IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුවන් සේවා පුහුණු පැසැලක් එයි

ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පසුගියදා  විවෘත කළේය.

ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින්  ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල  ගුවන් සමාගමේ මානව සම්පත්  පුහුණු කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සහ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය  එකතුව පහසුකම් සපයනු ඇත.   

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සතුව විශේෂයෙන් සකස් කරන ලද ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් අති නවීන පන්නයේ පංති කාමර පහසුකම්,රැකියා පුහුණුකිරීම් සහ අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක්  ඇත. මේ අනුව සෑම අතින්ම නවීන පහසුකම් රැසක් සමගින් ඉගෙන ගැනීමේ අත්දැකීමක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පහසුකම් ලබාදෙනු ඇත.       

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින්  ප්‍රකාශ කර සිටියේ “ජාතික ගුවන් සේවාව වශයෙන් ලාභ උපයීම සහ ගුවන් මගීන් රැගෙන යාමට වඩා වැඩි ජාතික මෙහෙවරක්  ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල  තුළින් අපගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා  සිදුකරන  ප්‍රයන්තයන් ද ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය ද පෙන්නුම් කරයි.  නවීන පහසුකම්  වලින්  සමන්විත ජාත්‍යන්තරව පිළිගත්  ශ්‍රීලංකන් පුහුණු අංශයන් හි සංකලනයක් වන මෙම පාසල තුළින් පසුගිය වසර 35 පුරාවට උසස් නිපුණතාවයන් ඇති වෘත්තීයවේදීන් බිහිකිරීම සඳහා කටයුතු කර ඇත.  අප රටේ තරුණ පරපුර මෙන්ම කලාපයේ බොහෝ දෙනෙක් මෙම අනර්ඝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සෑම අතින්ම සාර්ථක වීමට ප්‍රාර්ථනා කර සිටිමි”   

ශ්‍රීලංකන් ඉදිරි ව්‍යාප්ත සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ “ අප රට ගුවන්  සහ නාවික ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් සිටින අවස්ථාවක  ශ්‍රීලංකන් ගුවන් සමාගම රජයේ   දැක්ම වන  ශ්‍රී ලංකාවේ පංච ආර්ථික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කිරීම  යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවීමෙන් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු අංශ ඒකාබද්ධ වීම තුළින් ලබාදෙන  උසස් තත්වයේ පුහුණු පහසුකම් වෙනුවෙන් කිර්තිමත් පිළිගැනිමක් ඇති අතර විදේශ සිසුන්  රැසක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තුළින් විදේශ විනිමය වැඩිකර ගැනීමටත් ජාතික ආර්ථිකය සඳහා ලබාදෙන දායකත්වය වැඩිකරීමටත් අපි ඉලක්ක කරගෙන සිටිමු.”      

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විවිධ ආකාරයේ වෘත්තීය පාඨමාලා රැසක් ලබාදෙමින් ලෝකයේ කොතැනකදී වුවත් අපගේ සිසුන්ට මේ ක්ෂේත්‍රයේ හැකියාවන් පෙන්වීමට පහසුකම් සපයා ඇත. වෘත්තීමය වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුදුසුකම් ලබා ගැනීමට ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් පවතී .මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මැද පෙරදිග කලාපය සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබාදීම වෙනුවෙන් අප රට ප්‍රමුඛව සිටින අවස්ථාවක මිනිස් ශ්‍රමයේ ගුණාත්මක බව වැඩි කිරීමට අපට අවස්ථා උදාවී ඇති අතර පුහුණු ශ්‍රමය සැපයීමට නව මංපෙත් ද විවර වී ඇත. ”       

 

වසර 30 අධික කාලයක් පුරාවට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය පුහුණු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබේ. මෙම අසමසම අත්දැකීම් සමූදාය තුළින් සිසුන්ට විශේෂ වු පුහුණු පහසුකම් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සමත් වී ඇති අතර ගුවන් සේවා  ක්ෂේත්‍රයේ අනාගතය කරා පියමැනීමට මෙය කදිම ස්ථානයක් වනු ඇත.

ශ්‍රී ලංකාව,ඕමානය,පකිස්ථානය සහ මාලදිවයිනේ සිවිල්  ගුවන් සේවා අධිකාරි සහ  යුරෝපීය නිරුපද්‍රතා ඒජන්සිය විසින් සහතික කරන ලද ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සතුව ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු වෘත්තීයවේදීන් බිහිකිරීමේ විශිෂ්ට ඉතිහාසයක් තිබේ.

ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම පුහුණු  අංශයක් වශයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) විසින් 2013 ප්‍රිමියර් කවය යටතේ ලෝකයේ ප්‍රමුඛතම  බලයලත් ගුවන් සේවා පුහුණු අංශ 10 අතරට පැමිණීමට හැකි වූ අතර මෙය රටවල් 90 ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන  440 ක් ඇගයීමෙන් පසු හිමිවිය.    

