IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්පහ පොලිසියට බිලියඩ් පුහුණුව

ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ කොටසක සැකසූ බිලියඩ් පුහුණු මධ්‍යස්ථානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අතින් විවෘත විය. ඊට මුල් වූයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාය.

ගම්පහ කොට්ඨාසයේ පොලිසි 12 සිටින පොලිස් සාමාජිකයනට මේ ස්ථානයේ පුහුණුව ලැබිය හැකි බවත්, ඒ මගින් ඉදිරි වසරේ ජාතික මට්ටමේ තරගවලට පොලිස් සාමාජිකයන් යොමු කිරීමට අදහස් කරන බවත්, පොලිස් නිලදාරීන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවත් බිලියඩ් කාමරය විවෘත කරමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසීය.

ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන සඳසිරි බණ්ඩාර, චන්දන කොඩිතුවක්කු සහ පුෂ්පකුමාර පෙරේරා මහත්වරු ද, ගම්පහ කොට්ඨාසයේ පොලිස් දොළහේ ස්ථානාධිපතිවරුන් ද සහභාගී වූහ.



අදහස් (0)

ගම්පහ පොලිසියට බිලියඩ් පුහුණුව

චානක Friday, 28 June 2013 01:35 PM

එතකොට රාලහාමිලටත් මේ පොල්ලෙන්ම සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවද? මම එහෙම ඇහුවේ පොලිසි ඇතුලේත් දැන් නිලදාරීවාදය තියෙන නිසයි (නි)

:       0       0

බමුණු Thursday, 27 June 2013 07:21 PM

නිසි පුහුණුවක් නොමැතිව සෙල්ලම් කරලා මේස රෙද්ද ඉරුනොත් ඒ කාලේ 1970 ගණන්වල දඩය රුපියල් 5000 යි. අපේ ක්ලබ් එකේ දැන් කීයක් වෙනවද දන්නේ නැහැ. ඔය මේසයක් පවත්වාගෙන යාමත් අධික වියදම් යන වැඩක්. (නි)

:       0       0

නිල්මිණි Thursday, 27 June 2013 07:40 PM

අඩුවකට තිබ්බේ ඕක විතරයි,මෙච්චර කල් පොකෙට් බිලියඩ්නේ ගහ ගහා හිටියේ (නි)

:       0       0

වීරසිරි Saturday, 29 June 2013 05:55 PM

නාලක කිව්වා වගේ, මේ රට දැන් කොහෙද මේ යන්නේ? පොලිසිය ක්‍රීඩා කරන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. නමුත් රටේ අපරාද අහස උසට. මෙයාල බෝල අල්ලනවා. කොහොමත් වැඩි දෙනෙක් කරන්නෙම ඒකනේ අපේ රටේ. ඔහොම යන්, ඔහොම යන් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

නිල් රණා Thursday, 27 June 2013 08:06 PM

ලොක්කෝ සෙට් වෙන තැනක් නොවී ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාව ලැබුනොත් හොඳයි. නමුත් පොලිසියේ රාජකාරි කරන අයට වඩාත්ම සුදුසු ඇතුලත ක්‍රීඩා නොව පිටත පරිසරයේ සිදුකරන කායික ක්‍රීඩා බව අපේ හැගීමයි. (අ)

:       0       0

සන්ජය Friday, 28 June 2013 08:30 PM

මම ඉන්න රටේ මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ඝනයට නම් වැටෙන්නෙ නැහැ (නි)

:       0       0

අනිල් Monday, 01 July 2013 06:34 PM

මේක හොද වැඩක්, පොලිස් නිලදාරින්ටත් මානසික සුවයක් ලබන්න හොද අවස්ථාවක්.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 02 July 2013 10:17 AM

ඔච්චරයි අඩුවට තිබුනේ... (අ)

:       0       0

බන්දුල Monday, 01 July 2013 07:33 PM

කරන්ට වෙන දේවල් නැද්ද?(නදී)

:       0       0

පහන් Thursday, 27 June 2013 03:54 PM

ඔය මේසෙ අලුතෙන් දාපු එකක් නෙමේ නේ. ඕක ඔතන තියෙන්නේ අවුරුදු 20 විතර කාලේ ඉදලා. (නි)

:       0       0

අශේන් Friday, 28 June 2013 10:22 PM

ඔව්වා ගහන්න අපිට එන්න බැරිද ? (නි)

