IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැද පෙරදිග රට සල්ලි උල්පත හීන්වෙයි

මැදපෙරදිග පවත්නා මූල්‍ය අස්ථාවර භාවයත් දේශපාලන කැළඹිලිත් නිසා මේ වසරේදී එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය අඩුවිය හැකි බව විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.

බොරතෙල් මිල පහළ වැටීමත් එම කලාපයේ දේශපාලන උණුසුමත් නිසා මැදපෙරදිගින් ලැබෙන රට සල්ලි පහත වැටිය හැකි බව ඔහු කියයි. ගිය වසරේ මැද පෙරදිගින් ඇමරිකා ඩොලර් කෝටි 700ක් (ශ්‍රී ලංකා රුපියල් 100672) ශ්‍රී ලංකාවට ලැබිණි. එය ඊට පෙර වසරට වඩා 10%ක වැඩිවීමකි.

එහෙත් 2015 නොවැම්බර් වන විට එරටින් ගලා ආ රට සල්ලි ප්‍රමාණය 0.8%ක් විය. මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආනයන ඍජු විදේශ ආයෝජන හා රට සල්ලි ගලා ඒම මන්දගාමී විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ කියති.



අදහස් (0)

මැද පෙරදිග රට සල්ලි උල්පත හීන්වෙයි

ශාන්ත Tuesday, 05 January 2016 07:13 PM

ලැජ්ජා නැති සමහර දේශපාලකයෝ සැප විඳින්නේ පිටරටවල දුක්විඳින අපේ සල්ලි වලින්. ගලාඑන ප්‍රමාණය අඩුවෙනකොට දුක ඇති. (නි)

:       0       0

හේවා Tuesday, 05 January 2016 07:29 PM

ලංකාවට ගොඩබැහැලා රේගු නිලධාරීන්ට ගුවන් බලපත්‍ර ඉදිරිපත් කළහම සමහරු අපි දිහා බලන්නේ නිකන් ගැරඬි දිහා බලන්න වගේ (නි)

:       0       0

ශාන්ත - කටාර් Monday, 04 January 2016 03:45 PM

සල්ලි ගලාගෙන එන එක ගැන නම් ගණන් හදනවා, එ්ත් අපි ගැන පොඩ්ඩක් සැලකුවොත් නේද හොඳ ? අඩුම ගණනේ වාහන සහනයක් වත් ? (බ)

:       0       0

රංජිත් Tuesday, 05 January 2016 06:05 AM

හැම ආණ්ඩුවක්ම කළේ රට ඉන්න අපේ සල්ලි වලට ගණන් හදපු එක පමණි. අය වැයෙන් බොරුවට කියනවා විශ්‍රාම වැටුප් ගැන කෝ අද වෙනකම් කිසිම සහනයක් නැහැ මැදපෙරදිග දුක් විඳින අපට.ලජ්ජා නැතිව තව රට සල්ලි වලට ගණන් හදනවා. (බ)

:       0       0

රන්ජිත් Tuesday, 05 January 2016 06:00 AM

හැම ආණ්ඩුවක්ම කළේ රට ඉන්න අපේ සල්ලි වලට ගණන් හදපු එක පමණි. අයවැයෙන් බොරුවට කියනවා විශ්‍රාම වැටුප් ගැන. කෝ අද වෙනතුරු කිසිම සහනයක් නැහැ, මැදපෙරදිග දුක්විඳින අපට ලැජ්ජා නැතුව තව රට සල්ලි වලට ගණන් හදනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 12:47 PM

පසුගිය රජයෙන් අපේ ස්ථාවර තැන්පතු වල ලැබෙන පොලියෙන් 3% ගසා කෑවා.මට අවුරුද්දකට රුපියල් 35000 ක් අහිමි වුණා.ජනවාරි 9 වෙනිදා පත් වුන නව රජයෙන් ඒ මුදල දැන් ගසා කන්නේ නැහැ.මෙතන කට්ටිය පටලවාගෙන කියවනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 12:43 PM

පසුගිය රජයෙන් අපේ ඉස්තාවර තැන්පතු වල ලැබෙන පොලියෙන් 3% ගසා කෑවා.මට අවරුද්දකට රුපියල් 35000 ක් අහිමි වුණා.ජනවාරි 9 වෙනිදා පත් වුන නව රජයෙන් ඒ මුදල දැන් ගසා කන්නේ නැහැ.මෙතන කට්ටිය පටලවාගෙන කියවනවා. (අ)

