සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් මෙරට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය අනුව යමින් විදේශ විනිමය භාණ්ඩ ආනයනය සඳහා අවභාවිතා නොකොට දේශීයව ස්වයං පෝෂණය විය යුතුය යන උදාර සංකල්පය යටතේ ටයිල් නිෂ්පාදනයේ නවතම සාමාජිකයා වන මැක්ටයිල්ස් ආයතනය මෙම දේශීය කර්මාන්තයේ පුනරුදයට සහභාගී වී ඇත.
දැනට 50% - 60% දක්වා දේශීය කර්මාන්තකරුවන් අප රටේ ඉල්ලුම සපුරාලන අතර මෑතක් වන තුරු දේශීය වෙළෙඳපොළේ ඉල්ලුම සපයනු ලැබුවේ ආනයනය කරන ලද ටයිල්වලිනි. අනාගතයේ දී මැක්ටයිල්ස් ආයතනය සහ ටයිල් නිෂ්පාදනයට එළැඹි නව කර්මාන්ත ආරම්භ කිරීමට දැවැන්ත මුදල් ආයෝජනය කරමින් තවත් දේශීය ව්‍යවසායකයන් ලහි ලහියේ වැඩ ආරම්භ කර සිටී. මැක්ටයිල්ස් ආයතනය නුදුරු අනාගතයේ දී ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන අතර එය සඳහා අවශ්‍ය කරන නවීනතම යන්ත්‍රෝපකරණ ඉතාලියේ SACMI සමාගම සහ Systems සමාගමෙන් ඇණවුම් කර ඇතැයි ටයිල් නිෂ්පාදනය පිළිබද, ශ්‍රී ලංකාවේ සිටින ප්රවීණතම තාක්ෂණික විද්‍යාඥයකු වන මැක්ටයිල්ස් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා වන රන්ජිත් මුනමල්පේ මහතා පැවසීය. ඒ මහතා මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමයේ ටයිල් නිෂ්පාදනය හදාරන ලද ශ්‍රී ලාංකිකයෙකි. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ටයිල් නිෂ්පාදනයේ හිනිපෙත්තටම සංවර්ධනය වී ඇති රටවල්වල නිපදවනු ලබන ටයිල්වලට සමානව හෝ ඊටත් වඩා අනර්ඝ තත්ත්වයේ ටයිල්ස් අපගේ රටේ නිෂ්පාදනය කළ හැකි බව ඒ මහතා පැවසීය.
මෑත කාලීනව රටේ ටයිල් හිඟයක් පැවතුන ද නුදුරු අනාගතයේ දී අපගේ දැනට ඇති දේශීය නිෂ්පාදන හා නවක ව්‍යවසායකයන් මෙම කර්මාන්තයට එකතු වීමත් සමග මෙම තත්ත්වය වෙනස්වන බව සහ 2022 වසරේදී මැක්ටයිල්ස් ආයතනය තමන්ගේ නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මැක්ටයිල්ස් ආයතනයේ විධායක මෙහෙයුම් නිලධාරී අහමඩ් ශාෆි මහතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය.
අඩසිය වසරක් දේශීය කර්මාන්තයේ යෙදී සිටිමින් ගොඩනැගිලි අංශයේ ප්‍රමුඛයකු වන මැක්සන්ස් සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයක් වන මැක්ටයිල්ස් සමාගම අපගේ දේශීය නිෂ්පාදන දේශීය පාරිභෝගිකයාට ඉදිරිපත් කරන්නේ ඔවුන්ට දැරිය හැකි සාධාරණ මිලකටය. මෙය සම්බන්ධයෙන් අපගේ පුවත්පත් දැන්වීම්වල මිල ගණන් ද සඳහන් කර දැන්වීම් මාලාවක් අපි සතිපතා පළ කරනු ඇත. අපගේ ධාරිතාව අනාගතයේ වැඩිවීමත් සමග දැනට පවතින මිල ගණන් තවදුරටත් අඩු කිරීමට හැකි වනු ඇතැයි මැක්ටයිල්ස් ආයතනයේ සාමාන්‍යධිකාරී - (විකුණුම් හා අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පැවසීය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් දැවැන්ත ආයෝජනයක්