IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි

(මනෝජ් හර්ෂික)
 
කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන්  කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ කුඹුර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්වී තිබේ.

ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ටී.එච්.ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය මෙම සබන් කැටය නිෂ්පාදනය කර ඇත.

මෙම නව නිපැයුම මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සහ ප්‍රදර්ශන රැසකින් ජය ගැනීමට ඇයට හැකිව තිබේ.
 
ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය ලංකාදීපයට මෙසේ පැවසීය.
 
“මම ජීවත් වන ගාල්ල කරණ්දෙණිය ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ මිනිසුන් වැඩිපුරම ජීවනෝපාය ලෙස කරන්නේ කුරුඳු කර්මාන්තයයි. කුරුඳු තෙල් නිස්සාරණයේ දී ඉවතලන අපජලය පරිසරයට එකතු වීමෙන් ඇතිවන පාරිසරික ගැටලු අවම කරගැනීමේ ක්‍රමයක් පිළිබඳව මම නිතරම කල්පනා කළා. එහි ප්‍රතිඵලයක් විදියට මෙම සබන් කැටය නිෂ්පාදනය කිරීමට හැකිවුණා.
 
මදුරුවන් පළවා හැරීමට, ආයුර්වේද ප්‍රතිකාරවලදී භාවිත කිරීමටත්, විවිධ චර්ම රෝග සඳහාත්, විෂබීජ නාශකයක් ලෙස මෙම සබන් කැටය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සබන් කැටය භාවිතයේදී හා ඉන් පසුවත් ශරීරයට සිසිල් බවක් ලැබෙනවා.

කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අප ජලය, කුරුඳු තෙල් මිලිලීටර එකක ප්‍රමාණයක් හා සාමාන්‍යයෙන් සබන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය මම යොදා ගත්තා. වෙළඳපොළෙහි අලෙවි කිරීමට තිබෙන සාමාන්‍ය කුරුඳු සබන් කැටයක මිලට වඩා බොහෝ අඩු මුදලකට මෙය පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමට පුළුවන්.
 
මෙම නිර්මාණය සඳහා මේ වසරේ මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවේදී ජූරියේ විශේෂතා සම්මානයත් ලංකාවේ පැවැති සහසක් නිවැවුම් ප්‍රදර්ශනය සහ තරඟයේදී සමස්ත ලංකා රිදී පදක්කමත් දිනා ගැනීමටත් මට හැකි වුණා.

මෙම සබන් කැටය නිර්මාණය කිරීමේ දී මගේ පාසලේ විද්‍යාව උගන්වන රමණි ප්‍රියංකා ගුරුතුමිය, මගේ සොහොයුරිය වන ටී.එච්.ශානිකා මධුවන්ති කුමාරසිරි සහ පාසල් මිතුරියක වන එම් .ඒ.ජයනි ලක්මාලී  මට උදවු කළා. සබන් කැටයේ විශේෂතා වැඩිදියුණු කිරීමටත් කුරුඳු නිස්සාරණයෙන් පසු ඉවතලන අපජලය ආශ්‍රයෙන් වෙනත් නිෂ්පාදනයක් කරන්නත් ඉදිරියේ දී මම බලාපොරොත්තු වෙනවා” යැයිද ඇය පැවසුවාය.



අදහස් (21)

කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි

saminda Wednesday, 16 October 2019 10:10 AM

ජයවේවා..!!! දුවට තවත් නව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා...!!! 

:       545       1120

සමන් - ඕමානයWednesday, 16 October 2019 12:36 PM

ඉතාමත් විශිෂ්ඨයි ! දුවේ, මම ඔබට මුළු හදින්ම සුබ පතනවා..! ඔබගේ නිර්මාණ හැකියාව තව තවත් වර්ධනය වේවා..! ඔබගේ අනාගතය දියුණු වේවා..! ඔබගේ නිර්මාණ තුළින් අපේ මව් රටට යහපතක් කළහැකි වේවා..!!! ඔබට ජයෙන් ජය පතමි...

