නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ ‘සංවර්ධන අධ්‍යයන’ උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍යයෝ 25 දෙනෙක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අධ්‍යාපන චාරිකාවක නිරත වූහ. විවිධ ප්‍රායෝගික සංවර්ධන ගැටලු මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග පිළිබඳව ඉගෙනීම, සංචාරයේ අරමුණු විය.
හම්බන්තොට වරායේ විවිධ ක්‍රියාදාම මෙන්ම එහි උපායමාර්ගික වටිනාකම, අනාගත සැලසුම්, වත්මන් සහ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උපාධි අපේක්ෂකයන් දැනුවත් කරන ලදී. එමෙන්ම ඉංජිනේරු සහ තාක්ෂණ කළමනාකරණයේ කාර්යයන්, වරාය විසින් අනුගමනය කරන හරිත ක්‍රමවේද සහ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාවලි, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, යටිතල පහසුකම්, කොළඹ වරාය සහ HIP විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය, පිළිබඳවද දළ විශ්ලේෂණයක් සිදු කෙරිණි.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ වර්තමාන තරුණ කැල අතර වැඩෙමින් පවතින වෘත්තීමය උනන්දුව අපගේ සතුටට කරුණක්. වරාය ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගිය අපගේ සැලැස්ම සහ උපාය මාර්ග ඔවුන්ට වටහාදීමට අප සැමවිටම සූදානම්. වරායට යාබද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා විසිර ඇති නිෂ්පාදන සහ සැපයුම් දෙඅංශයේම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අපගේ එක් අරමුණක්. අධ්‍යාපන හා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැදගත් වන්නේ, එහි උපායමාර්ගික පිහිටීම මෙන්ම ජාත්‍යන්තර රීතීන්ට අනුකූල සේවා සහ ක්‍රියාපටිපාටි, රට තුළ කර්මාන්ත අංශය සහ සමස්ත ආර්ථිකයේ දියුණුව සඳහා ලබාදෙන සහය වැනි හේතු නිසා. වරායේ වර්ධනය, ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, හරිත පරිසරයක් සඳහා රුක් සිටුවීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ අත්හළ රජයේ පාසලක් නැවත ගොඩනැගීම, හම්බන්තොට මහ රෝහලට අංගසම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලබා දීම, අපේක්ෂාවේ ගම්මානය පිහිටුවීම, අලි මිනිස් සාම අරමුදල ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් දැනටමත් සිදු කර තිබෙනවා.” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
595
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නෝර්වීජියානු උපාධි ශිෂ්‍යයන් හම්බන්තොට වරායේ චාරිකාවක