IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවනටත් නායකත්ව පුහුණුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක්  පැවැත්විණි.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මගින් මෙය සිසු කෙරිණි.

 ජාතික ගුවන් සමාගමේ කළමනාකරුවන් අතරින් තම රැකියාවන් හි වගකීම් ගණනාවක් දැරීමේ හැකියාවන් සහ උසස් කළමනාකරණ තනතුරු හොබවන පිරිසක් මෙම වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී.

මේ සඳහා සම්පත් දායකකරුවන් ලෙස ආචාර්ය ට්‍රැවිස් පෙරේරා මහතා, ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා සහ මහාචාර්ය උදිත ලියනගේ යන මහත්වරු විසින්  තෝරාගත් කළමනාකරුවන් 30 ක් සදහා සැසිවාර පවත්වන ලදී.

මේ අනුව තීරණ ගැනීම ,ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන්,නායකත්ව කළමනාකරණය,උපාය මාර්ගික කළමනාකරණය ,තරඟකාරි වාසි සැලසුම්කරණය සහ සම්පාදනය,නායකත්ව ව්‍යුහය ,නායකත්ව අභියෝග ,භාව බුද්ධිය සහ යටත් සේවක වර්ධනය යනාදි විෂයන් රැසක් පිළිබඳව මෙහිදී දේශන පැවැත්විනි.

 මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය උදිත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ “සෑම කළමණාකරුවෙක්ම පුද්ගල කළමනාකරුවන් වන අතර මොවුන් විසින් පුද්ගලයන් සහ ඔවුන්ගේ කාර්යයන් කළමනාකරණය කළයුතු වේ.ඇතැම් කළමනාකරුවන් නායකයන් මෙන් කටයුතු කරන්නේ ඔවුන් පුද්ගල කළමනාකරණය සහ නායකත්වය දැරීම තුළින් පුද්ගලයන්ට අනුබල කිරීමේ හැකියා වර්ධනය කර ඇති හෙයිනි. නායකත්වයේ මූලික සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන්ට මෙම කරුණු ප්‍රායෝගිකව යොදා ගන්නා අකාරය පිළිබඳව දැනුවත් කිරීමට ලැබීම වෙනුවෙන් කළමනාකරණ පස්චාත් උපාධි ආයතනය ඉතා සතුටට පත්වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප් කැකුළාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරතුරුවම එහි මානව සම්පත් පිළිබඳව ආඩම්බරයට පත්වන අතර ඔවුන්ගේ දක්ෂතා වැඩිදුයුණු කිරීම තුළින් සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බව පිළිගනී.මෙම වැඩසටහන තුළින් පවතින දැනුම සහ සහභාගීවන්නන් සඳහා තෝරාගත් විෂයන් හි සිද්ධාන්ත පිළිබඳ චින්තනය සන්නිවේදනය කිරිම තුළින් ප්‍රායෝගිකව යොදා ගැනීමට හැකිවනු ඇත.”

ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ගෝලීය වශයෙන් බහුවිධ කාර්ය මණ්ඩලයක් පවතින අතර ශක්‍යතා සංවර්ධනය සහ නායකත්ව කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ඵලදායිතාව වර්ධනය කිරීමටත් ඉලක්ක සහ අරමුණු ළඟා කර ගැනීමටත් හැකිවනු ඇත.මෙම වැඩසටහන මූලික වශයෙන්ගුවන් සමාගමේ ඉදිරි වර්ධනය සදහා වැදගත් වනනවීන කළමනාකරණ හැකියාවන් හා කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වීය. 

මෙම වැඩසටහන  ව්‍යාපාර නොකඩවා පවත්වා ගැනීම ඉලක්ක කරගනිමින් ව්‍යුහගත සහ අනාගත කුසලතා මෙන්ම නායකත්ව සංවර්ධන වැඩසටහනක් ලෙස පැවැත්විනි.

