IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර'

කොළඹ   බ්‍රිස්ටල් ටේලර්ස්  ආයතනයේ  ප්‍රධානි චාන්දන විජේසේකර ආසියාවේ  ප්‍රධාන පෙළේ  ටේලර්වරුන්ගේ  ෆෙඩරේෂණයේ ‘රන් කතුරු’ සම්මානයෙන්  පිදුම්  ලැබීය.

ශ්‍රි  ලංකාවේ දී හා  ආසියාවේ දී  එම කර්මාන්තයට  දැක්වන  දායකත්වයෙන්  කලාතුරකින්  පිරිනැමෙන මෙම සම්මානය ඔහුට  හිමි විය.

පාරිභෝගිකයාට  ගැලපෙන පරිදි විශිෂ්ට නිමාවකින්  යුතුව ඇදුම් මැසිමේ යෙදෙන ආසියාවේ ප්‍රධාන පෙළේ ඇදුම් මහන්නන්ගේ ඩෛරේෂණය තායිලන්තයේ දී  ඔවුන්ගේ  26 වැනි සමුළුව දින පහක්  පුරා  පැවැත්විය. ශ්‍රී  ලංකාවේ  බ්‍රිස්ටල් ටේලර්ස්  ආයතනය පරම්පරාවෙන්  පරම්පරාවට  පැවත එන පිළිගත් හා පළපුරුද්දක්  ඇති  එම කර්මාන්තයේ ප්‍රමුඛයෙකි.

ආසියා සාමාජිකත්වය 1998 දී  ශ්‍රී  ලංකාවේ  ප්‍රධාන ටේලර්වරුන්ගේ සංගමයට ලබා ගැනීමට  විජේසේකර මුල් විය. එතැන් පටන් ශ්‍රී  ලංකා සාමාජිකයෝ ආසියා ෆෙඩරේෂණයේ වාර්ෂික සමුළුවට  සහභාගී වී දැනුම බෙදා හදා ගනිති.

ලොව ප්‍රධාන ටේලර්වරුන්ගේ සංවිධානයේ සාමාජිකත්වය 2013 දී  ලංකාවට  හිමිකර ගැනීමට ද විජේසේකර සමත්විය. ඔහු ෆෙඩරේෂණයේ  වාර්ෂික මැහුම් තරග විනිශ්චකරුවෙක් ද වෙයි. ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ  සන්නාලි  පාඨමාලාව හදාරන සිසුනට  ද ඔහු දේශන පවත්වයි.

තායිලන්තයේ  උබෝන් නුවර  සුනී  ග්‍රෑන්ඩ් හෝටලයේ  පැවති  එම සමුළුවට  ශ්‍රි  ලංකාවේ විජේසේකරට  අමතරව සංගමයේ  සභාපති  ලක්ෂමන් ගුරුගේ  (දළුගම පෙටා ටේලර්ස්) භාණ්ඩාගාරික තීක්ෂණ උඩගෙදර ද (මහනුවර ලින්ටන් ටේලර්ස් ) සහභාගී වුහ.

DSC_9891



අදහස් (0)

බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර'

විමල් Monday, 08 August 2016 10:02 AM

ඔබ සමග කතා කරන්න කැමතියි 0114641942 (බ)

:       0       0

ප්‍රසන්න Friday, 05 August 2016 06:09 AM

අපේ උණුසුම් සුබ පැතුම් (ම)

:       0       0

කැනඩා දිසා Saturday, 06 August 2016 12:41 AM

මම ආනන්දේ අයෙක්. ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1148 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site