IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බීර සමාගමටත් බදු සහන

ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ.

දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන බදුම මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිෂ්පාදනය කරන ලයන් හා කාල්ස්බර්ග් බීර කම්පුචියාව, ලාඕසය, මලයාසියාව හා ඉන්දියාවේද නිෂ්පාදනය කරයි.

5%කට අඩු මද්‍යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් 500 සිට 129 දක්වා ද (75%) සියයට 5ට වැඩි මද්‍යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තේ මෙම සමාගමට පමණක් බවද වාර්තා වේ.

සෙස් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට රේගු ආඥා පනතින් මුදල් ඇමැතිට බලය හිමිවී ඇත.

ලයන් බ්ලූවරි සමාගමේ ප්‍රධාන විධායක සුරේෂ් ෂා 2015/16 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ තුන් මාසයක් යනතුරු බීර නිෂ්පාදනය නොකරන බවයි. ගංවතුරු හා ව්‍යාපාර බිඳ වැටීම් වෙනුවෙන් රක්ෂණ ලබාගෙන ඇතැයි ද ඔහුගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බීර නිෂ්පාදනයෙන් 85%ක් මෙම සමාගම සතුය.

පසුගිය මැයි මාසයේ ගංවතුරින් පසුව රජය ආනයන භාණ්ඩ 36කට බදු නිදහසක් දුන් බව රේගු නිලධරයෙක් කියයි. එම ලැයිස්තුවට බීර හෝ මද්‍යසාර අඩංගු නොවූ බවද දැනගන්නට ඇත. ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාබයක් ලැබූ බව ඔවුන්ගේ මූල්‍ය වාර්තාවල දැක්වේ.

 



අදහස් (0)

බීර සමාගමටත් බදු සහන

සංජු Wednesday, 03 August 2016 07:34 AM

මෙය යහපාලනය ලෙස නම් කෙරේ, ගෙවල් යටවුන මිනිසුන්ට සහන නැත කොමිස් ලැබෙන ආයතන වලට සහන ඇත. (බ)

:       0       0

සිරි Sunday, 31 July 2016 09:34 PM

කොහොමද මෙයාලගේ කෙරුවාව? (නි)

:       0       0

සංජු Wednesday, 03 August 2016 08:06 AM

මෙය යහපාලනය ලෙස නම් කෙරේ, ගෙවල් යටවුන මිනිසුන්ට සහන නැත කොමිස් ලැබෙන ආයතන වලට සහන ඇත. (ම)

:       0       0

ලලිත් Wednesday, 03 August 2016 03:31 PM

රක්ෂණෙන් දුන්න නම් මොකටද තවත් ආණ්ඩුවෙන් දෙන්නේ. කොහොම වුනත් බිර බෝතලයක්වත් නැති රටකට සුද්දෝ විවේක ගන්න එන්නෙත් නැති නිසා ඉක්මනින් බිර ගෙන්නන එකනම් හොඳයි. (බ)

:       0       0

ඇසළ Tuesday, 02 August 2016 01:46 AM

සිරි, කිසිම අමුතු කෙරුවාවක් නැහැ මෙතන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 85 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 59 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site