 _MG_7380

 

 



අදහස් (0)

ගුවනටත් නායකත්ව පුහුණුවක්

පෙඩ්රික් Thursday, 21 August 2014 03:39 AM

ගුවන් සේවිකාවක් වීම ආඩම්බරයට කරුණක් නෙමෙයි කියලා මේ අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 20 August 2014 03:04 AM

අයියෝ අපේ සල්ලි (නදී)

:       0       0

නිරාන් සෞදි Wednesday, 20 August 2014 04:42 AM

ඔය සමාගමේ බලදාරියාටත් මොකක් හරි පුහුනුවක් ලබාදෙන්න. (නදී)

:       0       0

අචී Wednesday, 20 August 2014 06:13 AM

ඔය ඉදිරි පෙළ දකුණු පැත්තේ 3 වෙනියට ඉන්න කෙනාගේ බර අඩු කරගන්න පුහුණුවක් දෙන්න. (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 08:17 PM

සංවිධායක මණ්ඩලය තව සල්ලි ටිකක් ගරා ගන්න ක්‍රමයක් කොහොම හරි හොයා ගත්ත (අ)

:       0       0

සරත් Tuesday, 19 August 2014 10:33 AM

සමහර ගුවන් සේවිකාවන්ගේ සහ ගුවන් තොටුපොළ සේවක / සේවිකාවන්ගේ උද්දච්චකම නැති කළහැකි පුහුණුවක් දෙන්න පුලුවන් නම් ඉතා අගයකොට සළකමි. (නි)

:       0       0

සුපුන් Wednesday, 20 August 2014 06:15 AM

මම නිතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් කරන කෙනෙක්. කළමනාකරුවන් කෙසේ වෙතත් ගුවන් සේවක සේවිකාවන්ගේ සේවයනම් අන්තිම පහල මට්ටමක තියෙන්නේ. ගුවන් සේවිකාවක් වීම ආඩම්බරයට කරුණක් නෙවේ කියල මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ පුහුනුවම ඔවුන්ටත් දුන්නනම් හොදා.(නදී)

:       0       0

මහින්ද Monday, 25 August 2014 04:58 AM

කොස්වත්ත හරි. ඒක නම් සහතික ඇත්ත (නි)

:       0       0

සොයිසා Wednesday, 20 August 2014 06:28 AM

නිරන් සෞදි : බලධාරියා නම් ඉතා හොඳයිග එත් ප්‍රශ්නේ එම බලධාරියට බොරු සහ කේලම් කියා එතුමාගේ සැලසුමට බාධා කරන සමහර කාර්ය මණ්ඩල පිරිස්. (ස)

:       0       0

මහේෂ් Thursday, 21 August 2014 06:32 AM

මම දන්නා ගොඩක් අය ඉන්නවා ශ්‍රී ලන්කන් තෝරාගන්නේ නැති. මේවා ඉතින් කළමනාකරණයේ දුර්වලතා. කවුරු කවුරුත් මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 11:46 AM

ඔය ගුවන් සේවය ගැන, මීට කලිනුත් ලංකාදීපයේ අපි බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළානේ....නිලධාරීන් ඒ අදහස් ටික කියෙව්වද දන්නේ නැහැ නේද...? ඒ ටික කියෙව්වා නම්, ඕකේ ඉන්න බොහෝ දෙනෙක්ගේ දැනුම, ඉබේම වර්ධනය වෙනවා. (නි)

:       0       0

හේෂාන් Tuesday, 19 August 2014 12:36 PM

ඔය කියන උදච්චකම තියෙන්නේ, ශ්‍රී ලාංකික ගුවන්සේවිකාවන්ටයි. විදේශීය ගුවන්සේවිකාවන් ගුවන් යානාවේදීත් ගුවන් තොටුපළේදීත් කාටත් එක සේ හරිම නිහතමානීයි (නි)

:       0       0

හෙසා Tuesday, 19 August 2014 12:38 PM

ඔය කියන උදච්ච කම තියෙන්නේ, ශ්‍රී ලාංකික ගුවන්සේවිකවන්ගේ ශ්‍රී ලාංකිකයින්ටයි.( එත් සමහරක් අය හරි හොඳයි ) විදේශීය ගුවන්සේවිකාවන් ගුවන් යනාවේදීත් ගුවන් තොටුපලේදීත් කටත් එකසේ හරිම නිහතමානීයි (අ)

