විද්‍යාත්මක පර්යේෂණ සහ කර්මාන්ත ව්‍යවසායකයන් අතර සහයෝගිතාව වර්ධනය කිරිමෙන්ව්යාපාර අවස්ථාවැඩි කර ගැනිමේ අරමුණෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් විද්‍යාර්ථීන් සහ කර්මාන්ත කරුවන් අතර සම්බන්ධතාව ගොඩනැගීම සිදුකරනු ලබන අතර එමගින් නිෂ්පාදන ශක්තිය වර්ධනය කිරීම, අපනයන වැඩි කිරීම අපනයන විවිධාංගිකරණය සහ ආනයන ආදේශක හදුන්වාදීම සිදුවනු ඇත. මෙය රටේ ආර්තික සංවර්ධනයට ධනාත්මකව බලපානු ඇත. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ මූලික අරමුණ වනුයේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසනයන් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දේශීය හා විදේශීය වෙළඳාම ප්‍රවර්ධනය කිරිමයි.
විද්‍යා,තාක්සණ හා පර්යේසණ කටයුතු සංවර්ධනය,සැලසුම් කිරීඹ, සම්බන්ධීකරණ හා පහසුකම් සැපයීම සඳහා රජයට සහාය වීම ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සබාවේ අරමුණ වේ. ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාවෙහි ප්‍රධාන කාර්යයන් වනුයේ පර්යේෂණ යෝජනා කැඳවීම,අගයැමී සිදුකිරීඹ, අරමුදල් සැපයිම සහ ශ්‍රී ලාංකික පර්යේෂඛයන්ගේ සාර්ථක පර්යේෂණ හා නව්‍යකරණයන් සඳහා ඉහළ පිළිගැනීමක් ඇති කිරීමයි.
නව නිපැයුමක් හෝ සේවාවක් සංවර්ධනය කිරීමට හේතුවිය හැකි නව්‍ය අදහසක් තිබේ නම්, ඔබේ නව්‍ය අදහසෙහි තාක්ෂණික හා ආර්ථකි හක්යතාව තක්සේරු කිරීම මූල්‍යකරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යේසණ සභාව ඔබට සහාය වනු ඇත. එපමණක් නොව ඔබේ අදහසෙහි රහස්‍යභාවය පවත්වා ගැනීමෙනව් සුදුසු පර්යේෂණ හවුල්කරුවන් (අවශ්‍යනම්) තෝරා ගැනීමට ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව ඔබට සහාය වනු ඇත. තවද ව්යාපෘති් පිරිවැයෙන් 50%ක්(උපරිම වශයෙන් රු.මිලියන 40කට යටත්ව) යෝජිත ව්‍යාපෘතියේ ශක්‍යතාව මත පදනම් ව ලබාදිමට ජාතික පර්යේසණ සභාව සුදානම්ය. (කොන්දේසි සහිතයි) අවසාන වහයෙනව් මෙම හවුල්කාරින්ව ව්‍යාපෘතිය හරහා නව්‍ය නිෂ්පාදනයක් වැඩි දියුණු කළ නිෂ්පාදනයක්, සේවාවක් හෝ අගය කළ එක වාණිජකරණය කළ නිෂ්පාදනයක් බිහිකිරීමේ ඔබේ ඉලක්කය සපුරා ගනු ලැබිය හැකිය.
මේ සඳහා උනන්දුවක් දක්වන අය යෝජිත ව්‍යාපෘතියේ කෙටි සාරාංශයක්, සම්න්ධ කළ හැකි තොරතුරු සමග [email protected] වෙත දිය යුතුය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව නිෂ්පාදන සංවර්ධනයට ජාතික වාණිජ මණ්ඩලයේ නව වැඩ පිළිපිළිවෙළක්
KD Wasanthakarunarathna Friday, 29 September 2023 02:10 PM
මගේ නව නිෂ්දපාදනය වැඩි දියුණු කර ගැනීමට...