම සුවිශේෂියි. අසමසම වර්ධනයකට අවශ්‍ය කෙරෙන වටපිටාව සකස් කරගෙන තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ නියමුවා ලෙස ක්‍රියාකරමින් මෙම වසරේ අපි අපගේ කාර්යයන් සිදුකරන ආකාරය වගේම අපි අප තුළ යම් වෙනසක් ඇතිකර ගැනීමටත් අවධානය යොමු කළා. ක්ෂේත්‍රයේ  නව ප්‍රවණතා දකිමින් අපි නව උපාය මාර්ග, ප්‍රතිපත්ති, කි්‍රයා , තාක්ෂණය මෙන්ම නව අදහස්ද මොබිටෙල් ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් උත්ප්‍රේරක සපයා දුන්නා. ඒ අනුව මොබිටෙල් ආයතනය තවත් ඉදිරියට ගෙන යන්නයි අපි අපේක්ෂා කළේ. ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ඇතිව රජය ළගාකරගැනීමට අපේක්ෂා කරන වේගවත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් බවට පත්කරගන්නට සහය පළ කරමින් › ලංකාවේ තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියකට මුලපිරීමට ජාතික ජංගම දුරකථන ජාලය ලෙසින්  මොබිටෙල් ආයතනයට භාරදූර වගකීමක් පැවරී තිඛෙනවා.‘



අදහස් (0)

මොබිටෙල් අභියෝග මැදින් පෙරමුණට

වින්ද්‍යා Sunday, 09 December 2012 01:21 PM

සුබපැතුම් මොබිටෙල් (දී)

:       0       0

අචිනි Monday, 03 December 2012 11:38 PM

බොබිටෙල් සුභපැතුම් (දී)

:       0       0

නිමල් Monday, 24 December 2012 10:32 PM

අපේ පැත්තට 3ජී නැති බව මම කිපවිටක්ම දැනුම් දුන්නා. ඒත් තවම වැඩක් වුණේ නැහැ. (නි)

:       0       0

ලොක්කා Monday, 26 November 2012 12:43 PM

හොදයි

:       0       0

කැලුම් Saturday, 01 December 2012 07:12 PM

මොබිටෙල් නියමයි (දී)

:       0       0

නිරෝෂ් Tuesday, 04 December 2012 07:33 AM

බාරිභෝගික සේවාවනම් හරි නෑ (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 08:39 PM

ඇත්තම කිවුවොත් බිල්පත් ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

ගජනායක Tuesday, 27 November 2012 06:47 AM

මා සිටිනා කොළඹ මීගොඩ (පරණ පාර) ප්‍රදේශයේ 3ජී නොමැති බවත් දැනට 2ජී ඇති අතර අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති බවත් මීට වසර 2 ට(දෙකකට)ප්‍රථම සිට දැනුම් දී ඇතත් එය මේ වනතුරු ඉටුකරගැනීමට හැකියාවක් වී නැත. (නි)

:       0       0

මොහොමඩ් Monday, 17 December 2012 05:59 PM

සන්තෝසයි

:       0       0

සුසන්ත Tuesday, 27 November 2012 07:47 AM

අපි ඉන්න සෙවනගල පැත්තට 3ජී නැහැ. (නි)

:       0       0

ෆාරුක් Monday, 17 December 2012 05:54 PM

ජයවේවා, මොබිටෙල් (දී)

:       0       0

ශානි Thursday, 06 December 2012 09:35 AM

ඇත්තටම මේක නම් නියමයි (ස)

:       0       0

ශෂි Thursday, 06 December 2012 09:42 AM

ඇත්තටම මේකනම් නියමයි (ස)

:       0       0

ලීල් Thursday, 29 November 2012 10:06 AM

ලංකාවේ අපිට නම් .................... (ස)

:       0       0

සමීර Tuesday, 25 December 2012 02:36 PM

අනේ මන්දා... (නි)

:       0       0

චාමි Sunday, 25 November 2012 01:46 PM

අමිල, ඇත්තටම ඔයා ඔහොම කියන්නේ නැතුව ඔයාගේ ප්‍රශ්නය අරන් යන්න මොබිටෙල් ආයතනයට. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 26 December 2012 03:22 PM

ඒ ගැන නම් කතාකරන්න ඕනේ නැහැ (දී)

