IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නීති විරෝධී සංචාරක ආයතනවලට කඩා පනින හමුදාවක්

(විනීතා එම් ගමගේ)

නීති විරෝධී අන්දමින් පවත්වා ගෙන යන සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක නියෝජිතායතන ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාල ස්ථාන පරික්ෂාව සඳහා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් විශේෂ කඩා පැනීම් ඒකකයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 

සංචාරක ව්‍යාපාරයට අදාලව කරගෙන යන ඕනැම ව්‍යාපාරයක් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර එසේ ලියාපදිංචි නොවී පවත්වාගෙන යන ව්‍යාපාර සියල්ල නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ඒවා ලෙස සලකනු ලබයි.

සංචාරක ව්‍යාපාරයට අදාලව දැනට  පවත්වාගෙන යන ව්‍යාපාරවලින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී පවත්වා ගෙන යන්නේ සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් යැයි සැලකෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.   

ඉදිරියේ දී නව වැටලීම් ඒකකය ආරම්භ කිරීමෙන් පසු එසේ ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන ස්ථාන වටලන බවත් පළමු වරට ඔවුන්ට අවවාද කරන අතර අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිලධාරියා කීය.



අදහස් (14)

නීති විරෝධී සංචාරක ආයතනවලට කඩා පනින හමුදාවක්

de silva Thursday, 02 November 2017 12:10 PM

සුළු පරිමාණ සංචාරක ව්‍යපාරිකයෝ යන්තම් ඔල්ලුව උස්සනකොටම ඔන්න තවත් විකාරයක් පටන්ගත්තා. ඕකෙන් කෙරෙන ප්‍රවර්ධනයක් නැහැ. නිලධාරී එන්නේ අපෙන් කියක් හරි කඩාගෙන මොනවා හරි කලා බිලා ජොලිකරලා යන්න. අඩුම තරමේ ව්‍යාපාරයට අවශ්‍ය පුහුණු සේවකයෝ සපයන රැකියා බැංකුවක් වත් මේ ගොල්ලට නැහැ ,

:       28       407

LalThursday, 02 November 2017 06:18 PM

ලියාපදිංචි කරන එකට ඔයතරම් බය මොකද ? හරියට කරනවානම් බය වෙන්න දෙයක් නෑ. හැම ව්‍යාපාරයක්ම අදාළ ආයතනවල ලියාපදිංචි උනාම පාරිභෝගිකයාට සුරක්ෂිත භාවයක් ඇතිවෙනවා.

:       8       29

Don Friday, 03 November 2017 11:20 AM

ලියාපදිංචි කරන්න බයක් නැහැ මිනිස්සුන්ට .. නමුත් මේ වගේ පොඩියට කරන තැන් ගොඩක් ලංකාවේ තියෙනවා .. ඒවා මිනිස්සු ලියාපදිංචි කරගන්න ගියහම මේ වලින් ඉල්ලන්නේ පුදුම දේවල් .. මහාපරිමාණ හෝටලයක් ලියාපදිංචි කරද්දී ඕන කරන ලිපි ලේඛන පොඩියට කරන මිනිහෙක්ගෙන් ඉල්ලපුවම කරකවල අත අරිනවා වගේ දැනෙයි ඔයාටත් ඕකට ගිහින් ඒ වගේ දෙයක් කරගන්න බැලුවොත් .. මේවා මේ ලොකු තැන් ආරක්ෂා කරන්න පොඩි තැන් මේ අංශයෙන් ඉවත් කරලා දාන්න කරන බයකිරීම් ..මෙහෙම වුණාම කොහොමද මිනිහෙක් දියුණු වෙන්නේ? අංශයක් දියුණු වෙන්නේ? රටක් දියුණු වෙන්නේ?

:       0       214

LalSaturday, 04 November 2017 05:33 AM

දොන් - ඔය පොඩියි කියන අය හැමදාම කරන මැසිවිල්ලක් තමයි ඔයත් කියන්නේ. ඒ වුණාට ඕනෑම ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය හරියට කරනවා නම් ඔය කියන ලියවිලි දෙන්න ප්‍රශ්නයක් නෑ. ලියාපදිංචියට අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානයේ අයිතිය පිළිබඳ ලියවිලි, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, වරිපනම් ගෙවූ බවට සහතිකය, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහතිකය පමණයි. මේ ටික දෙන්න බෑ කියන්නෙ එහෙනම් ඒක හොර ගුහාවක් තමයි.