එහි කාර්ය දර්ශනය  සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය විසින්  (IATA ) ලෝකයේ විශිෂ්ටතම සම්මානය ද වසර 3ක් පුරාවට ආසියාවේ විශිෂ්ටතම  පුහුණු ආයතනය සඳහා ද ඇගයුම් ලබාගන්නා ලදී. මෙම විශිෂ්ට ඇගයුම් සැළකිල්ලට ගනිමින්  IATA හි  කලාපීය පුහුණු පාර්ෂවකරු (RTP) වශයෙන්  ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය මේ වසරේ දී පත්වීම් ලැබීමට සමත් විය.

ශ්‍රීලංකන්  ගුවන් සේවා පාසලින් විවිධ ආකාරයේ IATA පුහුණු වැඩසටහන් රැසක් ලබාදෙන අතර විශේෂිත වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රි ලංකා  කාර්ය සම්පාදන සහ ප්‍රවාහන වරළත් ආයතනය  (CILT-SL) , කොළඹ විශ්ව විද්‍යාලය, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරිත්ව  ආයතනය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහයෝගයෙන්  මෙහෙයවනු ලැබේ. ජාත්‍යන්තර පාර්ෂවකරුවන් හා එක්ව දැනුම හුවමාරු කිරීමේ කටයුතු සිදුකරමින් එහි සේවා ව්‍යාප්ත කිරීමට අමතරව ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති  පාඨමාලා සිසුන්ට  හදුන්වා දීමට හැකිවනු ඇත.   

ශ්‍රීලංකන්  ගුවන් සේවා පාසල වෙතින් ඕනෑම සිසුවෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන පරිදි පාඨමාලා හදුන්වා දී ඇති අතර උසස් අධ්‍යාපනය තුළින් රැකියා අවස්ථා ලබාගැනීමට සිසුන්ට නිසි අවබෝධයක් ලබාදෙනු ලැබේ.පංති කාමර අධ්‍යාපන ක්‍රමයට අමතරව ශ්‍රීලංකන්  ගුවන් සේවා පාසල වෙතින් වර්තමාන ගම්බද තරුණ පරපුරට රැකියා අවස්ථා සදහා මාර්ගෝපදේශකත්වය සපයනු ලැබේ. කොළඹ විශ්ව විද්‍යාලය,රජරට විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සඳහා ප්‍රතිරූප උපදේශකත්ව වැඩසටහන් ද ශ්‍රීලංකන්  ගුවන් සේවා පාසලින් ක්‍රියාත්මක කරන ලදී.  මෙම වැඩසටහන් තුළින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැමිණීමට අපේක්ෂිත  සිසුන්ගේ ආත්ම විශ්වාසය හා ධනවාදී ආකල්ප වර්ධනය කිරීමට හැකියාව ලැබිනි.          

මෙම ඒකාබද්ධ වීම තුළින්, ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විසින් රටේ පාසල් වල ගුවන් සේවා සංගම් සඳහා මුදල් අයකිරීමකින් තොරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙවැනි ප්‍රයන්තයන් තුළින්  ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල රටේ තරුණ ප්‍රජාව ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය හැකියාවන්,දැනුම සහ ආකල්ප තුළින්  ධෛර්යමත් කිරීමට කටයුතු කර ඇත.   

 01 02 03 04 05 06 07



අදහස් (23)

ගුවන් සේවා පුහුණු පැසැලක් එයි

පාලිත Sunday, 21 December 2014 07:52 AM

රංග, එයාලට මතක නෑ එයාල ඉන්නේ අපිට සේවය කරන්න කියලා. එකයි. අනික එයාල දන්නේ නෑ, එයාලා සේවය කරන තැන අපි සල්ලිවලට අරන් යන්නේ. හැබැයි අපි සේවය කරන තැන් එයාලට සල්ලි වලට ගන්න තියා බලල යන්න එන්නවත් බෑ.(හේ)

:       0       0

ජගත් Monday, 22 December 2014 11:50 AM

හොද දෙයක් කරලා තියෙන්නේ.(හේ)

:       0       0

ජගත් Monday, 22 December 2014 11:49 AM

හොද දෙයක් කරලා තියෙන්නේ ජාතියට ලංකාවට සුබපැතුම් මිස්ටර් කපිල චන්ද්‍රසේන.(හේ)

:       0       0

ජගත් Monday, 22 December 2014 11:51 AM

හොඳ දෙයක් කරලා තියෙන්නේ ජාතියට ලංකාවට. සුබපැතුම් මිස්ටර් කපිල චන්ද්‍රසේන (නදී)

:       0       0

නාරද Monday, 22 December 2014 06:24 AM

මේ දවස්වල චන්ද්‍රිකා කියන වචනය පාචිචිචි කරන්න බය ඇති? (නදී)

:       0       0

ගීත් Friday, 19 December 2014 03:43 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

කමල් Saturday, 20 December 2014 02:06 PM

මේක වැඩකට නැති පාඨමාලාවක් ද දන්නේ නැහැ. ගුවන් යානා තාක්ෂණ ශිල්පය උගන්වන තවත් අායතනයක් ගුවන් තොටුපල අැතුෙල්ම දැනටමත් තියනවා.  හැබැයි අැතුලත් වන්න පුළුවන් සුපරි පංතියකට විතරයි මම දන්න විදිහට. සුපිරි රැකියාවකට මගක්? රහසක් ද? එය ගැමි කොල්ලන්ට විවෘත නැහැ. එක් පැලැන්තියකට පමණයි ලු. දන්නෝ දනිතිලු? (නදී)