:       0       0

මංජුල කහවත්ත Tuesday, 04 December 2012 02:53 PM

ලංකාවේ තවමත් අන්තර්ජාල පහසුකම් නැතුව දුක්විදින පිරිසක් ඉන්නවා. අපේ පැත්තේ මොබිටෙල් කුළුනක් තිබුණත් කෝල් එකක් ගන්න ගෙදරින් පිටට ඒම අත්‍යාවශ්‍යයි..(ස)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 07:41 PM

මොබිටෙල් අභියෝග මැදින් පාරිභෝගිකයින් ඉදිරියට... (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 28 November 2012 06:53 AM

මම ඉන්නනේ අනුරාධපුර පූජා නගරෙ කිට්ටුව සිග්නල් නැහැ. පොන් එක අරගෙන සිග්නල් අලවල තමයි කථා කරන්නේ . මගදි විසන්ධිවෙනවා. දැන් දිගටම උපහාර ඉන්ටර්නෙට් දෙනවා ඊටපස්සේ කට්ටිය වැඩි උනාම භාවිතා කරන්න බැරිවම යාවි. නිකන් සල්ලි ගෙවනවා. කවුරුත් මේවා හොයන කෙනෙක් නැද්ද රටේ.මේ අයගේ ධාරිතාව අනුව සම්බන්ධතා සීමා කරන ක්‍රමයක් හදන්න(ස)

:       0       0

ගීසරනි Wednesday, 28 November 2012 06:57 AM

අනෙක අනුරාධපුර මහ රෝහලේ කාර්යාලයෙන් එලියට ඩොන්ගල් එක දාල තියෙන්නේ සිග්නල් නැති නිසා ඔනැනම් ගිහින් බලන්න. රෝගීන් ලියාපදිංචි කරන තැන. නගරයේ ඇතුලෙම තියෙන රෝහලටත් සිග්නල් නැත්නම් මේ අයගේ සේවේ පේනවානේ

:       0       0

නලීන් Wednesday, 19 December 2012 04:42 PM

රාජ්‍ය සේවකයින්ට විතරක් සළකන එක නම් වැරදියි හොදේ. (නි)

:       0       0

කුසුම් සිරි Tuesday, 27 November 2012 09:45 AM

කතා කරන්න එපා ගැනනම් (දී)

:       0       0

ශිරාන් Sunday, 16 December 2012 03:42 PM

කතාකරන්න එපා. (දී)

:       0       0

ශ්‍යාමල් Sunday, 25 November 2012 05:14 PM

ලංකාවේ තවමත් අන්තර්ජාල පහසුකම් නැතුව දුක්විදින පිරිසක් ඉන්නවා. අපේ පැත්තේ මොබිටෙල් කුළුනක් තිබුණත් කෝල් එකක් ගන්න ගෙදරින් පිටට ඒම අත්‍යාවශ්‍යයි. (නි)

:       0       0

නයන ඩි අල්විස්‌ Wednesday, 28 November 2012 10:01 PM

අධිවේගී ඉන්ටෙර්නේට් නම් ඉතින් එටිසලාට්ම තමයි . ලංකාවේ ඕනෑම තැනකට 2ජී වැඩිම ආවරණයක් 3ජී වලට ඇත්තේ එටිසලාට්ටම තමයි. (නි)

:       0       0

රූකාන්ත Tuesday, 04 December 2012 08:51 PM

මේ අයගේ ගැන එතරම් පැහැදීමක් නැහැ..!(නු)

:       0       0

කපිල Thursday, 06 December 2012 01:15 PM

සල්ලි නම් හොයනව එයල හබැයි වේගවත්බව නම් ගන්න දෙයක් නහැ. (ස) …

:       0       0

අනුරාධ Wednesday, 26 December 2012 08:18 PM

කවුරු මොනවා කියුවත් කරලම බලන්න ඕනේ (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 25 November 2012 08:17 PM

4ජී කවදාද දෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Monday, 24 December 2012 01:42 AM

කොස්පැළවින්න දුම්රිය ස්ථානය අවට සහ ගොළුවාවිල, රත්නපුර ෆාම් ගාර්ඩන් අවට පැති වලට සිග්නල් වල මදකමක් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1981 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 646 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site