IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩොලරය 200 කඩඉම පනී

හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (08) ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (08) 200.46 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.



අදහස් (13)

ඩොලරය 200 කඩඉම පනී

Nilantha Wednesday, 08 April 2020 07:25 AM

ගෝලීය වසංගතයක් වන කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා නම් දරුණු ලෙස බැට කන ඇමෙරිකා එක්සත් ජනපදයට සාපේක්ෂව ලංකාවේ මුදල් අව ප්‍රමාණ වෙන්න බෑ. මේක ලංකාවේ වැරදි දේශපාලන තීන්දු නිසා ආර්ථිකයේ වැටීම පෙන්නුම් කරන සාධකයක්

:       294       705

vipulaWednesday, 08 April 2020 07:54 AM

ලංකාවේ විදේශ සංචිත අඩු නිසා මෙහෙම වෙන්නේ . එකට 1977 පසු බලයට පැමිණි සියලුම රජයන් වගකියන්න ඕනේ. කෙසේ නමුත් ඩොලරය කෙතරම් සවිමත්ව තිබුණු රටවල් කොරෝනවට කොර වෙලා ඉන්නේ. නමුත් අපි රටක් විදිහට ඔක්කොම එකතුවෙලා කොරෝනාව පරදවන්න උත්සහ ගන්නවා. එහෙම බැලුවම මේ ඩොලර් ඉල්ලක්කම් විතරයි.

:       265       234

චමින්දWednesday, 08 April 2020 09:47 AM

උපදෙස් දෙන්නෙ වෙන කවුරුවත් නොවේ අපේ ආදරණීය ආර්ථක විද්‍යා ගුරුතුමා වෙන්න ඇති කියල මට හිතෙනවා.එසේම නිලන්ත කියන දෙය ඉතාම සත්‍ය බවත් කියන්න පුළුවන්.

:       25       59

tissaWednesday, 08 April 2020 10:49 AM

මෙය වැරදි මතයක්. කොරෝනා වයිරසය හේතුවෙන් අද මුළු ගෝලීය ආර්ථිකයම විශාල පසුබෑමකට ලක්ව ඇත. අද ඇමෙරිකානු ආර්ථිකය පසුබෑමකට ලක්වී තිබුනත්, අනුකුත් රටවලට සාපේක්ෂව ඔවුන්ගේ මුදල් ඒකකය විස්වාසනීයත්වයෙන් වැඩිම මුදල් ඒකකය බවට පත්වී ඇත. එවැනි අවස්ථාවක මුදල් ආයෝජකයින් බලන්නේ දැනට ඇති වඩාත් ශක්තිමත්ම මුදල් ඒකකයේ ආයෝජනය කිරීමටයි. එබැවින් අද ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම ඉතා ඉහල ගොස් ඇති අතර, ඒ හේතුකොට ගෙන එහි අගය අනිකුත් මුදල් එකක වලට වඩා ඉහල ගොස් ඇත.

:       54       86

sadisThursday, 09 April 2020 01:47 AM

එතකොට මෙයා ඔය ආර්ථික පසුබෑම විනේ කටින්නේ හැමදාම රුපියලට විතරද? ඩොලර් කියන්නේ රත්තරන්ද? කොච්චර ආර්ථිකය පසුබැවත් එක විතරක් ඉහල යන්නේ මොකද?

:       34       12

Rohana Wednesday, 08 April 2020 08:38 AM

අහෝ රුපියලට ගිය කලදසාව. කොරෝනාවට වෛද්‍යවරු අවශ්‍ය වගේම රුපියල ශක්තිමත් කරන්න ආර්ථික විශේෂඥයින් මේ වෙලාවෙවත් නැත්නම් රට අගාධයට යාම වලක්වන්න බැහැ.

:       0       29

kusal Wednesday, 08 April 2020 09:42 AM

අර , මහාචාර්ය තුමාගෙන් ඇහැව්වනම් දැන් මේකට මොකද කරන්නේ කියලා ..

:       43       77

banda Wednesday, 08 April 2020 10:02 AM

ඒ කියන්නේ කොරෝන වලින් ඩොලරයට බලපෑමක් නැහැ කියන එකද ?

:       1       8

mahinda Wednesday, 08 April 2020 10:38 AM

අනෙක්වත් අවප්‍රමාණ වෙනකොට අපේ අවප්‍රමාණ වේගය වැඩියි.

:       0       37

Kumar Wednesday, 08 April 2020 04:37 PM

රජය වෙනුවෙන් කථා කරන කෙනෙක් නැද්ද? බ්රෙක් නැතුව පල්ලමේ යනවා වගේ නේද?

:       41       106

Kautilya Wednesday, 08 April 2020 07:35 PM

ජනාධිපති රුපියලේ අගය පහලට දැම්මනං (චීන්නු එහෙම කරලා තියෙනව) ලංකාව නිර්යාත කරන භාණ්ඩ සහ සේවාවන් වලට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ අමෙරිකන් $ තියෙන අගය වැඩිවෙද්දී ලංකාවට පාඩු වෙනවා. තව ක්‍රමයක් තියෙනවා මේකට. අංජනමක් ඇරලා බැලුවොත් පෙනේවි. පෙරුම්කායම් බෙල්ලේ එල්ල ගෙන දුමක් අල්ලල කසයක් බිව්වොත් අඩු ගන්නේ හිතට හොඳ වෙයි.

:       25       65

Dharme Saturday, 11 April 2020 07:15 PM

කෝ මෙ දොස්තර බන්දුල? කොයි බෙඩ් එක යටද හැංගිලා ඉන්නේ...? තමාගේ ගවර්මන්ට් එක කාලෙදිම $ එක Rs.200 පසුකිරීම තමන් මෙම අත්මේදී කරපු පව් මෙම ආත්මෙදී පලදුන්නා වගේ වැඩක්...

:       0       32

Nandalal DE SILVA - France Monday, 13 April 2020 10:07 AM

බයියලාට දැන් සතුටුද? දණහිස ලඟට දියේ ගිලුන එකාට ඔලුව ගිලුනත් මොකද කියා සීයා කියනවා..

:       14       30

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 94 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 65 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site