IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇණවුම් නැති නිසා කුකුළු පැටවු පස් යටට

(බිඟුන් මේනක ගමගේ)  

හෝටල් කර්මාන්තයේ කඩාවැටීමෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද ඉල්ලුමේ පහළ වැටීම නිසා කුකුළු පැටවුන් 40% ක් පමණ මරා වළදමන්නට සිදුව ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.  

ඇණවුම් නොමැති පරිසරයක කුකුළු පැටවුන් නඩත්තු කිරීමට අමතර පිරිවැයක් දරන්නට සිදුවන්නේ යැයි ද ඊට එකම විකල්පය පැටවුන් මරා වළදැමීම පමණකැයි ද ගුණසේකර මහතා කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හෝටල්වලින් කුකුළු ව්‍යාපාරිකයන්ට තිබූ ඇණවුම්වලින් 50% ක් පමණ ක්ෂණිකව අවලංගු වී යැයි ද මේ නිසා මස්, බිත්තර හා කුකුළු ආහාර සැපයුම්කරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුධයකට පත්ව ඇතැයි ද ගුණසේකර මහතා අවධාරණය කළේය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේදී කුකුළු මස් අස්වැන්න ලබාගත් ව්‍යාපාරිකයන් දෙවැනි අස්වැන්න ලබාගැනීමට සැලසුම් කර තිබුණේ මැයි මාසයේ මුලදී යැයි කී හෙතෙම හෝටල් ඇණවුම් අවලංගු වීම නිසා දෙවැනි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද පැවසීය.

දැනට ලංකාවට කුකුළු මස් විදේශයන්ගෙන් ආනයනය නොකරන්නේ යැයි ද මෙම තත්ත්වයට විසඳුමක් නොමැති වුවහොත් අගෝස්තු මාසය වනවිට කුකුළු මස් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.



අදහස් (32)

ඇණවුම් නැති නිසා කුකුළු පැටවු පස් යටට

උදය Thursday, 09 May 2019 03:40 PM

අස්වැන්න?? දින 48 න් මරණ කුකුළු පැටියට කොහොමත් එකයි.

:       4       225

Prabavi disasekara Thursday, 09 May 2019 08:50 PM

ඉස්සර දුටුගැමුණු වැනි ශ්‍රේෂ්ට නායකයින් සත්ව ඝාතනය වලක්වලා මාඝත කියන නීතිය පනවලා තිබ්බ රටක් මේක. නමුත් දැන් සතුන්ගේ ජිවිතයක් කියන එක නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි. මේ සතුන්ව මරන්නේ පණ පිටින්ම වලදාලා. ඉන්න දවස් ටිකත් විඳින්නේ මිහිපිට අපා දුකමයි. මේ ධර්මද්වීපයේ සතුන්ට වෙන මේ වගෙ අසාධාරණයන්ට දැන්වත් බෞද්ධයින් පෙළ ගැසිය යුතුයි.

:       37       1743

jayaFriday, 10 May 2019 05:30 AM

බයිලා කියන්න එපා. ඔයා මස් කන්නේ නැද්ද ? ඇත්ත කියන්න. මේ මිනිස්සු ණය වෙලා ව්‍යාපාර කරන්නේ. මිනිස්සු ගොඩක් රස්සා කරනවා ඒ අය දැන් මොකද කරන්නේ?

:       1123       121

sanaFriday, 10 May 2019 09:55 AM

බයිලා කියන්න එපා. ඔයා පිහි පාවිච්චි කරන්නෙ නැද්ද? ඇත්ත කියන්න. ඒ මිනිස්සු ණය වෙලා කඩු, පිහි, කිනිසි ගන්නේ. මිනිස්සු ගොඩක් රස්සා කරන්නේ කඩු, පිහි , කිනිසි හදලා. ඒ නිසා ඒවා අල්ලන්න එපා, එතකොට මිනිස්සු කඩු, පිහි , කිනිසි හදන්නේ නෑ.

:       257       263

jayaSaturday, 11 May 2019 06:11 AM

සනා වෙත, ප්‍රශ්නය පටලවා ගන්න එපා. රටේ ඇවිදලා බලන්න සිංහල අය කී දෙනෙක් බිත්තර, මස්වලට කුකුල්ලු ඇති කරනවද කියලා. දැන් ආර්ථිකේ වැටුණාම ඔක්කෝටම එ්ක බලපානවා. පඩියක් ගන්න ඔයාගේ ජොබ් එකත් විශ්වාස නැති වෙන්න පුළුවන්...