:       304       641

ගුණසේකරThursday, 17 October 2019 04:19 AM

දුවේ ඔබට ජය වේවා! ........................මට පුදුම, මේ වගේ දෙයකටත් (අකමැති) කොමෙන්ටු දාන නරුමයන්, අධමයන් පිරිසකුත් ලංකාවේ සිටීම ගැන. ඔවුන්ගේ කුහක, පහත් මානසිකත්වය මෙයින් පෙනෙනවා. යමෙකුගේ දක්ෂතාවයට ඊර්ෂ්‍යා කරන, රටේ දියුණුවට අකුල් හෙලන, හීනමානය ඇති දීන ගති ඇති පුද්ගලයින් විය යුතුයි.

:       0       187

PerakumThursday, 17 October 2019 06:39 AM

ගුණසේකරට පෙනෙන නරුමයන් අධමයන් අපටනම් පෙනෙන්න නෑ.

:       124       1

ගුණසේකරThursday, 17 October 2019 02:39 PM

පැරකුම්, මම කිව් දේ මොකද්ද කියලවත් ඔබගේ මොලයට යන්නේ නැත්නම්, ඔබත් ඒ ගනයේම නරුමයෙක්, අධමයෙක්. පාසැල් දැරියක් තම උත්සාහයෙන් පර්යේෂණයක් කරන එක, එයින් සාර්ථක ප්‍රතිඵල ගන්න එක අගයන්න බැරි පුද්ගලයා කවුද?, එය අගයන කොමෙන්ට් වලටත් ඩිස්ලයික් කරන (අසතුට ප්‍රකාශ කරන) පුද්ගලයෙකුගේ මානසිකත්වය මොකක්ද? ඒ ඊර්ෂ්‍යාව නෙවෙයිද? අනුන් දියුණුවනවාට ඇති අකැමැත්ත නෙවෙයිද? ද්වේශය නෙවෙයිද? කුහකකම නෙවෙයිද? රටේ තරුණ පරපුර හෙඳ අතට, දියුණුවට යාම ගැන කරන ගැරහීමක් නෙවෙයිද? ඔහු විකෘති මානසිකත්වයක් ඇති, හීනමානයෙන් පෙලෙන නරුමයෙක් නොවෙයිද? සමාජ විරෝධී අධමයෙක් නොවෙයිද? මෝඩ කාලකන්නියෙක් නොවෙයිද? මේ හැර වෙන දෙන්න පුළුවන් පැහැදිලි කිරීම කුමක්ද? මට පුදුම, මේ ප්‍රවෘත්තිය මේ දක්වා බලා ඇති 2415ක් ගෙන්, 500ට වැඩි පිරිසක් (සියයට 20ක් පමණ) මේ දරුවාට කර ඇති සුබපැතුම් වලට ඩිස්ලයික් කළ (අසතුට ප්‍රකාශ කළ) කාලකන්නි නරුමයින් අධමයින් ඉරිසියාකාරයින් බව නිසයි. මොවුන් ටික ඊළඟ ආත්මයේදීත්, දැන් වගේම මිනිසුන්ට වින කරන ප්‍රේතයින්, පිසාචයින්, කුම්භාණ්ඩයින් වෙන බවට නම් නිසැකයි. දැන්වත් සමාජය දිහා සුභවාදීව, සත්පුරුෂ භාවයෙන් බලන්න පුරුදු වෙන්න.

:       4       81

ඒ්පිසි ධර්මපිිය - හික්කඩුවFriday, 25 October 2019 06:22 AM

ඔබට ජයවේවා ! බුදුසරණයි !

:       0       0

Raveendra Wednesday, 16 October 2019 10:46 AM

රත්තරං පුතේ ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා !! අනාගතේ ඔබ උපන් රටට අවංකව වැඩ කරන පුරවැසියකු ලෙස කටයුතු කිරීමට ඔබට හැකිවේවා !!