:       0       0

කුමාර Wednesday, 06 January 2016 07:33 AM

ඇත්ත වශයෙන්ම දැන් හුඟක් දෙනා 'උන්ඩියල්' විදියට මුදල් යවනවා. ඒක ඉතා සාර්ථකයි විශ්වාසයි. යුරෝපයේ ඉන්න ගොඩක් අය මුදල් එවන්නේ එහෙම තමා. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 05 January 2016 11:44 AM

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි පමණයි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ට යම්කිසි සහනයක් සළසන්න කිසිම රජයකට උවමනාවක් නැහැ. සහන කියන්නේ කටවචන වලින් දෙන සහන පමණයි (නි)

:       0       0

විජිත Tuesday, 05 January 2016 12:07 PM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

අරුණ Tuesday, 05 January 2016 12:11 PM

මේවා මෙහෙම වෙන්න ඕනෑ මෙයාලට තේරෙන්න (නි)

:       0       0

සමන් වසන්ත අබුඩාබි Tuesday, 05 January 2016 06:30 AM

අපි එවන සල්ලි ගැන කියෙව්වට අපි ගැන බලන්න කවුරුවත් නැහැ. අපි මෙහෙ ඉඳන් සල්ලි හමබකරලා ලංකාවට එවන්නේ මෙහෙ සුර සැප විදලා නෙවෙයි. ගොඩක් අය තමන්ගේ අඹු දරුවෝ දාල ඇවිත් මෙහෙ දුක් විදින්නේ. එකට කිසිම රජයකින් සහනයක් නැහැ. ගොඩක් අයට මේ ගැන ගානක් නැත්තේ අපි සල්ලි එවන්නේ කාගෙවත් එකවුන්ට් එකකට නොවන නිසා වෙන්න ඇති. නමුත් අපි එවන සල්ලි ලංකාවේ ආර්ථිකයට එකතුවී ආර්ථිකය නගා සිටුවන්න ලොකු සේවයක් කරනවා. එවන සල්ලි අඩුවෙනවා පේනකොට තමයි කට්ටියට රත් වෙලා තියෙන්නේ. (ස)

:       0       0

කරුණාරත්න Tuesday, 05 January 2016 12:11 PM

ඕවා හිතන්න තිබුණේ කලින් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 05 January 2016 06:33 AM

රට සල්ලිවලින් ජාමේ බේරාගෙන තත්පරෙන් අපිව අයවැයෙනුත් අමතක කරලා ඒ මදිවාට අපි එවපු සල්ලි බැංකුවෙන් ගන්නකොට බදු ගහන්නත් තිරනය කරලා යමපාලනයෙන්. මේ පාලනය එනකොට රියල් 34යි. දැන් අවුරුද්දට 39.40යි. අපි ගෙදර වියදමට හැර සල්ලි එවන්නෙම නැහැ. මේ පාලනය ඉවර වෙනකොට රියලට රුපියල් 70කි විතර වෙයි. අපි අපේ සල්ලි පිටරට බැංකු වලම තියනවා අපේ සල්ලි වලට බදු ගැහීම නතර කරනකම්ම. (ස)

:       0       0

අධිකාරී Tuesday, 05 January 2016 12:11 PM

අපි එවන සල්ලි වලින් තමයි ඔය සියගානක ඇමති මණ්ඩලේ ලක්ෂ ගාණක වැටුප් සහ ඉන්ධන, වාහන, දුරකතන, දහස් ගාණක කුලියට සැප කන්තෝරු සේරම ලබන්නේ. අපිට අපි එවන මුදලට බදුත් ගහලා අපේ දරුවන්ට අනගතයක් ඉතිරි වෙන්නේ නැහැ. (නි)

:       0       0

විදානේ Monday, 04 January 2016 11:17 PM

ශාන්ත කටාර් කියන එක හරි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 04 January 2016 11:23 PM

ගරු ඇමතිතුමනි,මේ සල්ලි ඉබේට ගලාගෙන ලංකාවට එන්නේ නැහැ. අපේ සහෝදර සහෝදරියන් බොහොම දුක්විඳලා ගන්න මුදල්. ඔබ දන්නවද එම මුදල් වලින් කීයද රටේ දියුණුවට යොදවන්නේ කියලා? ජනතාවට කියන්න ,මෙපමණ සල්ලි සොයා එවන අයට මොනවාද දී තිබෙන පහසුකම්? (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 05 January 2016 12:28 PM

විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි පමණයි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට යම්කිසි සහනයක් සලසන්න කිසිම රජයකට උවමනාවක් නැහැ. සහන කියන්නේ කටවචනවලින් දෙන සහන නෙමේ (බ) ඇත්ත සහන