:       243       43

Jayasiri Thursday, 09 May 2019 08:58 PM

මිනිස්සුන්ගේ මස් වලට තියෙන කෑදරකම නිසාමයි මේ සත්තු මෙච්චර මැරෙන්නේ. එක්කෙනෙක් මස්කන එක නැවත්තුවට සත්තු මැරෙන එක නවතින්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවනං මතක තියාගන්න පහු ගිය වසරේ ඇමරිකාවේ සතුන් මැරීම බිලියන 14කින් අඩු වෙලා තියෙන්නේ ඒ එක එක නිර් මාංශිකයන් එකතුවෙලා ගොඩ නැගෙන නිර්මාංශික ප්‍රජාව නිසා බව.

:       5       535

MohommedFriday, 10 May 2019 03:39 AM

මේ වගේ සත්තු මවලා තියෙන්නේ මිනිසාගේ පරිබෝජනය සඳහාය.

:       829       137

Ruhunu Friday, 10 May 2019 07:01 AM

එහෙමනම් ඇයි ඔබතුමාලා ඌරු මස් කන්නේ නැත්තේ? මොකද ඌරන් මවලා තියෙන්නේ මිනිසුන්ට කන්න තමයි.

:       116       618

hiraFriday, 10 May 2019 07:16 AM

මොහොමඩ්, ඔය දෙවියා මොනවගේද? හැඩරුව පොඩ්ඩක් විස්තර කරන්නකෝ...

:       35       806

DilanFriday, 10 May 2019 08:09 AM

මැවුම් වාදය පිළිගන්නා තාර්කික නොවන දේවල් විශ්වාස කරන අය සමග සංවාද කිරීම නිෂ්ඵල දෙයකි.

:       48       421

samanMonday, 13 May 2019 09:39 AM

එතකොට අපිව මවල තියෙන්නේ කොටි, කිඹුල් වැනි සතුන්ගේ පරිබෝජනයටද?

:       0       94

Alex Thursday, 09 May 2019 09:05 PM

සත්ව හිංසනය මර්දනය කිරීමට සත්වමිත්‍ර සංවිධාන වල අධික්ෂණය යටතේ මානුෂිය ගොවිපොළවල් සංකල්පය ලංකාවේ දියත් කල යුතුයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල එය ක්‍රියාත්මක වන අතර එරට ප්‍රජාව මිලට ගන්නේ එලෙස මානුෂිය ලෙස පවත්වාගෙන යන ෆාම්වල අස්වැන්න පමණි. මස් කන එක නවත්තගන්නම බැරි නම් එහෙමවත් දෙයක් ඇති කර ඒ සතුන්ගේ දුක ටිකකින් හෝ අඩු කල යුතු නොවේද?

:       128       516

diasSaturday, 11 May 2019 10:53 AM

ගවයින්, කුකුලන්, ඌරන්, බැටළුවන් ඇති කරන ගොවිපලවල් අවසානයේදී සතුන් මරා මස් කර වෙළඳාම් කරන අතර, ඒවායේ "මානුෂිය ගොවිපොළවල්" කියා දෙයක් නැහැ. උදාහරණයක් ලෙස කිරි ගැනීම සඳහා ගවයින් ඇති කරන ගොවිපල වල, පිරිමි වසුපැටියන් මරා එම මස් වෙනම "veal " කියා විකුණයි. මිනිස් පරිභෝජනය සඳහා වන සත්ව ඝාතනය වැළක්විය හැක්කේ පාරිභෝගිකයාට පමණයි. තමන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පරිප්පු, කඩල, සෝයා වැනි දෙයකින් ලබා ගත හැකිනම්, මස් සඳහා වන ඉල්ලුම අඩු කළ ගත හැකිය. මා මෙය අත් දැකීමෙන් සඳහන් කරන අතර, මෙය කිරීමට අපහසු දෙයක් නොවේ.

