IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නියං සහන එයි

දැඩි නියං කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවි පවුල් වලට සහන සැළැසීමට රජය සැරසේ.

නියඟය නිසා දැඩි පීඩාවට පත්ව සිටින ගොවි පවුල් වලට තාවකාලික ආදායම් මාර්ගයක් සළසා දීමට රුපියල් ලක්ෂ 13000 වෙන්කෙරෙන කැබිනට් පත්‍රිකාවකට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ගණන් ලබා ඇති පරිදි ගොවි පවුල් 111500 ක් නියඟය නිසා ගොවිතැන් කිරීමට තබා දෛනික කටයුතු වලට පවා ජලය සපයාගත නොහැකිව සිටී.

නියඟය පවතින ප්‍රදේශයන්ගේ ඇති ජලාශ, වැව්, ළිං ආදියේ රොන් මඩ ඉවත් කර, වැඩි ජල ප්‍රමාණයක් රදවා ගත හැකිවන සේ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට නියං සායෙන් පීඩා විදින පවුල් වල අයවලූන්ටද අවස්ථාව ලබා දීමට සැළසුම් කර ඇත. ඔවුනට දින 8 සිට 12 දක්වා ප්‍රමාණයක් වැඩෙහි යෙදීමට සිදුවනු ඇති අතර ඒ වෙනුවෙන් ඔවුනට දීමනාවක්ද ලබා දේ.

ඉවත්කර ගන්නා රොන් මඩ ප්‍රදේශයේ ඇති ගඩොල් හා උළු නිශ්පාදනාගාර වෙත ලබා දෙනු ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්ගේ පවතින දැඩි නියං කාලගුණය නිසා මෙවර වී අස්වැන්න ගතවූ වසර 6 ක කාලය පුරාවට වාර්තාවූ අඩුම අස්වනු ප්‍රමාණය වනු ඇතැයි පැවසේ.

මෙනිසා වෙළදපොල සහල් හිගයක් ඇතිවීම හා සහල් මිල ඉහළ යාම වැළැක්වීම සදහා සහල් ආනයනය කිරීමට පනවා තිබූ කොන්දේසි තාවකාලිකව ලිහිල් කිරීමටද රජය කටයුතු කර තිබේ.

මෙම මස අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් 100 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇතැයිද සදහන්ය.

හදිසියේම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ ඊසානදිග හා දැනට ක්‍රියාකාරීව පවතින නිරිතදිග මෝසමෙන් අපේක්ෂිත පරිදි වැසි නොලැබීමයි.

නිරිතදිග මෝසම තවත් මාස 2 ක් පුරාවට ක්‍රියාත්මකව පවතිනු ඇති වුවද එම කාලයේදීත් ප්‍රමාණවත් පරිදි වැසි වැටීමක් අපේක්ෂා කළ නොහැකි බවක් මෝසමේ වත්මන් ක්‍රියාකාරීත්වය සැළැකීමේදී පෙනෙන්නට ඇත.



අදහස් (0)

නියං සහන එයි

ඩයස් Thursday, 14 August 2014 10:47 AM

වැව් ටික හාරා ඉක්මනට ප්‍රතිසංස්කරණය කර දෙන්න. සැප්තැම්බර් අග වහින්න පුලුවන් (නි)

:       0       0

ඩයස් Thursday, 14 August 2014 10:46 AM

වැව් ටික හාරා ඉක්මනට ප්‍රතිසංස්කරණය කර දෙන්ඩ. සප්තැම්බර් අග වහිනවා. අාදාර නොදුන්නත් ඡන්දෙ අපි දෙනවා. (නදී)

:       0       0

අසෝකා Monday, 18 August 2014 07:04 PM

පැරකුම්බා කෙනෙක් හිටියයි අපේ රටේ... වැසි දිය පවා යෙදුවේ දියුණුවට රටේ! හැමදේ දියුණු වූ මේ වගේ අද කාලේ.... විසඳුම් හොයයි නියඟය ආපසු රාළේ... පැරකුම් රජුන් සිටියානම් අද කාලේ... හදවත පැලී මියයයි සැක නැහැ රාළේ! (නි)

:       0       0

ජයලත් Saturday, 09 August 2014 12:14 PM

මේ සත් ක්‍රියාවට අපිත් සහයෝගය දෙන්නම් (දී)

:       0       0

පුෂ්පකුමාර Saturday, 09 August 2014 12:12 PM

සන්තෝසයි වැදගත් වැඩක් (දී)

:       0       0

වාසනා Saturday, 09 August 2014 12:12 PM

අපි මිනිස්සු ගැන වගේම මේ වෙලාවේ අහිංසක සත්තු ගැනත් හිතන්න ඕනේ (දී)

:       0       0

නන්දනී Saturday, 09 August 2014 12:13 PM

දිය පොදක් නැති මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙන එකත් මහත්වූ පිනක් (දී)

:       0       0

හසන්ති Saturday, 09 August 2014 12:13 PM

ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් රජය මේ ගෙන ඇති ක්‍රියාමාර්ග වලට මගේ පුර්ණ සහාය (දී)

:       0       0

පියල් රත්නායක Saturday, 09 August 2014 12:13 PM

මේ අසරණ මිනිස්සුන්ට කරදරයක් රටක් විදිහට අපි එකා වගේ උදව් කරන්න ඕනේ (දී)