:       0       319

a.b.srila Wednesday, 16 October 2019 10:52 AM

නුඹ පුතේ වටිනවා වඩා රත්තරං ... ඉපදුනානම් රටක හරිහමන් ...

:       110       690

Ruhunu Wednesday, 16 October 2019 01:06 PM

සොයුරිය ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!!

:       0       182

maheshika Wednesday, 16 October 2019 02:41 PM

ඔබ රටට ආඩම්බරයක්... ඔබේ උත්සාහයන් තවතවත් මල්ඵල ගැන්වේවා...!!!

:       179       224

Kumar (Gulf) Wednesday, 16 October 2019 07:37 PM

නුඹ පුතේ වටිනවා වඩා රත්තරන්... ඉපදුණා නම් රටක හරිහමන්... ඉපදුණු රටේ වරදක් නෑ. යසට තිබුණු රට අවුරුදු 70ක් තිස්සේ කාලා විනාශ කරලා තියෙන්නේ දේශපාලුවෝ...

:       13       48

duleep Thursday, 17 October 2019 01:59 AM

සුබ පැතුම් පුතේ...!

:       42       60

ලසන්ත Thursday, 17 October 2019 04:29 AM

සුභ පැතුම්! පුංචි පුංචි වැඩි දියුණු කිරීම් කලකදී මහ විශාල වෙනසක් සිදුකරයි.

:       32       53

Nuwan Thursday, 17 October 2019 06:21 AM

සුබ පැතුම්! පුංචි දුවේ....

:       29       10

dinuka jayarathna Thursday, 17 October 2019 10:45 AM

ජයවේවා...!!! නුඹට දුවේ හොඳ උත්සාහයක් අරන් තියෙන්නේ...

:       24       6

සෙනෙවි Thursday, 17 October 2019 03:47 PM

දක්ෂ දරුවෙක්

:       0       13

wele Friday, 18 October 2019 05:37 AM

පුංචි නුඹට දැනෙන දෙය , මහා පරිමාණයෙන් පරිසයට වින කටින මහ උන්ට නොදැනෙන්නේ මන්ද. දුවේ ඔබට ජය !

:       0       27

fazal Monday, 21 October 2019 10:38 AM

බොහොම හොඳයි, කරුණාකර පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න.

:       0       2

Kumar Monday, 21 October 2019 06:00 PM

කුරුඳු තෙල් සබන් වලට නම් පිටරවලත් ඉල්ලුමක් තිබෙන්න පුළුවනි. සබන් නිපදවන එක එතරම් ලොකු වැඩක් නොවේ. නමුත් කුරුඳු තෙල් අපද්‍රව්‍ය පාවිචිය අලුත් අදහසක්. මේ අදහස රෙජිස්ටර් කරන කඩිනමින් කලොත් තමා හොඳ. නැතිනම් වෙනත් අය පොහොසත් වෙන්න ඉඩතිබෙනවා.

:       0       9

ගැමුණු Wednesday, 23 October 2019 01:10 AM

මේ වගේ දේවල් කෙරුවොත් කරන්නෙ ගාල්ල මාතර පැත්තෙ ඉපදිච්ච කෙල්ලො කොල්ලො ... මාත් ගාල්ලෙ ඉපදුන නිසා ආඩම්බරයි දුවේ ... ඔබට තෙරුවන් සරණින් තව තවත් නව නිපැයුම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා .. !

:       10       2

NihalWednesday, 23 October 2019 01:52 PM

ගාල්ල, මාතර ඉන්දියාවේ කොටසක් නොවෙයි. පසුගිය කාලයේ චන්ද්‍රිකා ගුවන් ගත කීරීම, ගොවි උපකරණ විශාල ප්‍රමාණයක් ගැනීම, වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇතුළු විශාල ප්‍රමාණයක් සිදුවුණත් එම පළාත් වල අය බෙදුම්වාදීව මෙවැනි ගෝත්‍රිකයන් වගේ කතා කලේ නැත.

:       0       25

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 15 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1998 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site