IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන - ලංකා සබඳතා තරවේ

චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී.

විශේෂයෙන් යටිතල පහසුකම්, සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථා චීනයට හඳුන්වාදීම රජයේ අරමුණයි.

වටිනාකම සැළකූ විට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකර ඇති රටවල් අතුරින් ඉහළින්ම සිටින්නේ චීනය වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂ 2400 ක් පමණ වේ.

චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වල වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවන්නකි.

චීනය හා ශ්‍රී ලංකාව අතර තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හොඳ අවස්ථාවක් වනු ඇතැයි රජයේ අදහසයි.

දැනටමත් චීන සමාගම් 14 ක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒවායින් ලාංකීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා 2500 ක් පමණ ලබාදී තිබේ.

වරාය සංවර්ධන, ගැඹුරු මුහුදේ මසුන් මැරීම, භාණ්ඩ නිශ්පාදනය, ඇගලූම් කර්මාන්තය, පාපැදි එකළස් කිරීම, වැනි ක්ෂේත්‍ර වල මෙම සමාගම් ක්‍රියාත්මකය.

චීනයේ මැදහත්වීම මත ක්‍රියාවට නැංවෙන විසල් ව්‍යාපෘතීන්ද තිබෙන අතර උතුරු අධිවේගී මාර්ගය, කොළඹ - නුවර අධිවේගී මාර්ගය,කොළඹ වරායේ දකුණු දිග කොටසේ නව පර්යන්තයක් ඉදිකිරීම,ඩොලර් ලක්ෂ 8000 ක් වියදමක් දරා කොළඹ තරු 7 හෝටලයක් ඉදිකිරීම, ආදිය ඒවා අතරින් ප්‍රධානය.



අදහස් (0)

චීන - ලංකා සබඳතා තරවේ

ඉසුරන්දි Sunday, 14 September 2014 05:34 AM

අපි අපේ රටට ගොඩක් හිතවත් රටවල් සමග සම්බන්දතා වැඩි දියුණු කර ගත යුතුයි. විශේෂයෙන් චීනය රුසියාව කියුබාව පකිස්තානය වගේ රටවල් සමග. ඉන්දියාවත් දැන් දැන් අපේ පැත්තට හැරෙමින් පවතින එකේ එයාලවත් මේකට හවුල් කර ගත යුතුයි. (නදී)

:       0       0

සේනාරත්න Thursday, 11 September 2014 09:29 AM

ලංකාවට නිදහසේ ඔලුව උස්සන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහකටත් රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත්වෙලා ඉවරයි.චීන සම්බන්ධය අපට ලොකු ආරක්ෂාවක්,ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනයට දෙන්න යනවා කියලා.නමුත් ඒගොල්ලෝ ආවොත් රට කාට දෙයිද? (නි)

:       0       0

සේනාරත්න Thursday, 11 September 2014 09:49 AM

ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය, රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි වයාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)

:       0       0

සේනාරත්න Thursday, 11 September 2014 10:39 AM

ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒ ගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි. (නදී)

:       0       0

සේනාරත්න Thursday, 11 September 2014 10:42 AM

ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 September 2014 06:21 AM

චීන්නු නේද? අනේ මන්ද?(අ)

:       0       0

සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:38 AM

චීනය සහ ලංකාව ආතර සම්බන්ධතා දියුණු වීම , සමහරුන්ට නයාට අඳු කොළ වාගේ. ඉන්දියාව වුනත් ලංකාව චීනයට ලංවනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමග ලඟින් සම්බතා පැවැත්ම ලංකාවට ඉතාම වාසි දායක දෙයක් (නදී)

:       0       0

සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:35 AM

ඉන්දියාව වුණත් ලංකාව චීනයට ළං වෙනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමඟ ළඟින් සම්බන්ධතා පැවැත්වීම ලංකාවට ඉතාම වාසිදායක දෙයක් (නි)

:       0       0

සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:35 AM

චීනය සහ ලංකාව අතර සම්බන්ධතා දියුණුවීම, සමහරුන්ට නයාට අඳුකොළ වාගෙයි (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 08 September 2014 12:30 PM

චීනය දැනට ආරම්භ කර ඇති කඩිනම් ව්‍යාපෘති අගය කරන අතර ඔවුන් කෘෂි ක්ෂේත්‍රයේද දක්ෂයින් බැවින් , රජරට ,පහතරට තෙත් කලාපයේ පුරන්වූ වැව් ,අමුණු පිළිසකර කරගෙන වී වගාව,දේශීය පලතුරු කර්මාන්තය,සත්ව පාලනය හා අතුරු නිෂ්පාදන ,කුළු බඩු නිෂ්පාදනයන්ද කඩිනම් ව්‍යාපෘති සේ සලකා රජය උනන්දු වන්නේ නම් රටේ දුගී,දුප්පත් භාවය කඩිනමින් තුරන් කල හැකි මාර්ගයකි (නදී)

:       0       0

රුවන් Monday, 08 September 2014 03:31 AM

මෙය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් (නි)

:       0       0

රවී Monday, 08 September 2014 03:32 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 93 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 68 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site