:       0       0

මහින්ද Friday, 19 December 2014 09:41 PM

හොඳම දෙයක් චතුරංග අහලා තියෙන්නේ. සුබ පැතුම්! (නි)

:       0       0

ලාංකිකා Wednesday, 24 December 2014 06:33 AM

රංග පාලිත ඔයාලගේ කතාව 100% හරි. ඒ අය හිතන් ඉන්නේ එයලා ඇමෙරිකන් කියලා . සිංහල පොඩ්ඩක් වත් දන්නේ නැති විදිහට හැසිරෙන්නේ (නදී)

:       0       0

ලසන්ත Tuesday, 16 December 2014 07:08 AM

ඇත්තටම අනාගතයට නියම වැඩක්. (නදී)

:       0       0

චතුරංග සඳරුවන් Thursday, 18 December 2014 04:45 PM

මෙම පාසැලට ඇතුලත් වෙන්නේ කොහොමද? ගාස්තු වශයෙන් කීයක් ගන්නවද ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න (නදී)

:       0       0

අරුෂියා Saturday, 20 December 2014 05:41 PM

චතුරංගගේ ප්‍රශ්නයමයි මටත් තියෙන්නේ (නි)

:       0       0

සුරංග Sunday, 21 December 2014 04:39 AM

ඒකනම් හොද වැඩක්.ගුවන් සේවයට එක් වෙන්න ලංකාවේ ගොඩක් අයගේ සිහිනයක්.ඒ සිහිනය සැබෑ කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙන්නේ.(හේ)

:       0       0

රංග Sunday, 21 December 2014 04:40 AM

ඔක්කොටම කලින් අපේ ගුවන් සේවිකාවන්ට ලංකාවේ මගීන්ට සුහදව සලකන හැටි කියලා දෙන්න පුහුණුවක් දෙන්න. ඒගොල්ලන් සමහරු ලංකාවේ මගින් දැක්කම ගුවන් යානාවටත් අඩි 5 ක් උඩින් පියාඹන්න පටන් ගන්නවා. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 03:50 AM

මෙම ප්‍රවුර්තිය දැක්කාහම මට මතක් වුනේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද උනේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් ඇරියද? නැත්නම් අපේ මුදල් වලට ඇරියද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 03:51 AM

මෙම ප්‍රවෘත්තිය දැක්කාහම මට මතක් වුණේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද වුණේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් යැව්වද? නැත්නම් අපේ මුදල් වලට යැව්වද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා.(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 03:51 AM

මෙම ප්‍රවෘත්තිය දැක්කාහම මට මතක් උනේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද උනේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් ඇරියද? නැත්නම් අපේ මුදල් වලට ඇරියද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා.(නදී)

:       0       0

E.M Shashini wathsala Ekanayaka Sunday, 03 October 2021 07:53 PM

අද ප්‍රවෘත්ති බලද්දී ලොකු ආසාවක් ඇති වුනා. මගේ වයසේ ගැහැණු ළමයෙක් ගුවන් සේවිකාවක් වෙලා ඉන්නවා. මටත් ඔය පුහුණුවීම ලබල ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් වෙයිද?

:       0       3

මිල්නි මෙහාරා Monday, 04 October 2021 05:46 AM

ඊයෙ ප්‍රවෘත්ති බලද්දි නංගි කෙනෙක් ගුවන් නියමුවරියක් බවට පත් වෙලා තිබ්බා මාත් ඉස්සර ඉදන්ම ආසවෙන් හිටියෙ ගුවන් නියමුවරියක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න මේ පාටමාලාවට මන් බැදෙන්නෙ කොහොමද. ඔය පාටමාලාව හදාරලා මටත් නියමු වරියක් වෙන්න පුලුවන් වෙයිද ?

:       0       0

D.M.Harshani Maheshika Sewwandi Wimalarathna Monday, 04 October 2021 08:53 AM

මෙය ඇත්තටම ගොඩක් හොඳ ආයතනයක් මම කැමතියි සකුරායි ආයතනයට බැඳිලා පුහුණුවක් ලබාගන්න. එයට බැඳීමට කළ යුත්තෙ කුමක්ද.? ඒ සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද..?

:       0       0

Biyonika malki Tuesday, 05 October 2021 10:13 PM

ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද

:       0       0

Nirodha piyumali Monday, 03 January 2022 09:57 PM

ලියාපදිංචි වෙන්නේ කොහොමද ?

:       0       0

k.p. Nimasara ravishan Monday, 17 October 2022 08:09 PM

මමත් ආසයි ගුවන් නියමුවරයෙක් වෙන්නේ... කොහොමද ඒකට ඇතුල් වෙන්නේ? මොනවද කරන්න ඕනෑ? මටත් ඇතුළු වෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 30 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2020 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 655 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1458 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site