:       0       0

විජිත Saturday, 09 August 2014 12:14 PM

වතුර ටිකක් දෙනවද බොන්න (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 12:15 PM

මේවා කරන්න කලින් මේ මිනිසුන්ට වතුර ටිකක් දීල හිටිය නම්; (දී)

:       0       0

ඉන්දරේ Thursday, 14 August 2014 07:32 AM

පව් අහිංසක ජනතාව (දී)

:       0       0

උදාර Thursday, 14 August 2014 07:34 AM

වැස්සාම මේවා මතක නැහැ (දී)

:       0       0

ඔවිදු Thursday, 14 August 2014 07:32 AM

ලංකාවට ගිය කලක් (දී)

:       0       0

තරිදු Thursday, 14 August 2014 07:33 AM

අසරණ උණු අයට පිහිටක් වෙමු (දී)

:       0       0

යසිත් Thursday, 14 August 2014 07:33 AM

පානිය ජලයවත් නැතිව මොන තරම් දුකක් විදිනවාද? (දී)

:       0       0

ඔමාල් Thursday, 14 August 2014 07:34 AM

රටක් විදිහට එකතු වෙන්න (දී)

:       0       0

ආංගික Thursday, 14 August 2014 07:33 AM

අම්මෝ වඩාත් ප්ලැන් කරලා බොලේ (දී)

:       0       0

නන්දනී Thursday, 14 August 2014 07:34 AM

හෙට මේවා මතක නැහැ ආයිත් ගස් කපනවා (දී)

:       0       0

සාමින්ද Thursday, 14 August 2014 07:34 AM

ආවට වැඩක් වෙයිද (දී)

:       0       0

කල්ප Thursday, 14 August 2014 07:34 AM

ගස් ටික කපලා දැන් උඩ බලාගෙන ඉන්නවා (දී)

:       0       0

හෙසා Thursday, 14 August 2014 07:36 AM

හේවාවිතාරණ මහතාගේ අදහස මසුරන්. අනික් එක ගස් කප කපා වානාන්තර කාන්තාර බවට පත් උනාම වැහි වලා කුළු රැදෙවිද ? (දී)

:       0       0

සාවිත්‍රි Thursday, 14 August 2014 07:38 AM

ගස් කපන්න එපා මිනිසුනේ (දී)

:       0       0

හිමාලි Thursday, 14 August 2014 07:40 AM

අසරණ මිනිසුන් වෙනුවෙන් අපට කල හැකි දෙයක් කරමු (දී)

:       0       0

උදානි Thursday, 14 August 2014 07:40 AM

මේ නියගයක් කරන අපරාධයක් (දී)

:       0       0

ඉනෝකා Thursday, 14 August 2014 07:38 AM

අසරණ මිනිස්සුන්ට පිහිට වියයුතු කාලයක් (දී)

:       0       0

හේසා Thursday, 14 August 2014 07:38 AM

වනාන්තර කාන්තාර වෙනකොට වැහි වල කුළු රැදේවිද ?(දී)

:       0       0

ගාමිණී Thursday, 14 August 2014 03:05 PM

ඡන්දෙ දුන්න මිනිස්සුන්ව අමතක කළොත් ,ලබන පාර ගෙදර යන්ඩ වෙයි. ගොයියෝඕ.(අ)

:       0       0

මුතු Thursday, 14 August 2014 03:04 PM

මේක මිට කලින් කරන්න තිබ්බේ (දී)

:       0       0

ගිම්හානි Thursday, 14 August 2014 03:04 PM

වතුර නැති උනාම කවුරුවත් නැහැ (දී)

:       0       0

මෙත්සිරි Thursday, 14 August 2014 03:05 PM

මේ මිනිස්සුන්ගේ චන්දෙන් තමයි ඔබතුමන්ලා ඔත ඉන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම පිහිට වෙන්නම අවශ්‍යයි (දී)

:       0       0

ඉසුරු Thursday, 14 August 2014 03:04 PM

ලෝකෙටම බෙදන්න සල්ලි තියෙනවා අපේ රටට (දී)

:       0       0

ඉරන්ගිකා Thursday, 14 August 2014 03:04 PM

සත්තු වෙනුවෙනුත් යම් වැඩ පිළිවෙලක් කරනවානම් නේද හොඳ (දී)

:       0       0

දසුන් Thursday, 14 August 2014 03:05 PM

පින්සිද්ද වෙනවා මහත්තයෝ (දී)

:       0       0

අයේෂා Thursday, 14 August 2014 03:04 PM

මොකද මේ හදිස්සියේ පලස්තීනයට සල්ලි යවන්නේ මේ ප්‍රදේශ වල අස්රම මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කලානම් නරකද (දී)

:       0       0

නිම්මි Thursday, 14 August 2014 03:05 PM

අසරණ ජනතාවට බිමට වතුර පොදක් දීමත් පිනක් (දී)

:       0       0

මිහිරි Thursday, 14 August 2014 03:04 PM

අනිවාර්යයෙන්ම කලයුතුයි (දී)

:       0       0

ගුණසිරි Thursday, 14 August 2014 03:05 PM

පලස්තීනයට යවන්න තරම් සල්ලි තියෙන රටක් මේක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2003 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site