IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආර්ථිකය නඟා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
 
පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් පිළියම් යොදමින් වහා ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 ගෝලීය වසංගතයට ඉදිරිකාලයේදී රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවට දැඩි බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වාදෙයි.
 
මේ හේතුවෙන් ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මුදල් මණ්ඩලය ඊයේ (16) රැස් වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ.

මාර්තු මස 27 වැනිදා හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් රුපියල් බිලියන 27.5ක් ලබා දී ඇත. නව තීරණ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1කට සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙයි.
 
 එම පහසුකම දේශීය ව්‍යාපාර රැසකට ලැබෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු එම මුදල සියයට සියයට 4ක පොලී අනුපාතිකයකට ව්‍යාපාරවලට ලබාදෙනු ඇත.
 
මෙම යෝජනා ක්‍රමය සහ සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර කලින් කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබාගැනීම සඳහා අරමුදල් සපයන බව ද එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුනාවන දෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් නිකුත් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

055



අදහස් (18)

ආර්ථිකය නඟා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

rana Wednesday, 17 June 2020 09:31 AM

"රජය නිකුත් කරන ඇපකරයක් මත" ලංකා පුත්‍ර බැංකුවේ කාසි වගේද?

:       434       137

ධනා Wednesday, 17 June 2020 09:34 AM

ජනාධිපතිතුමාගෙන් කන පුරා දෙකක් අහගන්න වුණානේ... ඔය ටික කරන්න.

:       1       135

dumindaWednesday, 17 June 2020 10:45 AM

මේකට දෙකක් පටලවාගන්න එපා...

:       53       3

Buddhika P Wednesday, 17 June 2020 09:34 AM

ප්‍රබලම තීරණයක් තමයි, ද්‍රවශීලතා අනුපාත අඩු කිරීම. මේක ඉතාම, අවදානම් තීරණයක්... මේ තීරණේ විදේශ ආයෝජකයින්ට ඉතාම අහිතකර ලෙස රට ගැන වැරදි චිත්‍රයක් ඇති කරවනවා. කලකට පෙර තිබුණු, 11% - 10% මට්ටමේ ඉඳලා තමයි මේ 2% බස්සලා තියෙන්නේ. මේ වගේ දේවල් සඵල විදියට කරන්න පුළුවන්.., ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වගේ විශාල ආර්ථිකයක් ඇති රටවලට විතරයි. ඉන්දියාවේ මේ අනුපාතේ 18%ක් වෙනවා. මේ මොනවා කෙරුවත් ආර්ථිකයට ගලායන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන භාගයක මුදලක් විතරයි. අපේ ජාතික ආදායම ඩොලර් බිලියන 90 - 100ක් විතර වෙනවා. ලංකාවේ බැංකු 30ක් විතර තියෙනවා, ෆිනෑන්ස් කොම්පැනි 50ක් විතර තියෙනවා... ගොඩ ෆිනෑන්ස් කොම්පැනි දෙතුන් සීයක් තියෙනවා. සාමාන්‍ය ඉතුරුම් මට්ටම පහළ බහිනවා. බැංකු ටිකේ බෝනස් ගෙවල් ඉවර වුණාම ඕක ඉවරයි. අනික අපි නවත්තන එක ඉම්පෝර්ට් බඩුවකටම, අපේ එක්ස්පෝර්ට් බඩුවක් රටඅය නවත්තනවා. රිටර්න් එක දෙනවා. ආර්ථිකේ අපේ වුණාට රිමොර්ට් එක තියෙන්නේ, පිට උන් අතේ. විනිමය අනුපාත නිදහස් කරලා, අපනයන දිරිමත් කිරීම විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැලස්තර නැතුව හොඳම දේ තමයි, ඇත්ත කියලා, ආර්ථික අවපාතේ මිනිස්සුන්ට දැනෙන්න අරින එක අවුරුදු 5කට...

:       609       438

liyanage Thursday, 18 June 2020 12:37 AM

ඉදිරි මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගයේ සජිත් සහ ඔහුගේ කණ්ඩායමට ගෝඨාභය සමග එක්ව රජයක් කිරීමට අවස්ථාවක් දී අප පසෙකට වී බලා සිටිමු. දෙදෙනා එක්ව ආර්ථිකය ගොඩගැනීමට අවස්ථාවක් දෙමු. සජිත් අගමැති වූ පසු දුප්පත්කම ලංකාවෙන් තුරන් කරන බව කියාසිටින නිසා ඔහුට අවස්ථාවක් දී ඔහු කියනදේ දේ ක්‍රියාවෙන් කල හැකිද කියා විමසිලිමත්ව සිටිමු.

:       34       0

Asanka Wednesday, 17 June 2020 10:08 AM

හොඳ බැනුම් ටිකක් අහගත්තාම හදිසියේ නින්දෙන් නැගිටලා ණය දෙනවා. කණට දෙකක් දුන්නා නම් මොනවා නොදෙයිද?

