එරික්සන් සමාගම, මොබිටෙල් ආයතනය හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව සිදුකරන “කනෙක්ට් ටු ලර්න්” අධ්‍යාපනික වැඩසටහන විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් විවෘත විය.
එය අර්ත් ඉන්ස්ටිටියුට්, එරික්සන් සහ මිලේනියම් ප්‍රොමිස් යන පාර්ශ්ව එක්වී නිර්මාණය කර ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගනිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත විසිඑක් වන සියවසේ දියුණු අධ්‍යාපන පහසුකම්වලට සමීප කරවීම මෙහි අරමුණ බව වැඩසටහනේ කළමණාකාරීත්වය කියයි. මේ යටතේ බදුල්ල විවෘත විශ්ව විද්‍යාලයේ භාවිතා කෙරෙන තාක්ෂණය උපයෝගී කරගනිමින් ගැහැනු දරුවන්ට සහ ගුරුවරුන්ට නව සහස්‍රයේ අධ්‍යාපන උපාංග හා සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
ලොව පුරා විසිරී ඇති පාසල් සමග සම්බන්ධ වී සහයෝගී අධ්‍යාපනය, අන්තර් සංස්කෘතික අවබෝධතාව සහ ලෝක මට්ටමේ දැනුම ආදිය ලබාගැනීමේ හැකියාව පවතී. අධ්‍යාපනයේ දියුණුව සඳහා තාක්ෂණය භාවිතා කිරීම මෙහි පාර්ශවකරුවන්ට ඇති පොදු අරමුණක් බව කළමණාකාරීත්වය පවසයි.
වර්තමාන රජය තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයක් සදහා පවතින ක්‍රමය නැවත සකස් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් එමගින් රටේ තාරුණ්‍යය 21 වන සියවස සදහා සුදානම් කරන බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
“රටේ වග කිවයුතු ආයතන හැටියට ක්‍රියාකරමින් ජාතිය ගොඩනැගීමේ මෙවන් කාර්යකට සම්බන්ධවීම ගැන මම මෙම ආයතනවලට සුබ පතනවා. අපගේ දැක්ම ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන්ගේ ජිවන මාර්ග ධනවත් කිරීමයි.රටේ පවතින ඩිජිටල් පරතරය අඩු කළ යුතුයි. ඒ සදහා විවිධ හදුන්වාදීම් සහ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නුතන තාක්ෂණය පහළම මට්ටමේ සිට සිටින අයට ලබාදීම අප කටයුතු කරනවා. අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය හා සමානාත්මතාවය රටේ සිටින සෑම ජන කොටසකටම අයිති දෙයක්.මෙම වැඩසටහන විකල්පයකින් තොරව රැකියා අවස්ථා ලබා දෙන අතර ගැහැණු දරුවන් සවිබල ගැන්වීමෙන් අපිට ජාතිය ද සවිබල ගැන්වීමට හැකියි“යැයි ඒ මහතා කීවේය.
-042
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කනෙක්ට් ටු ලර්න් අධ්‍යාපනික වැඩසටහන බදුල්ලේදී
Abdul Shakoor Thursday, 16 March 2017 06:37 AM
ගූඩ් වොර්ක්
Rasika Monday, 20 March 2017 12:18 AM
හොදයි හොද වැඩක්.