IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


චීන ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක්?

අද දින දිවයිනට පැමිණෙන චීන ජනපති ෂි ජිං පිං මහතාගේ සංචාරය අතරතුරදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය හැකිවනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.

මෙම ගිවිසුම සම්බන්ධව දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවැත්වුණු මූලික පරීක්ෂණයක් දැනටමත් සිදුකෙරී අවසාන අතර ඊට අනුව නිදහස් වෙළද ගිවිසුමක් ඇති කිරීමට සුදුසු වාතාවරණයක් දෙරට අතර ඇත.

ශ්‍රී ලංකාවේ චීනයට අපනයනය කෙරෙන තේ,රබර්,ඇඟළුම්,මැණික් ආදී ද්‍රව්‍යයන් හි වර්ධනයක් පසුගිය සමයේ දැකගත හැකිවුවද තවමත් රජය අපේක්ෂා කරන තරමේ ආදායමක් ඒවායින් නොලැබෙන බව සඳහන්ය.

එසේ හෙයින් නිදහස් වෙළද ගිවිසුමක් මගින් චීන වෙළදපොලේ ඇති තවත් අවස්ථා හදුනාගෙන ඒ මගින් අපේක්ෂිත අපනයන ආදායම ලබාගැනීම කෙරේ රජයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර ඇති රටවල් අතරින් වටිනාකමින් වැඩිම ආයෝජනයන් සිදුකර ඇති රට වන්නේ චීනයයි.අධිවේගී මාර්ග හා වෙනත් ඉදිකිරීම් ඇතුලූ ව්‍යාපෘතීන් රැසක් චීනයේ සහය ඇතිව දිවයිනේ ක්‍රියාත්මකය.

අද දිනයේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම සංචාරකයින් පැමිණෙමින් සිටින්නේද චීනයෙනි.



අදහස් (0)

චීන ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක්?

සේනාරත්න Wednesday, 17 September 2014 11:14 AM

ඉදිරියේදී ලංකාවට එරෙහිව, මානව හිමිකම් උල්ලංගනය කිරීම උඩ ආර්ථික සම්බාදක පැනවීමේ ඉඩකඩක් ඇත. එ් නිසා දැන් සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුයි. (නදී)

:       0       0

සේනාරත්න Wednesday, 17 September 2014 11:11 AM

ඉදිරියේදී ලංකාවට එරෙහි, මානව හිමිකම් උල්ලංඝනය කිරීම උඩ ආර්ථික සම්බාදක පැනවීමේ ඉඩකඩක් ඇත .එනිසා දැන්සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුය . (ස)

:       0       0

සේනාරත්න Wednesday, 17 September 2014 11:15 AM

ඉදිරියේදී ලංකාවට එරෙහි, මානව හිමිකම් උල්ලංගනය කිරීම උඩ ආර්ථික සම්බාධක පැනවීමේ ඉඩකඩක් ඇත .එනිසා දැන් සිටම චීනය ,ඉන්දියාව හා රුසියාව සමග ආර්ථික සහයෝගතාව වැඩි දියුණු කරගත යුතුය .(දිල්)

:       0       0

කෙනත් Thursday, 18 September 2014 05:00 PM

අපි සිතා බැලිය යුත්තේ මේ බදු නැතිකර දැමීම නිසා සැබෑවටම ඇතිවන තත්වය කුමක්ද යන්නයි. අපේ තේ , රබර්, මැණික් වලට අපනයනය කළහැකි සීමාවක් තිබෙනවා. අපි මේ යැපෙන්නේ ස්වභාවික දේවල් වලින් මිස නිෂ්පාදනයන්ගෙන් නොවෙයි. නමුත් ඇඟලුම් අපිට තවත් නිපදවන්න පුළුවන්. මෙවන් ගිවිසුමක් නිසා චීන බඩු ලංකාව තුළ ලාබ වෙනවා. කෙටි කලකින් මහා පරිමාණ චීන නිෂ්පාදන ගලාවිත් අපේ නිෂ්පාදන වැහිලා යනවා. අපි අදටත් විදේශ විනිමය වැඩිපුරම උපයන්නේ මැදපෙරදිග රටවලින් බව අමතක කරන්න බැහැ. (නි)

:       0       0

නිමල් Tuesday, 16 September 2014 10:51 AM

ලෝකේ හැම රටක්ම දන්නවා ලංකාවේ වටිනාකම (දී)

:       0       0

ගාමිණි Tuesday, 16 September 2014 10:47 AM

ලංකාව වගේ රටකට හොද ආයෝජනයක් (දී)

:       0       0

ගාමිණි Tuesday, 16 September 2014 10:51 AM

මොනවා වෙන්න යනවද කියලා මට හිතා ගන්න බැහැ (දී)

:       0       0

වින්ද්‍යා Tuesday, 16 September 2014 10:47 AM

අපේ රටට ගන්න පුළුවන් සියලු දේවල් ඔවුන්ගෙන් ලබා ගන්න (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 10:47 AM

ආසිතික රටක් හැටියට භූගෝලීය වශයෙන් අපරටේ මැණික්,රබර් හැරුණුවිට අනෙක් සෑම දෙයක්ම ඔවුන්ට ඇත.ග්‍රීන් තේ ලෝකයටම සපයන ඔවුන්ට අපේ තේකොල වැඩක් නැත. අල්පෙනිත්තේ සිට ගුවන් යානය දක්වාත්,ගොඩනැගිලි උපකරණ,සිළුම ආහාර ද්‍රව්‍ය,රෙදිපිළි,අනවශ්‍ය සෙල්ලම් බඩු,චීනයෙන් අපිටය.අපේ ඛනිජවැලි,මිනිරන්,මැණික්,ස්වර්ණාභරණ,කුළුබඩු,දේශීය ඖෂධ නිෂ්පාදන,හා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මේ වෙළඳ ගිවිසුම් කරගැනීම සුදුසුය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 48 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site