IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්තලින් රට රැකියා යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්

( තිළිණි ද සිල්වා )

 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද (3) පැවසීය.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ලක්ෂ 2 ක් පමණ වන අතර  මෙම පිරිසෙන් 20% ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව මත්තල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙලෙස වට්ටම් ලබා දීම වෙනුවෙන්  කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බැවින් ඉදිරියේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට ද සහන සැලසෙන්නේ යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙරට කළමණාකරුවන් සමග ද සාකච්ඡා ආරම්භ කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.



අදහස් (18)

මත්තලින් රට රැකියා යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්

SUDEERA Tuesday, 03 March 2020 01:01 PM

වට්ටම් දුන්නට වැඩක් නෑ ගුවන් යානා නෑත්නම්. ඉක්මනට ගුවන් යානා ආවොත් අපිත් මත්තලින් තමයි යන්නේ. මාත් අවුරුද්දට දෙපාරක් යන්නේ හම්බන්තොට ඉදල කටුනායක ගිහිල්ල.

:       0       1

Chathuri Tuesday, 03 March 2020 01:23 PM

දැන් මේ ගුවන් තොටුපල හැදුවේ. රාජපක්ෂලාගේ. සල්ලි වලින්ද ? අඩුම ගානේ කොමිස් නැතිව හොරකන්නේ නැතිවද මෙය හැදුවේ. ජනතා මුදලින් හදලා ජනතා මුදලින් නඩත්තු කරන්නේ. කොහොමද බයියන්ගේ නම දමන්නේ.

:       0       4

chandima Tuesday, 03 March 2020 02:17 PM

ඔන්න මත්තලට යනකන් අධිවෙගෙන් යන්නත් නොමිලේ ටිකට් දුන්නොත්නම් කට්ටිය යයි. නැතිනම් කවුද කටුනායක පහුකරගෙන මත්තල යන්නේ.

:       0       15

upali Tuesday, 03 March 2020 03:07 PM

පළමුව ගුවන් යානා ගෙන්වීමට ක්‍රියා මාර්ගයක් ගන්න.

:       0       0

මංගල Tuesday, 03 March 2020 05:04 PM

මගේ අදහස නම් මැදපෙරදිග යන අහිංසක මිනිසුන්ගෙන් රක්ෂණයට කියලා ගන්න මේ කප්පම්කැම නවත්වලාම දාන්න ඕනේ. රක්ෂණය ආණ්ඩුව ගානේ නොමිලේ දෙන්න ඕනේ මේ මිනිස්සු රටට විදේශ විනිමය උපයලා දෙන එකට කරන කළගුණ සැලකීමක් වශයෙන්. හරිනම් ඩියුටි ෆ්‍රී පර්මිට් වල නියම අයිතිකාරයෝ තමයි රටට විදේශ විනිමය හොයා දෙන මිනිස්සු. ඒත් ඉතින් ලංකාවේ කවද්ද සුදුසු දේ සහ හිමි දේ නිසි තැනැත්තාට ලැබුනේ.

:       0       28

Aris Tuesday, 03 March 2020 05:31 PM

සංචාරක ගුවන් මගින් සදහා මේ තොටුපල වැඩිපුර භාවිතා කල හැකියි. ඔවුන් ලංකාවේ පදිංචි කාරයන් නොවන නිසා කොහෙන් ගොඩ බැස්සත් කමක් නැහැ. ඒ වගේම ලංකාවේ මත්තල හරහා වෙනත් රට වලට යන්නත් අපේ ගුවන් සේවය සුදානම් කල හැකියි. මත්තලින් ගොඩ බහින විදේශිකයන්ට දිනක ගාස්තු රහිත හොටෙල් පහසුකම් සපයන්න.

:       0       1

Fernando Tuesday, 03 March 2020 06:57 PM

ගුවන් යානා එන්නේ නැතිනම් මත්තලට ඇවිත් ඉගිල්ලිලා යන්ඩද කියන්නේ.?

:       132       34

Ruhunu Tuesday, 03 March 2020 07:31 PM

මත්තලට ගුවන්යානා එන්න එපැයි අපිට යන්න.

:       132       15

de silva Tuesday, 03 March 2020 07:46 PM

මොන සහනය දුන්නත් රට යන්න ගුවන් යානා නැතිනම් කොහොමද රට යන්නේ ? පිටරටට ණය වෙලා අලි ඉන්න කැලේ මැද්දේ ලෝකයේ තිබෙන ලොකුම ගුවන් යානා එන්න පුළුවන් ගුවන්තොටුපලක් හදලා හරියනවද ?