:       0       0

චමී Monday, 01 July 2013 01:48 PM

ගම්පහ පොලිසිය ගැන කියපු නිසයි මේක කියන්නෙ. රටේ විදුලි අර්බුදයක් තියනවලු. ඒ වුනාට ගම්පහ පොලිසිය පරණ තිබුනු තැන තවම කෑල්ලක් තියනවා. රෑට ගිහින් බලන්නකො දාලා තියන ලයිට් තොගේ. මම බොරුද කියන්නෙ කියලා දැකපු අය දන්නවා ඇති. (දී)

:       0       0

අර්ෂා Sunday, 30 June 2013 06:54 PM

නිල්මිණි, මොකක්ද අනේ පොකෙට් බිලියඩ් කියන්නේ අලුත් සෙල්ලමක් ද ? (අ)

:       0       0

ඉෂාර Thursday, 27 June 2013 04:24 PM

නිකන් ඉන්න වෙලාවට ඉතින්.......... ;) (නි)

:       0       0

නිලූ Friday, 28 June 2013 03:53 PM

පොලිසිය කරන්න ඕන දේවල් නෙමේනේ කරන්නේ. මිනිමරනවා,අරක්කු පෙරනවා ,මාල කඩනවා ,ඇටබෝල ගහනවා මේවා කරලා රජයෙන් පින් පඩියකුත් ගන්නවා.(නදී)

:       0       0

නාලක Thursday, 27 June 2013 10:36 PM

පොලිසිය තියෙන්නේ ඇට බෝල ගහන්නද? නැහැ මම මේ නිකමට වගේ ඇහුවේ... (නදී)

:       0       0

දම් Friday, 28 June 2013 04:00 PM

අල්ලාගෙන එන අපරදකරයන්ට බිලිඔඩ් වලට බැහැල රාළහාමි ගහන බෝල අල්ලන හොද අවස්ථාවක්.තරගයේ උච්චතම අවස්ථාවේදී පොලීසියේ ඉස්සරහ දොරින් පැනලත් ය හැකි වේවි. (අ)

:       0       0

හේරත් Sunday, 30 June 2013 08:20 PM

අනේ පොකෙට් බිලියඩ් ද ? අපේ සීය කැප්ටන් හැමවෙලාවේම කලිසමේ සාක්කුවෙමයි අත්දෙක. (අ)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:31 PM

කමක් නැහැ, නිලධාරීන්ටත් නිදහසක් තියෙන්න ඕනෑ. රාජකාරියත් අවංකවම කරනවා නම් ගොඩක් හොඳයි (දී)

:       0       0

කපිල Thursday, 27 June 2013 04:56 PM

හොද වැඩක් මල්ලවපොර වගේ දෙයක් නම් ගොඩක් හොඳයි (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 28 June 2013 05:04 PM

මෙන්න මෙයාටත් ටිකක් පුරුදු කරන්නකෝ, හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක් හා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් නමුත් සැකකාර උප පොලිස් පරීක්ෂක නොසිටි බව හෙට්ටිපොල පොලිසිය කියයි. (අ)

:       0       0

ගේට් Friday, 28 June 2013 11:57 AM

අයිස් අයිස් බේබි.(නදී)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 05:19 PM

මාරු, පොලිසියට අල්ලගෙන එන අපරාධකාරයන්ටත් මේකෙන් පුහුණු වෙන්න පුළුවන් වෙයි වගේ. (නි)

:       0       0

අංජන Friday, 28 June 2013 12:26 PM

මගේ තාත්තත් පොලිසියේ හිටියේ. ඉස්සර හැම ලොකු පොලිසියකම මේ වගේ බිලියඩ් මේස තිබුණා. පස්සේ ඒවා ගැන අගයක් දන්නේ නැති පොලිස් ප්‍රධානියෝ ඒවා විසිකළා. දැන්වත් අගය දන්නා අය පත්වෙන එක හොඳයි. මානසික පිඩාවට මේවයේ අගය තේරුම්ගන්න ඕනෑ. (නි)

:       0       0

කෙනත් Tuesday, 02 July 2013 02:47 AM

අනේ අපේ පොලොසියට අඩුවට තිබුනේ ඔන්න ඔච්චරයි. ඇයි ජිල් ගහන්න පුහුණු කළා නම් මීට වැඩ ඵලදායී නේද? ජිල් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්නත් පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1126 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site