:       0       0

හේරත් Tuesday, 05 January 2016 12:25 PM

කොහොමද අපි උණ්ඩි සල්ලිවලට ගියොත් (බ)

:       0       0

තිලක් Wednesday, 06 January 2016 08:38 AM

"ගිය වසරේ මැද පෙරදිගින් ඇමරිකා ඩොලර් කෝටි 700ක් (ශ්‍රී ලංකා රුපියල් 100672) ශ්‍රී ලංකාවට ලැබිණි"........ ඔය රුපියල් කෝටි 100672 ක මුදල රාජපක්ෂලාගේ එක හක්කටත් මදිනේ. (කෞ)

:       0       0

ඉන්ද්‍රජිත් කුවේට් Thursday, 07 January 2016 01:34 PM

මේවට විසදුමක් දෙන්න රට ඉන්න අපිටම පුලුවන්. (ර)

:       0       0

යසස් Tuesday, 05 January 2016 06:42 AM

මමත් ඉන්නේ මැද පෙරදිග. අපෙන් සල්ලි එවනකම් බලන් ඉන්නේ නැතුව ලංකාවට සල්ලි ලැබෙන වෙනත් ක්‍රම ගැන හිතන්න ඕන. මෙහෙ ඉන්න මිනිස්සු දහදුක් වින්දලයි සල්ලි එවන්නේ. ලොකු සැප පහසු ජීවිත කවුරුත් ගෙවන්නේ නෑ. ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් හරි. (ස)

:       0       0

යසස් Tuesday, 05 January 2016 06:43 AM

මමත් ඉන්නේ මැද පෙරදිග. අපෙන් සල්ලි එවනතුරු බලාඉන්නේ නැතුව ලංකාවට සල්ලි ලැබෙන වෙනත් ක්‍රම ගැන හිතන්න ඕනෑ. මෙහෙ ඉන්න මිනිස්සු දහදුක් විඳලයි සල්ලි එවන්නේ. ලොකු සැපපහසු ජීවිත කවුරුත් ගෙවන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් හරි. (නි)

:       0       0

මහානාම Tuesday, 05 January 2016 02:19 PM

අඩුම ගණ්නේ බදු රහිත වාහනයක්වත් අපිට ගෙන්න ගන්න දෙන්නේ නැති වුනාට (අපිට ලංකාවේ ලෙඩ්ඩු මරන්න බැහැනේ) ගුවන් තොටුපලේ ඉදල රජයේ නිකමුන්ව දල තියෙනවා අපිව හුරගෙන කන්න. (බ)

:       0       0

නුවන් Tuesday, 05 January 2016 07:09 AM

බණ්ඩාර කියන දේ හරි. මාත් දැන් ලංකාවට සල්ලි එවන්නෙම නැහැ. මෙහෙ ගිණුමක් ඇරලා මෙහෙ දාලා තියනවා. නිකම් බොරුවට අපේ සල්ලි වලින් බදු ගෙවන්නේ මොකටද? (නි)

:       0       0

සිරි කුමාර Wednesday, 06 January 2016 04:58 AM

ඇමතිලාගේ බඩ වඩාගන්න අපෙන් ගලා එන ඩොලර් අඩු වෙනකොට හරියට හිතට අමාරුයි නේද? කවද්ද අපේ දුක බලල අපට වැඩක් කරන්නේ? රටේ මුදල් වියදම් කරලා පුහුණු කරලා රටවල් ගානේ යවල තරග පැරදිලා එන උන්ට කාර් පර්මිට් අනෙක් හැම දෙයක්ම දෙනවා (බ)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 05 January 2016 03:31 PM

හැම කෙනාම කතා කරන්නේ වේදනාවෙන් ,,(හේ)

:       0       0

ශාන්ත Tuesday, 05 January 2016 03:31 PM

හැම කෙනාම කතා කරන්නේ වේදනාවෙන් ,, එත් මේවා ගගට කපන ඉනි වගේ,,මොනවා හරි දෙයක් කරන්න වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.(හේ)

:       0       0

හේවගේ Tuesday, 05 January 2016 07:50 AM

රට සල්ලි ගලා ගෙන එනව කියල උජාරුවෙන් කියනවා ඒ වුනාට රට සල්ලි උපයපු පුද්ගලයන් පරණ ටීවී එකක් පරණ ඇඳුම් ටිකක් ෆ්‍රිජ් එකක් ගෙනාවොත් ඩබල් ටැක්ස් ගහන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 29 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2019 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 655 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site