IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ තීරණයෙන් ලොකු ළූණු මිල ඉහළට

(විනීතා එම් ගමගේ)
     
ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්‍රී ලංකාවට ලොකු ළූණු ආනයනය කළ බවත්, පවතින කොරෝනා වයිරසය පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් මේ වනවිට රටවල් ගණනාවකින් ළූණු ආනයනය නවතා ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
 
මේ හේතුවෙන්,  වෙළඳපොලේ ලොකු ළූණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින අතර, අද (16) වනවිට ලොකු ළූණු කිලෝව රුපියල් 280 ඉක්මවා ඉහළ ගොස් තිබිණි.
 
ඉන්දියාව පැනවූ ළූණු අපනයන තහනම මේ වනතුරු ඉවත් නොකිරීමත් අනෙක් රටවලින් ළූණු ආනයනය අත්හිටුවා තිබීමත් හේතුවෙන් මෙසේ මිල ඉහළ යමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
 
බොහෝ රටවලින් ළූණු ආනයනය කිරීමට දින 45කට ආසන්න කාලයක් ගතවන බව කී ඔහු එය ද පවතින ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි ප‍්‍රශ්නයක් යැයි කීය.
 
කෙසේ වෙතත් මේ වනවිටත් පකිස්ථානයෙන් ළූණු ආනයනය කරන බව කී එම ප‍්‍රකාශකයා ඉන්දියාවේ මේ වනවිට ළූණු අස්වනු වෙළඳපොළට එමින් ඇති බැවින් පනවා ඇති අපනයන තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
 
මේ වනවිට ඉන්දියාවේ ළූණු මිල අඩු වෙමින් ඇතැයි පැවසූ ඔහු තවදුරටත් අඩුවනවිට අපනයනයට අවසර ලැබෙනු ඇති බවත් ඉදිරි සතියේ එම තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.   
 



අදහස් (7)

ඉන්දියාවේ තීරණයෙන් ලොකු ළූණු මිල ඉහළට

Pradeep Sunday, 16 February 2020 01:38 PM

කොහෙවත් රටවල් වල මිල අඩුවෙනකල් බලා ඉන්න ඕන නෑ, අපේ රටේ ළූණු වවන්න පුළුවන් රටටම ඇති වෙන්න. නමුත් එකට නිසි ක්‍රම වේදයක් හදන්න ඕන. විශේෂයෙන්ම හොද ප්‍රභේද වල බීජ නිෂ්පාදනය කරන්න ඕන. අපේ රටේ පවතින බීජ මාෆියාව හින්ද ගොවියන් අමාරුවේ වැටෙනවා. මිල මුදල් ඇති අය කීපදෙනෙක් එකතුවෙලා ඉන්දියාවටම ගොස් බීජ රැගෙන ඒමට පුරුදුව සිටිනවා. එහෙම බැරි අහිංසක බහුතරයක් ගොවීන්ට සිදුවන්නේ "මුදලාලි" ලා ගෙන් කලවම් කරන ලද බීජ මිලදී ගැනීමටයි. රජයේ නිසි මැදිහත් වීමක් තිබෙනවානම් බීජ අපේ රටේම නිපදවා ගන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යංශයක් තිබුනට එකෙන් කරන්නේ විශාල ගොඩනැගිලි වලට නිකරුනේ කුලී ගෙවන එක විතරනේ..

:       0       433

lalithm Monday, 17 February 2020 03:09 AM

වගාවලට සම්බන්ධ කිසිම රාජ්‍ය ආයතනයක් වගාකරුවන්ට උදව් දෙන්නේ නැහැ. කෘෂිකර්මය, පොල් වගාකිරීමේ මණ්ඩලය, රබර් පාලන දෙපාර්තමේන්තුව යනාදී ආයතන. වගාවලට වැළඳෙන ලෙඩ ගැන මේවයේ ඉන්න නිලධාරීන් දක්වන කුසීත කමෙන් තේරෙන්නේ ඔවුන් දැනුවත් නැති බව සහ උනන්දුවක් නැති බව.

:       0       151

කරුණාපාල Monday, 17 February 2020 05:07 AM

දැන් සැපද ?

:       24       52

ranjith Monday, 17 February 2020 05:16 AM

ගොවියා සුරා කන්න අතරමැදියන්ට එදා දීලා තියෙන්නේ මේක මහා අපරාධයක්.

:       13       20

de silva Monday, 17 February 2020 08:31 AM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නී ලංකාවේ තිබෙන දෙපාර්තමේන්තු වලින් දුර්වලම එකක්, එහි සේවකයන්ගෙන් 80% කරන්නේ වැටුප් ලබමින් නිකන්ම කාලය ගතකිරීම.

:       0       34

Badapissa Wednesday, 19 February 2020 11:17 AM

කලින් තිබුනේ නම් හරි අඩුවට........

:       5       120

සදුන්Wednesday, 26 February 2020 05:01 AM

ඔව්.. කිලෝ 3 ම 280 ට

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1984 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 647 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site