:       18       34

Nandalal DE SILVA - France Thursday, 02 November 2017 05:48 PM

හොඳ අදහසක් ! ඕනෑම රටක, ඕනෑම ව්‍යාපාරයක් රජය අනුමත කල ඒවා විය යුතු බව නොදන්නා අය තවමත් අපේ රටේ සිටිනවාද ? විශේෂයෙන්ම රටට විදේශ විණිමය ගෙන එන සංචාරකයන් ගසා කන විවිධ අපරාධ වලට වලට අනුබල දෙන මෙවැනි මෙවැනි ආයතන හතු පිපෙන්නාක් මෙන් සංචාරක කලාපවල නැතුවා නොවේ ! කිසිම පිළිගත් ප්‍රමිතීන් නැති හෝටල් කාමර, අපිරිසිදු අවන්හල් අපේ රටේ නැද්ද ? මේ කඩාපැනීම් මගින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචිවී, නීත්‍යනුකුලව පවත්වාගෙන යන සංචාරක ආයතනවලට කිසිම බියක් ඇතිකර ගත යුතු නොවේ යන්න මගේ හැඟීමයි !!!!!

:       3       66

sujeewa Friday, 03 November 2017 03:42 AM

ලියාපදිංචි කිරීම ඉතා හොඳ වැඩක් . නමුත් අපේ රටේ දැනට වැඩිපුරම තියෙන්නේ කුඩා පරිමාණයේ ලියාපදිංචි නැති ඒවා . සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරන නීති අනුව සමහර ආයතන වලට අවශ්‍ය කරුණු සම්පුර්ණ කරන්න බෑ. සංචාරක පුරවර වල නිවාස වල කාමර දෙනවා . ස්වයං රැකියාවක් ලෙස . එම නිසා ලොකු ආයතන දිහා බලන විදිහට පොඩි ආයතන දිහා බලා ලියාපදිංචි කිරීම සුදුසු නොවේ . පොඩි මිනිසුන්ට පහසු ක්‍රමයක් හඳුන්වා දීමෙන් වැඩි පිරිසක් ලියාපදිංචි කර රජයට අදායමක් ලබා ගත හැක . ලියාපදිංචිය පමණක් නොවේ පුහුණුවක් ලබා දීම ද ඉතා වැදගත් . ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුහුණු වැඩසටහන් සංවිධානය කර සේවා දැනුම ලබාදීම කල යුතුය .

:       0       18

de silva Friday, 03 November 2017 07:31 AM

ඔය දැනට තිබෙන සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වුන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට ලැබිච්ච දෙයක් නැහැ , කරදර මිසක් , අඩුම තරමේ ඔවුන් සතුව නියම ප්‍රමිතියකට සේවකයන් පුහුණු කිරීමේ රැකියා බැංකුවක් වත් නැහැ , අඩුම තරමේ සුළුපරිමාණ ව්‍යාපාරිකයට රාජ්‍ය බැංකුවකින් අඩු පොලියට ණයක්වත් ලබාගැනීමේ පහසුකමවත් නැහැ. නිලධාරීන් කරන්නේ අපෙන් ලැබෙන මුදල් වලින් සැප විඳින එක. කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ හොඳම වැඩේ ඔය කඩා පනින හමුදාව ආවහම කියක් හරි දීල පිටත් කරන එක. නැත්නම් ඔවුන් අර සහතික මේ සහතික ඉල්ලාවී අන්තිමට සිදු වෙන්නේ ව්‍යාපාර කිරීමට තිබෙන වටිනා කාලය වියදම් කරමින් අතන මෙතන රස්තියාදු වෙන්න. මම මේ කියන්නේ ශ්‍රී ලංකාවේ නිලධාරීන් සහ ක්‍රම සහ විධි ගැන දන්නා නිසා

:       0       103

DonSunday, 05 November 2017 04:00 PM

අපේ රටේ රාජ්‍ය සේවය හදලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ ඔන්න ඔහොම වැඩේ කරලා දෙනවට පඩියට පිටින් අමතරව කියක් හරි හොයාගන්න පුළුවන් විදියට ක්‍රම සහ විදි සකස්කරලා .. පඩිය ගන්නේ නිකන් ... වැඩ කරන්න වෙනම ගාණක් හැමකෙනාගේම සාක්කුවට දාන්න ඕනෑ.. එහෙම වුණාම ඔය මොන නීතියත් වලපල්ලට .. එහෙම සාක්කුවට නොදැම්මොත් ලෝකෙත් නැති නීති රීති දාලා වැඩේ හිරකරනවා ...මේ රටේ මේ රාජ්‍ය සේවය තියෙන තාක් කල් දියුණු කරනවා බොරු ..