:       3       126

මෝ Wednesday, 17 June 2020 10:22 AM

මහ බැංකුව ගැන මුලු රටම ලැජ්ජා විය යුතුයි. කොරෝනාව ආ විගස සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් ඊට මුහුණ දෙන්න වැඩ කටයුතු කළා. හමුදාව පොලීසිය ඒ වැඩේට අවශ්‍ය සහයෝගය දුන්නා. ජනාධිපති ඇතුලු කාර්ය සාධක මණ්ඩලේ ජනතාව නිරතුරුවම දැනුවත් කළා. ඒ අතරතුර ඇත්තටම මහ බැංකුව කිසි දෙයක් නොකර නිවාඩු ගියා. අපි දැක්කේ නෑ ඔවුන්ගේ කිසිම වාර්තාවක් හෝ වැඩපිලිවෙලක් මේ ව්‍යසනයට මුහුණදෙන්න ලෑස්තිවෙලා කරපු.... ඒ අතින් ජනාධිපතිතුමා හරියටම හරි. එතුමා නොහිටින්න අහිංසක නැතිබැරි ජනතාව තවත් අනතුරේ. ලෝකෙ අනිත් රටවල මහබැංකුව හා එවැනි ආයතන මේ ව්‍යවසනයට පියවර ගත්තේ කොරෝනා පටන් ගන්නවා එක්කමයි. කුඩා සහ මධ්‍යම ව්‍යාපාරවලට ණය දුන්නේ මාස ගාණකට ඉස්සර. ඒ වගේම රැකියා සුරක්ෂිත කරන්නත් ඒවට ණය දුන්නා. ඒත් ලංකාවේ එහෙම කරන්න ගත්තේ අද ඒකත් ජනාධිපතිතුමාගෙන් අම්බානක අහගත්තාට පස්සේ... බලන්න මේ උගතුන් කියන මිනිස්සු රටේ ජනතාවගේ මුදලින් මෙලෝ දෙයක් නොකර සැපවිඳින හැටි. රජයේ හැම නිලධාරියෙක්ම තම වගකීම ඉටු කළොත් මේ අවධානමෙන් ගොඩ ඒම අමාරු නෑ.

:       455       460

jayaWednesday, 17 June 2020 11:17 AM

ලංකාවේ බැංකු 30ක් විතර තියෙනවා, ෆිනෑන්ස් කොම්පැනි 50ක් විතර තියෙනවා.. ගොඩ ෆිනෑන්ස් කොම්පැනි දෙතුන් සීයක් තියෙනවා. ඔන්න ඕකයි හේතුව..

:       0       3

Nanda Wednesday, 17 June 2020 10:25 AM

හොඳ මුලපිරීමක්...

:       0       14

ලුම්බිණි Wednesday, 17 June 2020 11:07 AM

දැන්ද මතක් වුනේ?

:       5       90

pradeepa Wednesday, 17 June 2020 11:13 AM

මහ බැංකුව බාරව ඉන්න ඇමැතිතුමාටත් ඇහෙන්න තමයි ජනාධිපතිතුමා දොස් කිව්වේ... අපේ සර් එක්ක සෙල්ලම් බැහැ.

:       0       217

සෑම් Wednesday, 17 June 2020 12:42 PM

මොලයක් ඇති නායකයෙක් රටේ ඇත්තට වෙන දේ අමතක කර නිලධාරීන්ගේ ඇඟට කඩා පනින්නේ නැත. බැංකු නිලධාරීන්ට කළ හැකි දේ සීමා සහිතයි. අතීතයේ පටන් සිටි මහාපරිමාණ බැංකු මංකොල්ල කරුවන් සහ රටේ ජාතික ධනය වීවිධ අයුරින් කොල්ල කාපු පාහරයින් රජ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ විවාහ මංගල උත්සවවලට පවා සහභාගි වෙන පවුලේ ළඟම හිතවතුන්... ඔය ලොක්කා දඟලන්නේ නිලධාරීන්ට තග දාලා ඡන්දෙ වැඩට තමුන්ගේ හිතවත් මජර ව්‍යාපාරිකයින්ට බැංකු සතු මුදල් නිදහස් කරවා ගැනීමයි. රටේ ආර්ථිකයේ අවසානය වැඩි ඈතක නැත.

:       870       528

ඩිලාන් Wednesday, 17 June 2020 02:43 PM

ආ මේ සැම් අන්කල්නේ, රටේම මිනිස්සු හොඳක් දකින, හොඳක් වෙන දේකට හොඳයි කියන්න කට ඇරෙන්නේ නැහැ නේද? "රතු තරුවෙන්" නේද උපන්නේ?

:       121       245

RohanaThursday, 18 June 2020 06:48 AM

නිලධාරීන්ට බැනලා හරි තමන්ගේ මැතිවරණ ගමන සාර්ථක කරගන්න එපායැ නේද?

:       26       0

de silva Wednesday, 17 June 2020 02:13 PM

හොඳ තීරණයක්...

:       14       5

Rohana Thursday, 18 June 2020 03:14 AM

කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කර නිෂ්පාදන හා රැකියා අවස්ථා සුලභ කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් විශාල ප්‍රමාණයක ප්‍රතිමූල්‍ය ණය උද්ධමනාත්මක බලපෑමක් ඇතිවිය හැකි අතර ව්‍යවස්ථාපිත සංචිතය පහළ දැමීමෙන් බැංකුවල ණය මැවීමී හැකියාව ඉහල ගොස් එමගින්ද උද්ධමනාත්මක බලපෑම් ඇතිකරයි. මෙය මනාලෙස කලමනාකරණය නොකළොත් අනාගතයේ බඩුමිල ඉහල යාමේ ප්‍රවනතාවක් මතුවීමට ඉඩඇත.

:       0       0

athula Thursday, 18 June 2020 04:33 AM

එක්තරා ෆිනෑන්ස් ආයතනයක් එකපාරටම වහලා දැම්මේ පසුව මංකොල්ල කන්න නේද? එහෙනම් රට හදාවි. රටේ මිනිස්සුන්ගේ ධනය මංකොල්ල කන්න ඡන්දෙ දුන්නේ නැහැ..

:       0       1

BamunuarachchiFriday, 19 June 2020 12:21 PM

මොකක්ද ඒ ෆිනෑන්ස් ආයතනය? දැන් අපි කතාකරන ෆිනෑන්ස් ආයතනය වහන තත්වයට ආවේ දැනට අවුරුදු ගණනාවකට පෙර...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 25 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2013 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site