:       0       0

අමිල සිංග Thursday, 21 August 2014 07:54 AM

කස්ටමර් සර්විස් පාසැල් කාලයේ විෂයක් හැටියට උගන්වන්නේ නැති එකේ පාඩුව තමයි මේ. ලංකාවේ කොතැනකට වැඩක් කරගන්න ගියත් තියෙන පොදු ප්‍රශ්නයක් මේක. (නදී)

:       0       0

අමිල සිංග Thursday, 21 August 2014 07:53 AM

'මහජන සේවාව' පාසල් කාලයේ විෂයක් හැටියට උගන්වන්නේ නැති එකේ පාඩුව තමයි මේ. ලංකාවේ කොතැනකට වැඩක් කරගන්න ගියත් තියෙන පොදු ප්‍රශ්නයක් මේක. (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 02:15 PM

හේෂාන්,ඔය උද්දච්ච උදවිය, පුස් පැටව් වගේ වෙනවා අපි ළඟ විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවා දැක්කොත්. අත්දැකීමෙන් කියන්නේ. (අ)

:       0       0

හේවාවිතාරණ Wednesday, 20 August 2014 05:29 PM

ගුවන් සේවිකාවන්ට නිහතමානීකම ගැන අවබෝධයක් ලබාදිය යුතුයි (නි)

:       0       0

ගැමුණු Tuesday, 19 August 2014 02:38 PM

සරත්,එයාලගේ ඔය උද්දච්ච කම පෙන්වන්නේ ලාංකික ගුවන් මගීන්ට පමණයි.(අ)

:       0       0

ශීලා Wednesday, 20 August 2014 07:27 PM

පාඩු නැති කරගන්න විදිහක් ගැනත් හිතමු මහත්තයෝ. (නි)

:       0       0

ෆෙඩ්රික් Tuesday, 19 August 2014 03:40 PM

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය තුල ලොව කිසිම පිළිගත් කිසිම සම්පත් දායකකරුවන් නැත. විහුලු කරුවන් ඇත (අ)

:       0       0

සමන් Wednesday, 20 August 2014 08:05 PM

ඒක නම් හොඳයි ඉතින්... (නි)

:       0       0

අබේරත්න Tuesday, 19 August 2014 04:38 PM

අගය කළයුතු දෙයක් (නි)

:       0       0

මාලිකා Tuesday, 19 August 2014 05:23 PM

හොඳ වැඩක් (නි)

:       0       0

ද සිල්වා Wednesday, 20 August 2014 09:27 PM

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාංඡනයට සුදුසු මොණරෙකුගේ නොව මකරෙකුගේ හෝ වෙනත් සතෙකුගේ රූපයක් යැයි මට හැ‍ඟේ. ගුවන් සේවිකාවන්ගේ නිහතමානී නොවන ගතිගුණ නිසා ශ්‍රී ලාංකිකයන් වෙනත් ගුවන් සේවා තෝරාගැනීමත් මෙහි පාඩුවට බලපෑවද මෙයට ප්‍රධාන හේතුව දුර්වල කළමනාකරණය බව මගේ අදහසයි. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 21 August 2014 06:46 PM

මගේ සහෝදරියක් මගෙන් ඇහුවා ගුවන් සේවිකාවකට යන්නද කියලා. මගේ පිළිතුර වුණේ ඒකට යන්න එපා කියන එකයි. (නි)

:       0       0

කොස්වත්ත Thursday, 21 August 2014 09:54 AM

සරත් ඔයා හරි, ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි එ් ගොල්ලන්ට වේටර් වැඩේ කරනවා අැති කියලා. මට දුක අරාබිකරයේ දුක් විදලා එන අක්කට වතුර උගුරක් ඉල්ලන්න විදියක් නැහැ මොකද ලගට අැවිල්ලා කඩ්ඩ ද‍ෙන්නේ ඉංග්‍රීයෙන්. ඉතින් ඒ අක්කල බයට , ලැජ්ජාවට බඩගින්නේ ඉන්නවා. (නදී)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 08:52 PM

උසස් අද්‍යාපනය හදාරපු නංගිලා කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද ඔය සේවයේ....? පන්දමයි,ඉංග්‍රීසියයි විතරයි...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1006 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site