:       0       3

Sujeewa Friday, 03 November 2017 10:33 AM

ද සිල්වා කියන කතාව හරි. ලියාපදිංචි වුණා කියලා හම්බවෙන දෙයක් නෑ. ගෙවන්න තමා තියෙන්නේ. ලියාපදිංචි වෙන්නත් තියෙන අඩුපාඩු නිසා ගොඩක් අල්ලස් දෙන්න වෙනවා. මේ නීති දාන්නේ ලොකු ව්‍යාපාරිකයන්ගේ තත්වයෙන් හිතලා.

:       0       12

bandula Saturday, 04 November 2017 05:39 AM

ලියාපදිංචි කිරීමෙන් පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා විශේෂයෙන්ම විදේශිකයෙක් අතුරුදහන් වුණොත් සාක්කියක් තියෙනවා. නවාතැන් පොළවලට ප්‍රචාරයක් ලැබෙනවා. සංචාරකයෝ අතර විශ්වාසය ගොඩ නැගෙනවා. පුද්ගලික බස්, පාසල් වෑන්, ටැක්සි වැනි සියල්ලම ලියාපදිංචි කරන්නේ මෙම හේතුව නිසා.

:       0       30

jayaSunday, 05 November 2017 10:16 AM

බන්දුල දන්නා දෙයක් කතා කරන්න. ලංකාවේ කුඩා පරිමාණ හෝටල් තමුන්ගේ නම සහ විශ්වාසය ලබා ගන්නේ අන්තර්ජාල වෙබ් අඩවි මාර්ගයෙන්. නිලධාරීන් සහ ආයතනවලින් කරන දෙයක් නෑ...

:       19       1

de silva Saturday, 04 November 2017 02:59 PM

මේකේ ලියාපදිංචි වෙන හෝටල් ප්‍රවර්ධනය වෙනවා නම්, හෝටල් හිමියෝ ඇවිත් ස්වේච්ඡාවෙන්ම ලියාපදිංචි වේවි!!! හෝටල් හිමියෝ ලියාපදිංචි වෙන්න පස්ස ගහන්නේ මේ ගොල්ලන්ට මේ ආයතනයෙන් කරදරයක් මිසක් කිසිම වගතුවක් නොමැති බව දන්නා නිසායි. රටට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරවලට අනවශ්‍ය ප්‍රශ්න දමන්න ඉස්සෙල්ල ආණ්ඩුව දෙවරක් සිතා බලන්න ඕනේ. කුඩාපරිමාණ සංචාරක හෝටල් හිමියන් කියන දේවල්වලට ආණ්ඩුව මිට වැඩිය ඇහුන්කන් දෙන්න ඕනේ...

:       22       7

de silva Sunday, 05 November 2017 01:48 PM

ඕකේ ලියාපදිංචි වෙන්නත් අල්ලසක් නැතුව බැහැ.

:       0       14

de silva Monday, 06 November 2017 08:54 PM

සංචාරක මණ්ඩලේ සමහර නිලධාරීන්ට ඉංග්‍රීසි ටිකක් හරියට කතාකරගන්නවත් බැහැ , බොහෝ දුරට සංචාරක මණ්ඩලේ පළාතේ නායකයා වශයෙන් පත්කරලා එවන්නේ දේශපාලන හෙන්චියෙක් ඔහුට මේ විෂය ගැන කිසිම දැනුමක් නැහැ ,මේ ගොල්ලට අපේ රටට එන සංචාරකයන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවයන් වැනි දේවල් ගැන කිසිම දැනුමක් නැහැ ,නිතරම සංචාරකයන් සමග කටයුතු කරන නිසා සංචාරක හෝටල් කළමනාකරුවන් සහ සුළුපරිමාණ සංචාරක වියපරිකයන්ට මොවුන්ට වැඩිය මේ ගැන හොඳ දැනුමක් තිබෙනවා , මේ නිලධාරී කොහොමද අපිට උපදෙස් දෙන්නේ ? ඔය සංචාරක මණ්ඩල වල ලියාපදිංචි වීම කැමති කෙනෙකුට පමණක් කරන්න කියන්න අනිත් කට්ටියට කැමති විදිහට වියපර කරගෙන යන්න නිදහස දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 94 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 66 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site