:       2       122

nandanaSaturday, 11 May 2019 01:59 PM

මානුෂීය ගොවිපොළවල් සංකල්පය යට‍තේ සිදුවන්නේ ගොවිපලේ සිටින සතුන්ට එළිමහනේ නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම, ස්වභාවික අහාර ලබා දීම, ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකිරීම වැනි දේයි. නමුත්, අවසානයේදී ඒ සතුන් මරා මස් කොට වෙළඳාම් කිරීම සිදුවෙයි. බොහෝ විට මානුෂීය ගොවිපොළවල් වල නිපදවූ මස් වර්ග සාමාන්‍ය මස්වලට වඩා මිලෙන් වැඩි වන අතර, අද "මානුෂීය ගොවිපොළවල්" සංකල්පය සත්ව කරුණාවට වඩා වෙළඳ උපක්‍රමයක් ලෙස භාවිතා වෙන බවයි මගේ අදහස....

:       0       0

hemantha Friday, 10 May 2019 01:59 AM

ඕක දෙවියන්ගේ කැමැත්ත, එක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ.

:       277       149

hiraFriday, 10 May 2019 11:50 AM

ඔබගේ දෙවියන්ට මාර අසාවල්නේ තියෙන්නේ. ප්‍රශ්න කිහිපයක් තියෙනවා හේමන්තගේ අවදානයට. 01. ඔබගේ දෙවියන්ගේ හැඩරුව මොනවගේද? ඔබගේ දෙවියන් ජනතාව ඉදිරියේ පෙනී නොසිටින්නේ මන්ද? දෙවියන් මැව්වේ ලෝකය පමණක්ද? ඒ කවදද? දැනට මේ ටිකට කියන්නකෝ...

:       132       803

diasSaturday, 11 May 2019 10:27 AM

දේවස්ථාන තුළ මිනිසුන් පුපුරා යන්නෙත් දෙවියන්ගේ කැමැත්තෙන්ද?

:       73       1278

lalithm Friday, 10 May 2019 03:13 AM

අපනයනය කරන්න බැරි ඇයි? ආනයනයම හොයන්නේ සාක්කුවට සල්ලි දාගන්නද? රටට සල්ලි ඕන වෙලාවේ පොඩ්ඩක් වත් ට්‍රයි කරන්න කියල ආණ්ඩුවට බල කරන්න බැරි නම් ඔය තනතුරෙන් ඉවත් වෙලා යනවා හොඳ නේද? ටිකක් ධනාත්මකව හිතන්න බොස් . රැකියා බිහි කරන්න. වනසන්න එපා.

:       37       354

Roitha Friday, 10 May 2019 01:32 PM

විකුණගන්න බැරි වුණාට නිට්ටඹුවේ පොළ ළඟ තියෙනවා කුකුළු මස් කඩයක්... කුකුළු මස් කිලෝ එකක් රුපියල් පන්සීයයි.

:       1       34

kule Saturday, 11 May 2019 09:40 AM

කුකුල් පැටියා දවසින් හෝ දවස් 48 හෝ මාස 3 හෝ මරනවා. ඊට වඩා හොද නැද්ද වනෝද්යා්නයකට මුදා හැරියානම් ලක්ෂයකට එකෙකුට හරි ජීවිත දානය ලැබෙනවා.

:       0       0

nihal Saturday, 11 May 2019 09:43 AM

අප්‍රේල් 22 හවස්වෙනකොට සිංහල දෙමල ජාතියට වෙන්න තිබුනෙත් ඕක.

:       0       0

jerry Saturday, 11 May 2019 01:33 PM

මට නම් දුකයි මේ සත්තුන්ට කරන අපරාධයට...

:       0       48

ච්ච්ර්ිස Sunday, 12 May 2019 04:51 AM

දැන් මස් ආනයනය කරන්න ලෑස්ති වෙන්නේ, බඩ ඉරිඟු වලින් ගහපු ගැහිල්ලෙ රස හොඳට දැනෙන හින්දද කොහෙද?

:       27       63

Kamila Sunday, 12 May 2019 04:54 AM

වතුර උණු කර බීමෙන් එහි සිටින මිලියන ගණන් ජීවීන්ගේ මරණය සිදුවෙනවා. මිනිස්සු මාංශ භක්ෂක බව නොරහසකි.

