(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද(29) විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වෙළෙන්දෝ පවසති.
වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම සහ ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීම හේතුවෙන් ඉල්ලුම වැඩිවී මිල ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පවසයි.
අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 250ක් ද, කරවිල කිලෝවක තොග මිල රුපියල් 250 ක්ද, මාලුමිරිස් කිලෝවක් රුපියල් 300 ක්ද, කැරට් කිලෝවක් රුපියල් 260 ක්ද වශයෙන් අද අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.
ගෝවා කිලෝවක් රුපියල් 120ක්, දඹල කිලෝවක් රුපියල් 140ක්, බෝංචි කිලෝවක් රුපියල් 100ක්, තුඹ කරවිල කිලෝවක් රුපියල් 240ක්, මෑකරල් කිලෝවක් රුපියල් 140ක්, වම්බටු කිලෝවක් රුපියල් 70ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 80ක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබුණු එළවළුවල තොග මිල සටහන්ව තිබිණි.
සිල්ලර වෙළෙඳ පොළේ මෙම එළවළු වර්ග මීට වඩා දෙගුණයකින් පමණ වැඩි මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති.
දඹුල්ල නගරයේ සිල්ලර වෙළඳසැල්වල කරවිල කිලෝවක් රුපියල් 300 ක්ද, වම්බටු කිලෝවක් රුපියල් 120ක්ද, එළබටු කිලෝවක් රුපියල් 160ක්ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 500 ක්ද, තක්කාලි කිලෝවක් රුපියල් 180ක්ද, බෝංචි කිලෝවක් රුපියල් 180ක්ද, වැටකොළු කිලෝවක් රුපියල් 100ක්ද, කැරට් කිලෝවක් රුපියල් 160ක්ද, ගෝවා කිලෝවක් රුපියල් 160ක්ද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100ක්ද, ලෙස එළවළු අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
උත්සව සමය සහ වර්ෂාවත් සමඟ එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවය සහ ඉල්ලුම වැඩිවීම ජනවාරි මාසය පමණ වන තුරුත් පැවතිය හැකි යැයි විජේරත්න මහතා සඳහන් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඹුල්ලේ එළවළු මිල ඉහළට
සනත් කුමාර සිංහ Monday, 10 April 2023 05:47 PM
අද අප්‍රේල් 10 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් හරියට එවන්න..
මලිත් Sunday, 03 September 2023 12:19 PM
අද දවස තුළදී දඹුල්ලේ එළවලු මිල හරියටම...
මලිත් Sunday, 03 September 2023 12:21 PM
දඹුල්ලේ එළවළු මිල හරියටම...!