:       108       48

aruna Wednesday, 04 March 2020 04:17 AM

මේ වගේ අමන කෝලම්... ලෝකයේ කිසිම රටක නැහැ. අවශ්‍ය නැතිව ගුවන් තොටුපළවල් හදලා දැන්කරන විකාර...

:       1       24

Sirimalee Wednesday, 04 March 2020 05:26 AM

ඉඳලා, හිටලා.. ඔහේ ආපු එකක නැගලා යන්නද කියන්නේ..?

:       0       8

kamal koyrala Wednesday, 04 March 2020 06:01 AM

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්‍රමණික සේවකයින්ට වට්ටම් කුමන ආකාරයේ වට්ටමක්ද ලබාදෙන්නේ? වට්ටම මත්තලට යන වාහන හයර් එකටම මදිවෙයි.

:       0       6

Nandalal DE SILVA - France Wednesday, 04 March 2020 07:44 AM

මෙහෙම කරලාවත් වනගත හුලන් තොටුපොලින් යන එන මගී සංඛ්‍යාව වැඩිකර ගන්න පුළුවන් වේවිද ? එසේ කිරීම සඳහා මීළඟ පියවර වශයෙන් ගුවන් යානා අද්දවා ගැනීම සඳහා නොමිලයේ ඉන්ධන, කෑම බීම සමග හැම ගුවන් මගියෙකුටම හම්බන්තොට ප්‍රසිද්ධ දොදොල් පට්ටයක්, මීකිරි හට්ටියක් බැගින් බෙදා දීමටත් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන බව ආරංචියි...... වැරදිලාවත් එම ක්‍රමයවත් හරිගියොත්, වන සතුන්ගේ පාරාදීසය වැසී උන්ට යන එන මං අහිමිවීමේ තර්ජනයක් ආවොත් එයටත් පිළියම් ඇමතිවරයාට තිබේද ?

:       0       16

Tikiri Wednesday, 04 March 2020 08:55 AM

පොලොන්නරුවේ ඉඳන් මත්තල යන්න දවසක්ම යනවා. ඊට වඩා හොඳයි පිටරට යන්නේ නැතිව ඉන්නවා.

:       0       12

manjula Wednesday, 04 March 2020 11:36 AM

කටුනායකින් යන අය මත්තලින් ගියාම රටේ අාදායම වැඩිවෙනවද...?

:       1       1

Chsthuri Wednesday, 04 March 2020 01:13 PM

නූගත් අයියලා රට කරනකොට මේ වගේ... ලොකු අලාභපාඩු සිදුවෙනවා. මොලයක් නැහැ හිතන්න... මේ වැඩේ කරනවා කියන කෙනාගේ බඩ බලන්න. ඔලුව බලන්න ඉතින් කොහොමද හිතන්නේ නඩේ ගුරාලාට ඉන්ධන නොමිලේ නිසා 225ට පුළුවන් මෙතැනින් පිටත්වෙන්න... නැවත නොඑන්න ජනතාවට දුක් දෙන්නේ නැතිව රාජපක්ෂ කියන මූසල අකුරු ටික අයින් කෙරුවොත් දෝසෙ මඟහැරිලා දියුණුවෙයි...

:       0       2

Bamunuarachchi Wednesday, 04 March 2020 01:40 PM

මත්තලින් ගුවන් ගමන් තිබෙනවානම් දකුණේ සිට කටුනායක පැමිණෙන මගින් මත්තලින් ගොඩ වේවි.

:       0       0

de silva Thursday, 05 March 2020 08:16 AM

මංගල මහත්මය කියන කතාව හරියටම හරි විදේශ රැකියාවට යන මනුෂ්‍යයන් රක්ෂණයට කියල රජයෙන් කරන කප්පම් කෑම වහාම නවත්වලා දමන්න ඕනේ ඒක නොමිලයේම දෙන්න. ඔවුන් එම රටවල සේවය කරලා හම්බ කරලා බැංකු හරහා ලංකාවට එවන මුදල් වලට ආණ්ඩුවෙන් 10% වත් මුදලක් ප්‍රධානය කරන්න. ඔවුන් විදේශ විනිමය ලංකාවට ගෙන එන නිසා.

:       0       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 772 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site