:       448       28

anura dubai Sunday, 12 May 2019 02:54 PM

අර පැටවුන්ගේ මුහුණ බලාගෙන මට නම් මරාගෙන කන්න බැහැ. නමුත් යහළුවන් මරා තම්බගෙන කාපු මස් චූටි කෑල්ලක් රස බැලුවා කෑවා...

:       21       1

janatha anura Sunday, 12 May 2019 02:56 PM

ගුණසේකර නුඹ සතර අපා ගත වෙනවාමයි..

:       4       111

mendisSunday, 12 May 2019 08:39 PM

කොහෙද බං ගුණසේකර ඉන්නේ?

:       0       0

Shiva Sunday, 12 May 2019 05:36 PM

වතුර එළවලු එහෙම තම්බනකොටත් ක්ෂුද්‍ර ජිවින් මැරෙනවානේ. ඒ නිසා සත්තුත් මරාගෙන කැවට කමක් නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදියි. හේතුව ක්ෂුද්‍ර ජිවින් කියන්නේ ස්නායු පද්දතියක් නැති ජීවින් කොටසක්. ඒ නිසා ඒගොල්ලන්ට මරණ බය වේදනාව ආදරය විරහව මවු පිය සෙනෙහස වගේ සංකීර්ණ දේවල් දැනෙන්න නැහැ. ඒත් මාලු කුකුලෝ වගේ සතුන්ට මිනිසාට වගේම ස්නායු පද්දතියක් තියෙනවා. මරණ බය අම්ම තාත්ත වැනි චරිත කෙරෙහි බැදීම හොදින් දැනෙනවා. ඒගොල්ලන්ගෙන් වෙන් වෙනකොට ඇතිවෙන වේදනාව අපිට වගේම ඒගොල්ලන්ටත් දැනෙනවා. එළවලු කාලා විතරක් මිනිසාට ජිවත් වෙන්න බැරි නං තව මස් කෑවට කමක් නැ. නමුත් ඒක එහෙම නොවෙද්දී අසරණ සතුන්ට දුකක් දෙන්න ඕනේ ඇයි අපි? ලෝකේ නිර්මාංශ ප්‍රතිශතය දිනෙන් දිනම වැඩි වෙනවා. ඒ ගැන දැන් ලොකු පිබිදීමක් තියෙනවා. මස් මාලු පෝෂණ ඌනතා සපුරගන්න අත්‍යවශ්‍යමයි කියන්නේ මිත්‍යාවක් බව විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නේ. කිරි, බිත්තර, සෝයා, හතුවර්ග, දඹල, මුං, කව්පි වැනි ධාන්‍ය හොඳටම ප්‍රමාණවත් බවට නිරෝගී නිර්මංශිකයන් බිලියන ගණනක් හොඳම උදාහරණයක් සපයනවා

:       9       69

sampath Monday, 13 May 2019 10:08 AM

මස් පිණිස සතුන් වෙළඳාම බෞද්ධ දර්ශනයෙන් ප්‍රතික්ෂේප කරපු වෙළදාමක්. අනෙක් අතට මේ සත්ව පාලනයට යන වියදම ඉතා වැඩියි වගේම මාංශ ආහාරයට ගන්න අයට ලෙඩ රෝගත් බොහොමයක් වැඩියි. ප්‍රාණග‍ාතය නොකළ යතු බව සෑම ආගමකම උගන්වනවා. ඇතැම් අය එය වාසියට හරවාගෙන වෙනස් වෙනස් අර්ථකතන දෙන්න උත්සාහ කරනවා.

:       1       59

Rohana Tuesday, 14 May 2019 06:46 AM

මස් කෑම හෝ නොකෑම විවාදත්මකයි. ඒ නිසා මේකට නිශ්චිත පිළිතුරක් දෙන්න අමරුයි. සත්ව ඝාතනය හොඳ නැහැ කිව්වත් එසේ කියන අය මස් අනුභව කරනවා. කිසම මසක් අනුභව නොකරන අය සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක්.

:       0       1

UD Tuesday, 14 May 2019 12:25 PM

ප්‍රාණඝාතයේ විපාකය දරුණුයි.. ප්‍රාණඝාතයෙන් වැළකීමමයි... උතුම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!

:       0       0

Sana 2 Wednesday, 15 May 2019 05:15 AM

නිකන් ඌරෙක් වගේ... ඒකයි කන්නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 785 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site